ග්‍රාමීය දුප්පත් බවේ අන්ත වේදනාව අත් විඳි තමා ජනාධිපති වූ පසුත් රටේ ග්‍රාමීය දුප්පත්භාවය පවතිනවා නම් එය තමන්ගේ හෘදය සාක්ෂියට එකඟ නැති බව ජ...
ග්‍රාමීය දුප්පත් බවේ අන්ත වේදනාව අත් විඳි තමා ජනාධිපති වූ පසුත් රටේ ග්‍රාමීය දුප්පත්භාවය පවතිනවා නම් එය තමන්ගේ හෘදය සාක්ෂියට එකඟ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (09) දඹුල්ල ජන රැළිය අමතමින් ප්‍රකාශ කළේය. මේ මාතලේ දිස්ත්‍රික්කයේ කෙළවර මකුළුගස්වැව මාතෘ නිවාසයේ ඉපදුන තමන්, මේ ජනතාව අතර හැදී වැඩී දේශපාලනය කරපු තමන් මේ සමාජයට උඩින් පාත් වුන මිනිසෙක් නොවුන බව කී ජනාධිපතිවරයා දුප්පත්කමේ ඛේදවාචකය හොඳින්ම අත් විඳි පුද්ගලයෙක් බව අවධාරණය කරමින් පැවසුවේ ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් මේ රටේ ග්‍රාමීය දුප්පත්කම නියත වශයෙන්ම තුරන් කරන බවය.
එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය. “ග්‍රාමීය දුප්පත් භාවය තුරන් කරනවා. මම ජනාධිපති වෙලත් තව අපේ රටේ ග්‍රාමීය දුප්පත් භාවය තියනවා නම් ඒක අපේ හෘද සාක්ෂියට එකඟ නෑ. ඇයි. පුද්ගලිකව මා ගත්තත් මේ දුප්පත් භාවයේ ඛේදවාචකය අත් විඳපු අය. අධ්‍යාපනය ලබා ගැනීමේ දී නිසි ආහාර වේලක් ලබා ගැනීමේ දී සමාජයේ විනෝදයෙන් ගත කිරීමේ දී අපේ දුප්පත් භාවය අපට කොච්චර බාධා වුනා ද?… අපි ඒවා දන්නවා. ඒ නිසා මේ ග්‍රාමීය දුප්පත් භාවය තුරන් කිරීම අපට මේ තරම් වැදගත්.”
මාතලේ එහා පැත්තේ අනුරාධපුර මායිම මාතලේ දිස්ත්‍රික්කයේ කෙළවර තමයි මකුළුගස්වැව. මට අපේ නායක හාමුදුරුවන්වහන්සේ කිව්වා උන්වහන්සේ කිව්වා උන්වහන්සේ ඉපදුනේ මකුළුවැව මාතෘ නිවාසේ කියලා. මමත් ඉපදුනේ මකුළුවැව මාතෘ නිවාසේ. මේ එහා පැත්තේ. අපි මේ ජනතාවගේ දුක වේදනාව දන්න මිනිස්සු. අපි උඩින් පාත්වුන මිනිස්සු නෙමෙයි. මේ ජනතාවත් එක්ක ජීවත්වුන මිනිස්සු. අපි දන්නවා මේ දුප්පත්කම මොනතරම් බාධාවක් කරලා තියනව ද කියලා ඔබගේ ජීවිතවලට. ඒ නිසා මේ රෙට් දුප්පත්කම අපේ පාලන කාලය තුළ මුලුමනින්ම තුරන් කරනවා. එය මතක තබා ගන්න. හැම කෙනාටම ආදායම් මාර්ගයක් තියෙන්න ඕන. හොඳ ආහාර වේලක් තියෙන්න ඕන. දරුවන්ට උගන්වන්න පුලුවන්කම තිබෙන්න ඕන. හොඳට බෙහෙතක් හේතක් ගන්න පුලුවන්කම තියෙන්න ඕන. මූණෙ සතුටක් තියෙන්න ඕන. මූනේ හිනාවක් තියෙන්න ඕන. හදවතේ සැනසුමක් තියෙන්න ඕන. අන්න ඒ ජීවිතය හදනවා අපි. පොදු ජනාතවාගේ මුහණට සතුට සිනාව ගේන ආර්ථිකයක් ජීවිතයක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හදනවා.”
ජනාධිපතිවරයා මෙම ජන රැළියේ දි අවධාරණ කරනු ලැබුවේ චන්ඩින් දේශපාලනය කර අවසන් බවත්, මහජන මුදල් වියදම් කරමින් ඡන්ද පවත්වා අවසන් බවත් නැති බැරිකම උපයෝගී කරගෙන ඡන්දය ලබා ගැනීමේ යුගය අවසන් වන බවත් පැවසූ ජනාධිපතිවරය වැඩිදුරටත් පැවසුවේ අවලාද අසත්‍ය වපුරා ඡන්දය කිරීමේ යුගයත් දැන් හමාර බවය. ඒ ආකාරයෙන් ඡන්දය කළ සියලුම පෙරමුණු මේ වනවිට විසිවි ගොස් ඇති ආකාරය ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
COMMENTS