දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපව යළි පාරට බස්සන්න එපා… පාස්කු ප්‍රහාරයේ 6වැනි සංවත්සරයට කලින් සාධාරණ පණිවිඩයක් දෙන්න… කාදිනල් හිමියෝ මුල් වරට ජනපතිට දන්වති!
Homeප්‍රවෘත්ති

අපව යළි පාරට බස්සන්න එපා… පාස්කු ප්‍රහාරයේ 6වැනි සංවත්සරයට කලින් සාධාරණ පණිවිඩයක් දෙන්න… කාදිනල් හිමියෝ මුල් වරට ජනපතිට දන්වති!

PropellerAds

NPP ය දේශපාලන ජයග්‍රහණයේ සුරාන්ත වින්දනය නිමා කළ යුතු බවට කෙරෙන පළමු ප්‍රබල අනතුරු ඇඟවීම නිකුත් වෙයි! මැතිවරණයට පෙර ජනාධිපතිවරයා විසින් ක...

සමරිසි වීඩියෝවේ සුලමුල හෙලිවුණා.. ජනපතිට සිය දහස් වතාවක් ස්තුතියි - කාවින්ද
අමරවීර විහිළු සපයයි - ලයිට් බිල තරු පෙන්වයි !
අමරවීර විහිළු සපයයි - ලයිට් බිල තරු පෙන්වයි !
NPP ය දේශපාලන ජයග්‍රහණයේ සුරාන්ත වින්දනය නිමා කළ යුතු බවට කෙරෙන පළමු ප්‍රබල අනතුරු ඇඟවීම නිකුත් වෙයි!
මැතිවරණයට පෙර ජනාධිපතිවරයා විසින් කටුවාපිටිය පල්ලියට පැමිණ ලබා දුන් පොරොන්දුව හැකි ඉක්මනින් ඉෂ්ඨවිය යුතු බවත්, පාස්කු ප්‍රහාරයේ 6 වැනි සංවත්සරය අවස්ථාව වනවිට මෙම විමර්ශන සිදුවන ආකාරය සම්බන්ධව සාධාරණ හා යුක්ති ගරුක සංඥාවක් අපේක්ෂා කරන බවත් අති උතුම් මැලකම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ පැවසූහ.
එසේ නොමැති වුවහොත් යළිත් මහ මගට බසිනවා හැර වෙන විකල්පයක් නොමැති බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

“ඒ අය කිව්වේ කාලයේ වැලි තලාවට මේ ප්‍රහාරයේ සත්‍යතාවය යටපත් කරන්නට ඉඩ දෙන්නෙ නැහැයි කියන පොරොන්දුවයි. ඒ නිසා ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න. මොකද පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි නිහඬ වෙලා නෑ. අපි බලාගෙන ඉන්නවා. අපි බලය දුන්නා. දැන් අපි ඒ බලය පාවිච්චි කරලා ඒක පිළිබඳ හරි ආකාර විමර්ශනයක් හැකි ඉක්මනින් කරලා ඒකට අවශ්‍යවන නීති රීති සම්පාදනය කරලා නීති රීති වෙනස් කරන්න අවශ්‍ය නම් ඒවා වෙනස් කරලා, යුක්තිය සහ සත්‍යය ඉටු කරන්න. රහසිතගතව ඒවා හංගන් ඉන්න හදන්නේ නැතිව මෙතනදී සිදුවුනේ මොකක්ද කියන එක පිළිබඳ හෙළි කරන්න. එක එක්කෙනා සමග ඩීල් දාන්න යන්නේ නැතිව සත්‍ය වෙනුවෙන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටින්නට කැමතියි දැන් රට පාලනය කරන අයගෙන්.

අපිට ඒ පොරොන්දුව දුන්නා. ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්න කරුණාකරලා… තව මාසයකින් පමණ අපි මේ පාස්කු ප්‍රහාරයේ හය වැනි සංවත්සරය සමරනවා. ඒ නිසා මේ හයවන සංවත්සරයට කලින් අපට මේ පිළිබඳව යුක්තිකරුගක සහ සාධාරණ සංඥාවක් ලැබුනොත් රජයෙන්, අපි කැමතියි ඒ ගැන සතුටු වෙන්න. නැතිනම් අපට සිද්ධ වෙනවා නැවත වරක් පාරට බහින්න. වෙන විකල්පයක් අපට ඇත්තේ නෑ.

උන්වහන්සේ මේ බව පැවසුවේ අග රදගුරු පදවි සන්නිවේදන කේන්ද්‍රය විසින් අද (15) බොරැල්ල අගරදගුරු නිවසේ ශ්‍රවනාගාරයේ දී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ 2025 ජුබිලි වසර වෙනුවෙන් සිදුකරන අගරදගුරු පදවි ජන සන්නිවේදන සමුළුවට සහභාගී වෙමිනි.

උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

අපි මේ රජය බලයට පත් කරන්න කටයුතු කළේ පැවති දුර්දාන්ත ක්‍රමවේදය වෙනස් කරන්න. නමුත් ඒ ක්‍රමවේදය වෙනස් වෙන්නේ නැතිනම් අපිට ආයෙත් සැරයක් හිතන්න වෙනවා.

ඒ නිසා මේ අවස්ථාවේ දී මා ප්‍රකාශ කරනවා කරුණාකරලා දුන්න පොරොන්දු ඉෂ්ඨ කරන්න. විශේෂයෙන්ම මාධ්‍ය නිදහස, මනුෂ්‍ය ගරුත්වය, ස්වාධීනත්වය පාවා දෙන්න එපා. ඒ පාවා දුන්න සංස්කෘතිය ඉවර කරන්න සදහටම. ශ්‍රී ලංකාව තුළ නව චින්තනයක් නව සංස්කෘතියක් ඇති කරන්න. ඒකට තමයි ඔබට අපි බලය දුන්නේ.
ඒ ක්‍රමවේදය අනුව යන්නට අවශ්‍ය නීති රීති වෙනස් කරන්න. ඒවා වෙනස් කරන්න කල් ගන්නට ඕන නෑ. තමන්ට බලය දීලා තියනවා නම් ඒ බලය පාවිච්චි රකලා ඒවා වෙනස් කරන්න පුලුවන්. ඒවා වෙනස් කරන්න. මාධ්‍ය නිදහස, මානුෂීය නිදහස, ගරුත්වය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය කියන මේ සියලු දෙයක් සඳහා කටයුතු කරන්න කියලා මා බලයේ ඉන්න අයගෙන් ඉල්ලා සිටින්නට කැමතියි නැවත වරක්. ඒ අයට මතක් කරනවා.

මේක සඳහා කාලය ගන්න ඕන, අර නීතිය වෙනස් කරන්න ඕන මේ නීතිය වෙනස් කරන්න ඕන, කිය කිය බල බල ඉන්නේ නැතිව…. දැන් බලය තියනවානේ. ඒ බලය පාවිච්චි කරන්න. පාවිච්චි කරලා අවශ්‍ය වෙනස්කම් කරලා සමාජය පිරිසිදු කරලා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට කටයුතු කරන්න. මීට පස්සේ කවදාවත් ඒ සිදුවෙච්චි දේවල්, අතුරුදහන් කිරීම්, ඝාතන, ඒ වගේම ඔසවාගෙන යෑම් නොයෙකුත් ආකාරයේ හිරිහැර කිරීම් සංස්කෘතිය නවත්වලා සැබෑ මානුෂීය ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට ඔබට අප බලය දීලා තියනවා. ඒ බලය පාවිච්චි කරලා කරුණාකරලා මම අද රට පාලනය කරන නායකත්වයෙන් ඉල්ලා සිටින්නට කැමතියි මේ වගේ අවස්ථාවක. එය අපේ වගකීමක්. එය අපේ එඩේරීක සහ දිවප්‍රසාදී වගකීමක්. අපේ සමාජය තුළ ඒ වෙනෙස ඇති කරන්නට.

අපි ජන සන්නිවේදන නිදහස ආරක්ෂාව කළොත් රට ඉදිරියට යාවි පිරිසිදු ආකල්ප තුළ. ඒක ඇති කරන්නට වහාම ක්‍රියාත්මක විය යුතුයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධවත් අපි තාමත් ඉල්ලා සිටින්නේ එදා කටුවාපිටිය දේවස්ථානයේ දී අතිගරු ජනාධිපතිතුමා විසින් දෙන ලද පොරොන්දුව ඉෂ්ඨ කරන්න කටයුතු කරන්න හැකි ඉක්මනින්. ඒ අය කිව්වේ කාලයේ වැලි තලාවට මෙහි සත්‍යතාවය යටපත් කරන්නට ඉඩ දෙන්නෙ නැහැයි කියන පොරොන්දුවයි ඒ අය දුන්නේ. ඒ නිසා ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න. මොකද පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි නිහඬ වෙලා නෑ. අපි බලාගෙන ඉන්නවා. අපි බලය දුන්නා. දැන් අපි ඒ බලය පාවිච්චි කරලා ඒක පිළිබඳ හරි ආකාර විමර්ශනයක් හැකි ඉක්මනින් කරලා ඒකට අවශ්‍යවන නීති රීති සම්පාදනය කරලා නීති රීති වෙනස් කරන්න අවශ්‍ය නම් ඒවා වෙනස් කරලා, යුක්තිය සහ සත්‍යය… මෙතනදී සිදුවුනේ මොකක්ද කියන එක පිළිබඳ … රහසිතගතව ඒවා හංගන් ඉන්න හදන්නේ නැතිව, එක එක්කෙනා සමග ඩීල් දාන්න යන්නේ නැතිව සත්‍ය වෙනුවෙන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටින්නට කැමතියි දැන් රට පාලනය කරන අයගෙන්.

අපිට ඒ පොරොන්දුව දුන්නා. ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්න කරුණාකරලා… තව මාසයකින් පමණ අපි මේ පාස්කු ප්‍රහාරයේ හය වැනි සංවත්සරය සමරනවා. ඒ නිසා මේ හයවන සංවත්සරයට කලින් අපට මේ පිළිබඳව යුක්තිකරුගක සහ සාධාරණ සංඥාවක් ලැබුනොත් රජයෙන් අපි කැමතියි ඒ ගැන සතුටු වෙන්න. නැතිනම් අපට සිද්ධ වෙනවා නැවත වරක් පාරට බහින්න. වෙන විකල්පයක් අපට ඇත්තේ නෑ.
-කීර්ති ප්‍රනාන්දු 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපව යළි පාරට බස්සන්න එපා… පාස්කු ප්‍රහාරයේ 6වැනි සංවත්සරයට කලින් සාධාරණ පණිවිඩයක් දෙන්න… කාදිනල් හිමියෝ මුල් වරට ජනපතිට දන්වති!
අපව යළි පාරට බස්සන්න එපා… පාස්කු ප්‍රහාරයේ 6වැනි සංවත්සරයට කලින් සාධාරණ පණිවිඩයක් දෙන්න… කාදිනල් හිමියෝ මුල් වරට ජනපතිට දන්වති!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiib_3-8h5xKzNSKPiGKHGuqDTmWZTdGx1YGKX64lmsU_MFLQv5Pquxuew1qKr9NO8cKAPlL00_py8CTRPo84WlJ9KEUqbZakltPmBxACNaIs_mWOdL4LrxC9_53mYv_3TfPLyyR66JwQuUaFeYTvzz_0O5WZvwlgGFRhr6oo4uNN3hnSNRF7_2tS0WuoEQ/s320/cad.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiib_3-8h5xKzNSKPiGKHGuqDTmWZTdGx1YGKX64lmsU_MFLQv5Pquxuew1qKr9NO8cKAPlL00_py8CTRPo84WlJ9KEUqbZakltPmBxACNaIs_mWOdL4LrxC9_53mYv_3TfPLyyR66JwQuUaFeYTvzz_0O5WZvwlgGFRhr6oo4uNN3hnSNRF7_2tS0WuoEQ/s72-c/cad.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/03/6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/03/6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy