දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සීසර්ස්ලා සුනිල් ජයවර්ධන උස්සා ගේට්ටුවේ ගැහුවා.. විනාඩි 20 ක් පමණ පහර දුන්නා - ඇසින් දුටු සාක්‍ෂි කියයි
Homeප්‍රවෘත්ති

සීසර්ස්ලා සුනිල් ජයවර්ධන උස්සා ගේට්ටුවේ ගැහුවා.. විනාඩි 20 ක් පමණ පහර දුන්නා - ඇසින් දුටු සාක්‍ෂි කියයි

PropellerAds

බි ම වැටුණු දුරකථනය ඇහිඳ ගැනීමට නැමුණු ඔහු උස්සා ෆිනෑන්ස් සමාගමේ ඉදිරිපස යකඩ ගේට්ටුවේ ගැසුවා. ඉන් පසු බිම ඇදවැටුණු ඒ මහතාගේ හිස එතැන තිබූ ක...

හමුදාව කල්මුණේ ත‍්‍රස්ත බල බිදිමින් අත්අඩංගුවට ගත් පුපුරණ ද‍්‍රව්‍ය මහා තොගය මෙන්න..[Video]
සමන්තුරෙන් ආයුධ ගබඩාවක් සොයා ගනී
යලිත් රට පුරා ඇතිරි නීතිය පනවයි..
බිම වැටුණු දුරකථනය ඇහිඳ ගැනීමට නැමුණු ඔහු උස්සා ෆිනෑන්ස් සමාගමේ ඉදිරිපස යකඩ ගේට්ටුවේ ගැසුවා. ඉන් පසු බිම ඇදවැටුණු ඒ මහතාගේ හිස එතැන තිබූ කොන්ක්‍රීට් බිමේ වැදුණා. ඉන්පසුව අට දෙනකු විනාඩි විස්සක් පමණ අතින් පයින් සහ කොස්සකින් ඔහුට පහර දෙනු අපි දැක්කා.

ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ මැරප්‍රහාරයට ලක්වන අයුරු ඇසින් දුටුවකු ‘මව්බිම’ට ඊයේ පැවසුවේය.

මේ අතර සිද්ධියට අදාල ත්‍රිරෝද රථයේ හිමිකරුවන මංජුල කිත්සිරි මහතා මෙසේ ස¼දහන් කළේය.

“ණය හා වාරික මුදල් ගෙවන්න රජයෙන් සහන කාලයක් දීලා තියෙනවා නේද කියලා ඇහුවා. වාරික හිඟ මුදල් ගෙවලා වාහනේ අරන් යන්න කියලා ඒ අය කීවා. රුපියල් තිස් දහසක් සහ සීසර් ගාස්තු වශයෙන් රුපියල් හාරදහස් හත්සිය ගාණකුත් ගෙවන්න කියලා කිව්වා. සුනිල් මහත්තයට මේ ගැන මම ගිහින් කිව්වා. ඒ ගැන අහන්න තමයි අපි කාර්යාලයට ගියේ.”

“අපි එළියට එනකොට පිටුපස්සෙන් පන්නගෙන ආපු සීසර්ලා අපිට පන්න පන්න පහර දුන්නා. සුනිල් අයියා බිමට වැටුණා. බිම වැටිලා හිටිය සුනිල් අයියට පොලුවලින් ගහගෙන ගහගෙන ගියා” යැයි ඇඹුල්දෙණිය ප්‍රදේශයේදී සීසර්ලාගේ පහරකෑමෙන් මියගිය ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය සම්බන්ධව අදහස් දැක්වූ මංජුල කිත්සිරි මහතා තවදුරටත් කියා සිටියේය.

මෙම පහරදීම්වලින් පනස්තුන් හැවිරිදි තිදරු පියකු වූ සුනිල් ජයවර්ධන මහතා මියගිය අතර පොලිසිය ඝාතනයට සම්බන්ධ බවට සැකකරන අටදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මියගිය සුනිල් ජයවර්ධන ලබන මහ මැතිවරණයට ස්වාධීනව තරග කිරීමේ අපේකෂාවෙන් පසු වූවෙකි.

මෙම ත්‍රිරෝද රථ සම්බන්ධව කටයුතු කළ ලීසිං ආයතනය වන සී/ස චන්මිල් ඉන්වෙස්ට්මන්ට් සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත ආයතනයක් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රකාශකයෙක් ‘මව්බිම’ට පැවැසීය.

ඝාතනයට ලක්වූ ජයවර්ධන මහතා කැස්බෑව, තානායම පාරේ පදිංචි කරුවෙකි.

ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයකු ලබාගෙන තිබූ ත්‍රිරෝද රථයක් සඳහා වාරික හා පොලී සම්බන්ධව දින හතරක පමණ කාලයක් තිස්සේ අදාළ ෆිනෑන්ස් සමාගම හා එම සාමාජිකයා අතර ප්‍රශ්නයක් තිබී ඇත.

ඒ අනුව ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා දෙපාර්ශ්වය අතර ගැටලුව සාකච්ඡා කර විස¼දා ගැනීමට මැදිහත් වී තිබේ.

රජය මඟින් මාස කිහිපයකට දී තිබෙන වාරික හා පොලී ගෙවීමේ සහනය සම්බන්ධ මෙහිදී ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා අදාළ මූල්‍ය ආයතනයට පෙන්වාදී ඇත. කෙසේ වෙතත් ඒ සම්බන්ධ කතා බහ අතරතුර එම ආයතනයට සම්බන්ධ සීසර්ලා (වාහන උස්සන පුද්ගලයන්) ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයාට පහර දී තිබේ. එම පහරදීම්වලින් තුවාල ලැබූ ජයවර්ධන මහතා කළුබෝවිල රෝහලට ඇතුළත් කර සිටියදී පෙරේදා (10දා) රාත්‍රියේ මියගොස් ඇත.

මියගිය සුනිල් ජයවර්ධන මහතා එළැඹෙන මහ මැතිවරණයට පාපන්දුව ලකුණින් ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයකු ලෙස තරග වැදීමට නියමිතව සිටියදී මෙලෙස පහරකෑමට ලක්ව මියගොස් තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුරටත්0 අදහස් පළ කළ අදාළ ෆිනෑන්ස් පහසුකම් ලබාගත් ත්‍රිරෝද රථ හිමිකරු වන මංජුල කිත්සිරි මහතා ‘මව්බිම’ට විස්තර කළේ මෙලෙසිනි.

“මමත් මගේ ත්‍රීවීල් රථය ලීසිං වාරික ඇරියස් එකක් තියෙනවා කියලා මේ කොම්පැනියෙන් ගොනාවා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අපිට මේ ත්‍රීවීල් රස්සාව හරියට කරගන්න බැරිවුණා. සල්ලි තිබුණේ නෑ වාරික ගෙවන්න. රජයෙන් මාස හයක සහනයක් පවා ලබා දුන්නේ ඒ නිසයි. මගේ වාහනය සීස් කරලා මේ ආයතනයට ගෙනාවාම මමයි මගේ නෝනයි ඇවිත් අපේ දුක කිව්වා ගෙවන්න විධියක් නෑ කියලා. රජයෙන් සහන කාලයක් දීලා තියෙනවා නේද කියලත් ඇහුවා. ආයතනයේ අය අපිට කිව්වා වාහනේ ගෙනියන්න වාරික හිඟ මුදල ගෙවන්න කියලා. රුපියල් තිස්දහසක් සහ සීසර් ගාස්තු ‘වශයෙන් රුපියල් භාරදහස් හත්සිය ගාණකුත් ගෙවන්න කියලා. අපි කිව්වා ගෙවන්න විධියක් නෑ කියලා. ගෙවනකන් දෙන්නේ නෑ කියලා මේ අය අපිව එළවා ගත්තා.”

“මම ගිහින් අපේ සංගමයේ සභාපති සුනිල් මහත්තයට මේ විස්තරේ කිව්වා. එතකොට සුනිල් මහත්තයා කිව්වා අපි ගිහින් කතා කරමු කියලා. අපි මේ ගැන රජයටත් දැනුම් දුන්නා. නිලධාරියෙක් දුරකථනයෙන් මේ කොම්පැනියට කතා කරලා කිව්වා වාහනේ වෙන ඇරියස් නැත්නම් මට භාර දෙන්න කියලා. මමයි, සභාපතිතුමයි, ලේකම්තුමයි වාහනේ ගන්න ඇඹුල්දෙණිය ආයතනයට ආවාම වාහනය දෙන්න බෑ කියලා කිව්වා. අපි එළියට එනකොට පිටිපස්සෙන් පන්නගෙන ඇවිත් සීසර්ලා අපිට හොඳටම ගැහුවා. මම මෙහාට වෙන කොට සභාපතිතුමා වැටුණා. හත් අට දෙනෙක් සුනිල් මහත්තයාට පොලුවලින් බිම දාගෙන ගැහුවා.”

“රෝහල්ගත කළාට පස්සේ සුනිල් මහත්තයා මිය ගියා. මේක හරි අසාධාරණයක්. මම වෙනුවෙන් පෙනී හිටපු ඒ මහත්තයාගෙ වටිනා ජීවිතය මේ විධියට අවසාන වීම දරාගත නොහැකි දුකක්”

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ ලේකම් මහින්ද කුමාර මහතා,

“අපි මේ ආයතනයට ගොස් ත්‍රිරෝද රථයක් සම්බන්ධ ගැටලුවක් කතා කරලා එළියට ආවා. අපි ආපු ත්‍රීවීල් එකට නැඟලා යන්න හදනකොට සුනිල් මහත්තයාව එළියට ඇදලා අරන් ගහන්න පටන් ගත්තා. මමත් පැනලා බේරන්න හදනකොට අපිට හොඳටම ගැහුවා. මගේ අත් කකුල් සේරම තුවාලයි. බලන් හිටපු අය 119 ට කතා කරලා පොලිසියට කිව්වේ නැත්නම් අපි තුන්දෙනාවම උන් මරනවා. යන්තම් පණ බේරුණේ. මේ කොම්පැනිය රජයේ ලියාපදිංචි එකක් නොවෙයි. බලධාරීන් මේ මැරයන්ට නිසි දඬුවම් දෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා.

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා

“කොරෝනා වසංගත කාල සීමාව තුළ රජය ණය සහන ලබාදුන්නා. මේ ත්‍රිරෝද රථ රියැදුරාටත් වයිරස ව්‍යාප්තිය නිසා අදාළ වාරික තුනක් පමණ ගෙවාගත නොහැකිව අසරණ වී සිටියා. එහෙම තිබියදී තමයි මේ සීසර්ලා පහරදීම කළේ. ඔහුගේ අභාවය මහ අපරාධයක්. මේ පිළිබඳ නිසි පරීක්ෂණයක් කරන්න. ඒ දරු පවුල අසරණ වෙලා.

“සුනිල් ජයවර්ධන මහතාට මැර ප්‍රහාරයක් එල්ල වූයේ 10 වැනිදා සවස 6.00 ට පමණයි. නුගේගොඩ සිට සුනිල් ජයවර්ධන සහ සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමයේ ලේකම් ත්‍රිරෝද රථයකින් පැමිණෙන අවස්ථාවේ අදාළ ෆිනෑන්ස් සමාගම අසලදී සිදු වූ බහින්බස් වීම දුර දිග යෑමෙන් මෙම මරණය සිදු වූ බව එම ස්ථානයට රැස් වූ පිරිස් අප සමඟ කීය.

සිද්ධිය ඇසින් දුටුවන් කියා සිටියේ ෆිනෑන්ස් සමාගම ඇතුළේ සිටි අයකු පහර දුන් බවයි. එම පහර කෑ සුනිල් ජයවර්ධන බිම ඇද වැටී ඇත. ඔහුගේ ජංගම දුරකථනය පාරට විසි වී තිබේ. වැටුණු දුරකථනය ඇහිඳ ගැනීමට නැමුණු ඔහු උස්සා ෆිනෑන්ස් සමාගමේ ඉදිරිපස යකඩ ගේට්ටුවේ ගැසුවා. ඉන් පසු බිම ඇදවැටුනු ඒ මහතාගේ හිස එතැන තිබූ කොන්ක්‍රීට් බිමේ වැදුණා. ඉන්පසුව අට දෙනකු විනාඩි විස්සක් පමණ අතින් පයින් සහ කොස්සකින් ඔහුට පහර දුන්නා.

කොට්ටාව පාර, නුගේගොඩ යන ලිපිනයෙහි පිහිටි චැන්මිල් ඉන්වෙස්ට්මන්ට් නමැති ෆිනෑන්ස් ආයතනය වෙත රැගෙන ගොස් තිබූ ෆිනෑන්ස් වාරික නොගෙවන ලද ත්‍රිරෝද රථයක් රැගෙන ඒම සඳහා එම ආයතනය වෙත ගිය ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද සංගමයේ සභාපතිවරයාට අමානුෂික ලෙස අතින්පයින් හා පොලුවලින් පහර දී ඝාතනය කළ බව කියන එම ආයතනයේ කළමනාකරුවකු ඇතුළු සැකකරුවන් 08 දෙනකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන තෙක් මෙම මස 25 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඊයේ (11දා ) නියෝග කළේය.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අංගොඩ, හිඹුටානේ පදිංචි ප්‍රදීප් කුමාර කාරියවසම්, මහරගම ගොඩිගමුව පදිංචි චමිල මධුශංඛ, රාජගිරියේ බණ්ඩාරනායක පුර පදිංචි කමල් සජාන් ගයාෂන, රාජගිරියේ පොල්වත්තේ පදිංච ගිහාන් ලක්මාල්, රාජගිරියේ නාවල පාරේ පදිංචි ‍ෙදාන් සුරේෂ් කුමාර, මහරගම ගොඩිගමුවේ පදිංචි සුබෝධ කාලිංග මධුශංක, රාජගිරියේ ඔබේසේකරපුර පදිංචි කැලුම් ප්‍රභාත් දේශාන් හා බොරලැස්ගමුවේ කටුවාවල පදිංචි අමිල් උදයංග නමැති සැකකරුවන් අට දෙනෙකි.

නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා ඊයේ (11දා) පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය කළ අතර කළුබෝවිල මෘත ශරීරාගාරයේ තිබෙන ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද කළුබෝවිල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළේය.

තවද ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සිරුර ඔහුගේ බිරියට භාරදෙන ලෙසට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් අනගමනය කරමින් දේහය කැස්බෑව සුසාන භූමියේදී මිහිදන් කරන ලෙසද නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනා මිරිහාන පොලිස් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ කොස්තාපල්වරුන් කෝසල (82128) හා බණ්ඩාර (84638) යන නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එහිදී පොලිසිය අධිකරණය වෙත ‘බී’ වාර්තාවක් ගොනු කරමින් කියා සිටියේ ඉහත කී සුනිල් පෙරේරා මහතාගේ හිතවතකුගේ ත්‍රිරෝද රථයක් ඉහත කී ෆිනෑන්ස් ආයතනය මඟින් රැගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමසීම සඳහා ඔහු තවත් දෙදෙනකු සමඟ එම ආයතනය වෙත ගිය අවස්ථාවේදී ඇති වූ බහින්බස්වීමක් අතරතුර සැකකරුවන් ඔහුට අමානුෂික ලෙස පහරදී ඇති බවත් පසුව ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවත්ය.

සැකකරුවන් වෙනුවෙන් ප්‍රදීප් සිල්වා, මංජුල රණවීර, වෙනුර යොහාන් ගමගේ, ශ්‍යාමලි ආතාවුදගේ, අජිත් කාරියවසම්, පී ඒකනායක, දනෝෂා පී. පෙරේර යන නීතිඥ මහත්ම මහත්මීහු පිරිසක් පෙනී සිටියහ.

– mawbima


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සීසර්ස්ලා සුනිල් ජයවර්ධන උස්සා ගේට්ටුවේ ගැහුවා.. විනාඩි 20 ක් පමණ පහර දුන්නා - ඇසින් දුටු සාක්‍ෂි කියයි
සීසර්ස්ලා සුනිල් ජයවර්ධන උස්සා ගේට්ටුවේ ගැහුවා.. විනාඩි 20 ක් පමණ පහර දුන්නා - ඇසින් දුටු සාක්‍ෂි කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCiQpjUyUQqNknI58-OUxCqQSqcB-3V-f2LaJOwf5eL8XSm8i2NkKXcbVU7vlGmf8hl5GzkuS1QdUAa73s2VLwkd3vAiKzpXw5duTfMkIVwsSjRZ3YdLf5-fnmHLnOsvJPXdZv3TNJR_w/s320/11111555555.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjCiQpjUyUQqNknI58-OUxCqQSqcB-3V-f2LaJOwf5eL8XSm8i2NkKXcbVU7vlGmf8hl5GzkuS1QdUAa73s2VLwkd3vAiKzpXw5duTfMkIVwsSjRZ3YdLf5-fnmHLnOsvJPXdZv3TNJR_w/s72-c/11111555555.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/20_80.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/20_80.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy