දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිය ගෘහ සේවිකාව වහල් සේවයේ යෙදවූ ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය ඩොලර් 5, 48,000ක් දඩ ගසයි …
Homeප්‍රවෘත්ති

සිය ගෘහ සේවිකාව වහල් සේවයේ යෙදවූ ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය ඩොලර් 5, 48,000ක් දඩ ගසයි …

PropellerAds

ස්වකීය ගෘහ සේවිකාවගේ විදේශ ගමන් බලපත්‍රය තමන් සන්තකයේ තබාගෙන, ඇයව පැයකට ඩොලර් ශත 75ක වැටුපකට වහල් සේවයේ යෙදවූ ඔස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍...

රවුෆ් හකීම්ට පහර දීමක්.. අපේක්‍ෂකයෙක් රෝහලේ - (video)
බැසිල් ඝාතන කුමන්ත‍්‍රණයක්.. තරු හෝටලයක ඉහල පෙලේ සාකච්චක්.. දැඩි පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි !
මැතිවරණ ජයගෙන මැතිවරණ කොමිසමේ බලතල අඩු කරනවා - මහින්දානන්ද
ස්වකීය ගෘහ සේවිකාවගේ විදේශ ගමන් බලපත්‍රය තමන් සන්තකයේ තබාගෙන, ඇයව පැයකට ඩොලර් ශත 75ක වැටුපකට වහල් සේවයේ යෙදවූ ඔස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය මහකොමසාරිස්වරිය වූ ද, වර්ෂ 2023 දී ජීනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිතවරිය ලෙස පත් කරනු ලැබුවා වූ ද හිමාලි අරුණතිලක ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණය ඉදිරියේ වරදකරුවෙක් කර තිබේ.
අධිකරණය හිමාලි අරුණතිලකට නියෝග කර ඇත්තේ සිය ගෘහ සේවිකාවට නොගෙවූ වැටුප සහ පොලිය වශයෙන් ඩොලර් පන් ලක්ෂ හතලිස් තුන්දහසක මුදලක් වහාම ගෙවන ලෙසය.

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස් හිමාලි අරුණතිලකට ඔස්ට්‍රේලියානු කම්කරු නීතිය අනුව ඇයගේ ගෘහ සේවිකාවට නොගෙවූ වැටුප් සහ පොලී වශයෙන් ඩොලර් 543,000ක් ගෙවීමට නියෝග කර ඇති අතර රැකියා නීති කඩකිරීම් සම්බන්ධයෙන් විශාල දඩයකට දැන් මුහුණ දීමට සිදුවී තිබේ.

හිමාලි අරුණතිලක ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස…

වර්ෂ 2015 සිට 2018 දක්වා කැන්බරා හි සේවය කළ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය වූ හිමාලි අරුණතිලක සිය සේවිකාව වන ප්‍රියංකා ධනරත්නට ඕස්ට්‍රේලියාවේ ගත කළ වසර තුනක කාලය ගෙවිය යුතු අවම වැටුප වංචා කර ඇති බව අධිකරණය විසින් තීන්දු කළේය.

මෙම නඩුව සම්බන්ධව කටයුතු කළ ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් විනිසුරුවරියක වන එලිසබෙත් රේපර් ප්‍රකාශ කළේ අධිකරණයට වාර්තා වූ සාක්ෂි අනුව මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිණියගේ නිවසේ සේවය කළ ප්‍රියංකා  ධනරත්න නම් ගෘහ සේවිකාව සතියේ දින හතේම උදේ 6 සිට රාත්‍රී 10 දක්වා සේවයේ යොදවා ඇති බවය.


ඇයට වසර තුනටම නිවාඩු ලබා දී ඇත්තේ දින දෙකක් පමණක් බවත්, ඒ තෙල් තාච්චියකට ඇගේ අත පිලිස්සීම නිසා බවත් විනිසුරුවරිය ප්‍රකාශ කළාය.

මෙම වසර තුනක කාලය තුළ සේවයේය යෙදවූ ගෘහ සේවිකාවට ගෙවා ඇත්තේ ඩොලර් 11,200 ක් පමණක් බවත් එය පැයකට ඩොලර් ශත 75ක් බවත් අධිකරණයට වාර්තා වී තිබේ.

ගෘහසේවිකාවගේ විදේශ ගමන් බලපත්‍රය තමන් සන්තයේ තබා ගත් මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිණිය ඇයට කැන්බරා නිවසින් තනිව පිටතට යාමට අවසර ලබා දී නැති බව අධිකරණය පවසයි.

මේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනිය සම්බන්ධව නිසි ලෙස විමර්ශනය කිරීමට අපොහොසත් වූ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල කළ විනිසුරුවරිය පෙන්වා දී ඇත්තේ හිමාලි අරුණතිලකට සාපරාධී වරදකට වැරදිකරු කර තීන්දුවක් ලබා දීමට අමතරව, ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සමීපව සොයා බැලුවේ නම්, ඇයගේ ගෘහ සේවිකාවගේ රැකියා ජීවිතය මීට වඩා යහපත් වීමට තිබූ බවය.


මෙම නඩුව මෑත කාලීන උදාහරණ කිහිපයකින් එකක් බවත්, සේවක ශ්‍රමය සූරාකමින් ඇති රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් විදේශයන්හි දී එම රටවල රැකියා නීතිවලට අනුකූල වීමට අපොහොසත් වීම විශාල දඩුවම් වලට ලක්ව ඇති බවත් විදේශ මාධ්‍ය වාර්තා කරයි.

වර්ෂ 2015 සහ 2016 අතර කාලයේ ඔස්ට්‍රේලියාවේ ඉන්දීය මහකොමසාරිස නවදීප් සූරි සිය ගෘහ සේවිකාව වහල් සේවයේ යෙදීමේ අපරාධයට වරදකරු වී ඇයට නොගෙවූ වැටුප සහ පොලිය ලෙස ඩොලර් 1, 89 000ක් ගෙවන ලෙස ඔස්ට්‍රේලියානු ෆෙඩර්ල අධිකරණය නියෝග කර තිබිණි.

කෙසේ වෙතත් මාධ්‍ය වාර්තා කරන්නේ හිමාලි අරුණතිලක හෝ නවදීප් සූරි ඔවුන්ට එරෙහි දියත් කළ නීතිමය ක්‍රියාමාර්ග පිලි පැද්දාද යන්න පැහැදිලි නැති බවත්, මෙම අවස්ථා දෙකේදීම වින්දිතයන්ට අධිකරනය නියෝග කළ මුදලින් ශතයක්වත් ලැබෙන්නට ඇති දැයි නොදන්නා බවත්ය.

“විදේශීය රාජ්‍යතාන්ත්‍රික නිවාසවල සිටින ගෘහ සේවිකාවන් ඕස්ට්‍රේලියාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි සහ හුදකලා වූ ශ්‍රමිකයන් අතර වෙනවා. 21 වැනි සියවසේ ඔස්ට්‍රේලියාවේ වසර තුනක් රැකියාවක සිරවී පැයකට ශත 75ක් උපයන කෙනෙක් ගැන සිතීම අපහසුය.

“මෙම තීරණය … මෙම කම්කරුවන්ට ඕස්ට්‍රේලියාවේ අයිතිවාසිකම් ඇති බවත්, තම සේවකයන් වහලුන් ලෙස තබා ගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය පිටුපස සැඟවිය නොහැකි බවත් පැහැදිලිවම තහවුරු කරනවා..” මෙම සිද්ධිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩේවිඩ් හිලාඩ් ජාත්‍යාන්තර මාධ්‍යයට පවසා තිබිණි.
-lankasara


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිය ගෘහ සේවිකාව වහල් සේවයේ යෙදවූ ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය ඩොලර් 5, 48,000ක් දඩ ගසයි …
සිය ගෘහ සේවිකාව වහල් සේවයේ යෙදවූ ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය ඩොලර් 5, 48,000ක් දඩ ගසයි …
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9hYOP-diNnuou8p8msoSMfvD5_zLIJxnJtPKAwX0EWc8ZPqsRUErfT5fHeTrrSH7CyT82cgFPA1MHKI1SNmVAAN5x54faCzhZhYZP2WpxR_ruo2yxR9AD5QvKFo1sCVzN_CHnuLcDphULsds4Wi1xDkNl6bkCAnYRGzutVIJGzFKJBF7ybI6IPPxDt9eA/s320/Ambassador_Himalee_Arunatilaka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9hYOP-diNnuou8p8msoSMfvD5_zLIJxnJtPKAwX0EWc8ZPqsRUErfT5fHeTrrSH7CyT82cgFPA1MHKI1SNmVAAN5x54faCzhZhYZP2WpxR_ruo2yxR9AD5QvKFo1sCVzN_CHnuLcDphULsds4Wi1xDkNl6bkCAnYRGzutVIJGzFKJBF7ybI6IPPxDt9eA/s72-c/Ambassador_Himalee_Arunatilaka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/08/5-48000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/08/5-48000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy