පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (14) උදෑසන වනවිට කළුතර, ගාල්ල, මාතර, කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කීපයක එක් ලක්ෂ තිස් හතර දහසකට වැඩි ප...
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (14) උදෑසන වනවිට කළුතර, ගාල්ල, මාතර, කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කීපයක එක් ලක්ෂ තිස් හතර දහසකට වැඩි පිරිසක් ආපදාවට ලක් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . ආරක්ෂක ස්ථාන 81 පවුල් 1700ට ආසන්න ප්‍රමාණයක පුද්ගලයින් 7000 ක් පමණ ආරක්ෂිතව රඳවා ඇතැයි එම මධ්‍යස්ථානය පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සහ ත්‍රිවිධ හමුදාව පොලිසියේ සහයෝගය ඇතිව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මැදිහත් වීමෙන් ආපදාවට ලක් වු පිරිස් වෙ පිසූ ආහාර ලබා දීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන බවත් නිවෙස්වල රැඳි සිටින පිරිස්වලට සහ ඥාති නිවෙස්වල රැඳී සිටින පිරිස් වෙතත් පිසූ ආහාර ලබාදීමේ කටයුතු සිදුවන බවත් එම මධ්‍යස්ථානය පවසයි.
මේ වනවිට ඇති වු ආපදා තත්ත්වය තුළ පුද්ගල මරණ තුනක් වර්තා වී ඇත.
මේ වනවිට වර්ෂාව අඩුවෙමින් පවතින නමුත් ඉහළ ජලාධාර ප්‍රදේශවලට ලැබුණ අධික වර්ෂාව හේතුවෙන් ගංගාවලට එක් වුන ජලය බැස යෑමේ දී පහළ ප්‍රදේශවල පහත් බිම් යටවන බව පෙන්වා දෙන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ගම්පහ කඩුවෙල කොලොන්නාව වැනි ප්‍රදේශවල ඊයේ වාර්තාවූයේ එවැනි තත්ත්වයක් බව නිවේදනය කරයි.
කෙසේ වෙතත් අත්තනගලු ඔය කැලණි සහ කළු ගංගාවල පහළ ප්‍රදේශවල ජනතාවට තවදුරටත් අවධානයෙන් සිටින ලෙස අනතුරු අඟවා ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් කොළඹ ගාල්ල ගම්පහ කළුතර කෑගල්ල නුවරඑළිය කුරුණෑගල රත්නපුර දිස්ත්‍රික්කවලට දෙවැනි මට්ටමේ නායෙ යෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
ආපදා තත්ත්වයක් පිළිබඳ තොරතුරක් ලද වහාම 117ට වර්තා කරන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලිමක් කරයි
COMMENTS