දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනපති අනුර ජනපති මැදුරේ කෝකියන් තොගයක් ආපසු යවලා!

ජනාධිපති අනුර දිසානායක මහතාට තමන්ගේ වැඩපිළිවෙළක් නොමැති බවත් ඔහු කරන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම...

ජනාධිපති අනුර දිසානායක මහතාට තමන්ගේ වැඩපිළිවෙළක් නොමැති බවත් ඔහු කරන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු පත් කිරීම් සිදු කිරීමෙන් ඒ බව තේරුම් ගත හැකි බවද හෙතෙම කියා සිටියේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

පසුගිය 21 වෙනිදා ජනතාව විසින් ලබා දුන් ජන වරමට ගරු කරනවා පක්ෂයක් විදියට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතිතුමාට අපි සුභාශිංසන එක්කරනවා පක්ෂයක් විදියට. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා පොහොසත් රටක් සඳහා වූ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැකි ඉක්මනින් මේ මාතෘ භූමියේ යථාර්ථයක් කරාවි යැයි බලාපොරොත්තුවෙන් අපි ඉන්නවා. ඡන්දය ඉවර වෙලා දවස් පහක් යනකොට අපි දකිනවා ජාතික ජන බලවේගය දුන්න ඒ ප්‍රතිපත්ති , ඒ ඉදිරිපත් කරපු වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියනවා විනා, දැන් ඒ ප්‍රධාන කාරණයෙන් බැහැරව වෙන වෙන අවශේෂ කාරණා සඳහා යොමු වෙලා ඉන්නවා.

එක උදාහරණයක් ගත්තොත් දැන් සමාජ මාධ්‍ය ජාලාවල බොහොම තදින් සංසරණය වෙනවා ජනාධිපති මන්දිරයේ හිටපු කෝකිවරුන් හා ඒ සහායකයින් සියල්ල නැවත ඔවුන් සම්බන්ධ වූ ඒ ප්‍රධාන මූලස්ථානයන්ට යැව්වා කියලා. මේක මේ අලුත් දෙයක් නෙවෙයි මේක ඉස්සෙල්ලාම , මේ ආදර්ශය දුන්නේ ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහමන්දා සිං අග්‍රාමාත්‍ය තුමා , එතුමා එතුමාගේ චරිතාපදානයේදී ඒක ලියනවා , එතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙනකොට එතුමාගේ පෞද්ගලික බැංකුවල තිබුණු මුදල් අග්‍රාමාත්‍ය අරමුදලට බැර කරලා ආපු නායකයෙක් . එතුමා එහෙම අර මුදලට බැර කරලා අග්‍රාමාත්‍ය නිල නිවසේ ඉන්නකොට එහි සූපවේදියා අහනවා අද දහවල් කෑම වේල කොහොමද කියලා අහලා ආහාර මෙනු හතරක් දෙනවා . අග්‍රාමාත්‍යතුමා අහනවා මේ මොනවද කියල. එතකොට ඔහු කියනවා අග්‍රාමාත්‍යතුමනි මේ ඔබගේ දවල් රාත්‍රී සහ උදේ ආහාර වේල් වල වට්ටෝරු කියලා . අග්‍රාමාත්‍යතුමා කියනවා මට මේ වට්ටොරු මොනවත් එපා චපාති දෙහෙකුයි පරිප්පු හොද්දකුයි ගේන්න කියලා..

ඒ නිසා මේ වර්තමාන ජනාධිපතිතුමා මේ පොත හොඳට කියවලා තියෙනවා මේ කෝකිවරුන් අරක්කැමියන් සහායකයින් නැවත යවලා රටට පණිවිඩයක් දෙන්න හදනවා ඒක හොඳයි හැබැයි ඒක මාධ්‍ය සංදර්ශනයකින් නවත්තන්න එපා.

මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන මාතෘකාවක් වුණේ මේ ආර්ථික වැඩපිළිවෙළ විවේචනය කරන එක අපි දැන් බලන් හිටියා ජනාධිපතිතුමා ජාතිය අමතා ප්‍රකාශයන් දෙකක් කලා , එතුමා ජනාධිපති ධුරයට පත්වෙලා ජනාධිපති ලේකම් කාර්යාලය තුළ සිදුකළ කතාවේ කොයිම වෙලාවකවත් එතුමා සඳහන් කළේ නෑ ආර්ථික වැඩපිළිවෙළ අපි හරි ආසාවෙන් රටේ බහුතරයක් බලන් හිටියා ඊයේ එතුමා ජාතිය අමතනකම් මොකක්ද මේ ආර්ථික වැඩපිළිවෙළ කියල හැබැයි එතුමා ඊයෙත් කළේ වචන හරඹයක් සෙප්පට විච්ඡාවන් හා විවිධ සුරංගනා කතා වලින් කතාව අවසන් කළා මිසක් මේ රට ඉදිරියට ගෙනයන ආර්ථික වැඩපිළිවෙළ කිව්වේ නෑ , ඒක නිසා පක්ෂයක් විදියට අපට ගැටළුවක් තියෙනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ මේ ආර්ථික වැඩපිළිවෙළ ගැන.

ඒ අස්සේ අපි දැක්කා කැබිනට් එක පත් කරලා අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කරනකොට මහින්ද සිරිවර්ධන මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා වෙනස් කරන්න හිතන්නෙවත් නෑ . මහින්ද සිරිවර්ධන කියන්නේ කවුද ගෝඨාභය ජනාධිපතිතුමා අරගලයෙන් රට අරාජික වෙලා විකල්පයක් නැතුව ඉන්න වෙලාවේ මේ ආර්ථිකය කළමනාකරණය කරන්න හොයාගත්ත සුදුසුම කෙනා. ඒක නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් තමන්ගේ ධූර කාලය තුළ මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරය මහින්ද සිරිවර්ධන මැතිතුමාට දුන්නේ. එතුමා තමයි මේ වැටිච්ච ආර්ථිකය මේ තත්ත්වයට ගේන්න විශාල සහයෝගයක් දුන්න කෙනෙක්. එතකොට අපට ගැටළුවක් තියෙනවා නව අභිනව ජනාධිපතිතුමත් ගෙන යන්නේ පැහැදිලිව මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා ගෙන ගිය වැඩපිළිවෙළමයි කියන විශ්වාසය හා ගැටලුව අපට තියෙනව.

ඒ ගැන ප්‍රශ්න කරන්නේ තව හේතුවක් නිසා මොකද මහ බැංකු අධිපතිතුමා නන්දලාල් වීරසිංහ මැතිතුමා එම තනතුරේ දිගටම තියාගෙන තමයි අනුර ජනාධිපතිතුමා මේ වැඩපිළිවෙළ ගෙනියන්නේ.

ඒ නිසා එතුමාට ඡන්දය නොදුන්න 58%ක පාර්ශ්වයක් ලෙස අපට සුබවාදී බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙන ගිය ආර්ථික වැඩපිළිවෙලේමයි අනුර කුමාර දිසානායක නව ජනාධිපතිතුමත් යන්නේ.

එනිසා අපට පක්ෂයක් විදියට පැහැදිලි වෙමින් යනවා ඒ වගේම රටට අපට කියන්න අවශ්‍ය වෙලා තියෙන්නෙත් බය වෙන දෙයක් නැති වෙයි රනිල් ජනාධිපතිතුමා නවත්තපු තැනින් ඒ වැල් පාල පාලමේම මාතෘ භූමිය කියන මේ දරුවාව වඩාගෙන ඒ වැල් පාලම ඔස්සේම යයි කියන සුබවාදී බලාපොරොත්තුව රටට දෙන්න පුළුවන්කම තියෙනවා. එනිසා අපි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට තව කල් දෙන්න ඕන අපි බලාගෙන ඉන්නවා පක්ෂයක් විදියට ඔබතුමා කරන හරි දේට , අපි කියන්නෑ හොර වංචාව දූෂණය රාජ්‍ය දේපළ අවභාවිතා කරපු අය අත්අඩංගුවට ගන්න හා නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා අපි කියන්නේ නැහැ. අපි කියනවා ඔබතුමා කරගෙන යන හරි දේවල් වලට නව ජනතා පෙරමුණත් පක්ෂයක් විදියට උදව් කරනවා හැබැයි අපි ඔබතුමන්ලා කරන මාධ්‍ය සංදර්ශන සහ කොලේ වහල කොලේ ගහන සෙල්ලම් වලදී නව ජනතා පෙරමුණ පක්ෂයක් විදියට ඉදිරියට ඇවිල්ලා අපේ මතය කියන්න බය වෙන්නෙත් නැහැ කියලා අපි සඳහන් කරනවා.

අපට සතුටුයි කියන්න 58% ජනවරමට හිමිකම් කියන පාර්ශවයක් විදියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආර්ථික වැඩපිළිවෙළ ම ඉස්සරහට ගෙනයමින් තිබෙනවා හිටපු ජනාධිපතිතුමා කිව්වෙ ඩොලර් එක ශක්තිමත් කරන්න කියලා අනුර ජනාධිපතිතුමා කිව්වෙ බඩු මිල අඩු කරලා ජනතාවට සහන දෙන්න ඕන කියලා නමුත් අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කරනකොට මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මැතිතුමාම එම තනතුරේ තබා ගනිමින් මහා බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මැතිතුමා එම තනතුරේ තබා ගැනීම හේතුවෙන් අපට පැහැදිලි වෙනවා අනුර කුමාර දිසානායකට වෙන වැඩපිළිවෙළක් නෑ තියෙන්නේ රනිල් ජනාධිපතිතුමාගේ ආර්ථික වැඩ පිළිවෙල ඉස්සරහට ගෙනයාම පමණයි කියලා.. ඒ නිසා මේ නිලධාරීන් දෙදෙනාම පත්කළේ ගෝඨාභය ජනාධිපතිතුමා අන්තිම මොහොතේ..රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඔවුන් විශාල දායකත්වයක් ලබාදුන්නා ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා..අපට සතුටුයි රනිල් ජනාධිපතිතුමා මේ දරුවව වඩාගෙන වැල්පාලමේ අරගෙන ගිය මේ දරුවව අනුර ජනාධිපතිතුමා මේ වැල් පාලමෙන් එගොඩ කරනවා නම්

– Media unit

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28927,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති අනුර ජනපති මැදුරේ කෝකියන් තොගයක් ආපසු යවලා!
ජනපති අනුර ජනපති මැදුරේ කෝකියන් තොගයක් ආපසු යවලා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3cFm7CU3F8cYZ9AhpXbfu6Vtzdqynvl66yyppiuVNJT4Q8OzA8ZepFK2xSRD3FkzDazuPeNpxIffiOwV1ha-dz-FSbI96_UcpyQCgJSSctwKI5xLK7nWsV19fPvaHK3oH20p8yxKwjouP0elWr3I7jiGKebxM2JTcObZOS2JfMn6rfwp9-YP9e6OcMi5U/s320/anura-kumara.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3cFm7CU3F8cYZ9AhpXbfu6Vtzdqynvl66yyppiuVNJT4Q8OzA8ZepFK2xSRD3FkzDazuPeNpxIffiOwV1ha-dz-FSbI96_UcpyQCgJSSctwKI5xLK7nWsV19fPvaHK3oH20p8yxKwjouP0elWr3I7jiGKebxM2JTcObZOS2JfMn6rfwp9-YP9e6OcMi5U/s72-c/anura-kumara.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/09/blog-post_0.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/09/blog-post_0.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy