දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය.. යෝජනාව ඇමති විජිතගේ!

1971 වර්ෂයේදී විශේෂ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවන ලද රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර එහි සේවකයන් සඳහා ස්වෙච්ඡා විශ්‍රාම යෝ...

1971 වර්ෂයේදී විශේෂ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවන ලද රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර එහි සේවකයන් සඳහා ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා ලෙස විජිත හේරත් මහතා විසින් ඉකුත් 01 වැනිදා ඉදිරිපත් කළ මෙම කැබිනට් සංදේශය සඳහා නොවැම්බර් මස 12 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය ලැබී ඇත.

එම සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් මිලියන 794ක මූල්‍ය ප්‍රතිපාදනයක් මහා භාණ්ඩාගාරය මගින් එම සංස්ථා සේවකයන් වෙත ලබාදීමට ද මෙම කැබිනට් පත්‍රිකාව මගින් අනුමැතිය ලබාදී ඇත.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැර ඊට අයත් වත්කම් මාර්ග සංවර්ධන අධිකාරියට පැවරීමටත් ඉතිරි කාර්යමණ්ඩලය මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්ත කිරීමටත් මෙම කැබිනට් පත්‍රිකාව මගින් නිර්දේශ කර ඇති අතර සංස්ථාව යටතේ නැවත වෙනත් කිසිදු අමතර වැය බරක් මහා භාණ්ඩාගාරය වෙත ඇතිනොවිය යුතු බවට ද නිර්දේශ කර ඇත.

එසේම ඒකාබද්ධ අරමුදලේ පවතින ද්‍රවශීලතාව, ජාතික අවශ්‍යතාවන් මත පදනම්ව ලබාදිය යුතු ප්‍රමුඛතාවන්, මූල්‍ය පිරිවැය පිළිබඳ සාධකයන් සලකා බලා මෙම රුපියල් මිලියන 794ක මුදල මූල්‍යමය අවශ්‍යතාවක් සඳහා අදියරගතව ලබාදීමට ද කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට පසුගිය කාලයේදී රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ප්‍රමාණවත් ව්‍යාපෘති නොලැබීම නිසා එම වැඩබිම් පවත්වාගෙන යෑමට නොහැකි විය. මේ හේතුවෙන් එහි සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයට පත්වූ අතර ඒ අනුව රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරියට ඒකාබද්ධ කිරීමට පසුගිය රජයේ ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා 2024 අගෝස්තු මස 21 වැනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණු අතර ඉකුත් අගෝස්තු මස 21 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය හිමිවිය.

එහෙත් පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ අතර නව රජය බලයට පත්වීමෙන් අනතුරුව නව අමාත්‍යවරයා විසින් නැවත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදී.

කමල් බෝගොඩ
– Divaina


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29044,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය.. යෝජනාව ඇමති විජිතගේ!
සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය.. යෝජනාව ඇමති විජිතගේ!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2b1hMbTje13N61G_X6ajBzclP8gHJPEyz3cxPk1O6VzAquLaKmRjDdknlFThfVilUwfam2v3ABvzAU_Dt2uTcVGzqogb6P-vJi8OfVCvedtysX0co4Ii52PIJV5b6QP8WeSWtYI6j02UEpoi-j2EeeJ2S2uO7iR18Jcp_Izefjb3MZex0oMsEjp2b6lll/s320/vijitha-herath.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2b1hMbTje13N61G_X6ajBzclP8gHJPEyz3cxPk1O6VzAquLaKmRjDdknlFThfVilUwfam2v3ABvzAU_Dt2uTcVGzqogb6P-vJi8OfVCvedtysX0co4Ii52PIJV5b6QP8WeSWtYI6j02UEpoi-j2EeeJ2S2uO7iR18Jcp_Izefjb3MZex0oMsEjp2b6lll/s72-c/vijitha-herath.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/11/blog-post_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/11/blog-post_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy