හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රට තුළ ඖෂධ හිඟයක් මවා පාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීමට ඉදිරිපත් කළ කැබින...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රට තුළ ඖෂධ හිඟයක් මවා පාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට අනුමැතිය දුන් කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු අමාත්‍යවරුන් 18 දෙනාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ රහස් පොලිසියට (11) දින අවසර ලබාදුන්නේය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් පත්‍රකාව ඉදිරිපත් කළ 2022 සැප්තැම්බර් මාසයේ කැබිනට් මණ්ඩලයේ සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අමතරව, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය නිමල් සිරිපාල, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය විජයදාස රාජපක්ෂ, අමාත්‍ය හරින් ප්‍රනාන්දු, අමාත්‍ය රමේෂ් පතිරණ, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, අමාත්‍ය විදුර වික්‍රමනායක, අමාත්‍ය කංචන විජේසේකර, අමාත්‍ය නසීර් අහමඩ්, අමාත්‍ය රොෂාන් රණසිංහ, අමාත්‍ය ටිරාන් අලස්, අමාත්‍ය නලීන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගෙන් ප්‍රකාශ ගැනීමටද මහෙස්ත්‍රාත්වරිය අවසර ලබාදුන්නේය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සදහා “ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සදහා “රිටොක්සිමැප්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී එම පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස අවසර ලබාදුන්නේය.
2022 සැප්තැම්බර් (26) කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇතත් අවශ්‍ය ඖෂධ මොනවාද.? යන්න පිළිබඳව හෝ එහි සදහන් කර නොතිබියදී ඖෂධ හිඟයක් පැවතියේද.? යන්න පිළිබඳව සොයා බැලීමකින් තොරව කැබිනට් මණ්ඩලය එම පත්‍රකාවට අවසරය දුන්නේ කෙසේද.? යන්න පිළිබඳ එම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත යුතු යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස අවසර ලබාදුන්නේය.
ඒ අනුව ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය එම නඩුව ලබන (25) වැනිදා යළි කැඳවීමටත්, එතෙක් නඩුවේ පළමු සැකකරු තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමටත් නියම කළාය.
COMMENTS