දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල්ගේ පිලට මම පනින්නේ නෑ! මගේ සහාය සජිත්ට විතරයි! ආණ්ඩුවට යනවා යනවා කියන සජබ මන්ත්‍රී මාන්නප්පෙරුම විශේෂ මාධ්‍ය හමුවක! VIDEO
Homeප්‍රවෘත්ති

රනිල්ගේ පිලට මම පනින්නේ නෑ! මගේ සහාය සජිත්ට විතරයි! ආණ්ඩුවට යනවා යනවා කියන සජබ මන්ත්‍රී මාන්නප්පෙරුම විශේෂ මාධ්‍ය හමුවක! VIDEO

PropellerAds

රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගත හැකි නායකත්වය සහ කණ්ඩායම සිටින්නේ සමගි ජනබලවේගයේ බවත් එම නිසා ජනාධිපතිවරණයකදී තමාගේ සහාය සමගි ජනබලවේගයේ නායක ...

හඬකවන ලද විදේශ ටෙලිනාට්‍ය ගාස්තුව වැඩි කෙරේ.
රත්මලාන ශ්‍රි විද්‍යාරාම කඨින මහා පිංකම තුරුණු හස්ති පදනමෙන්.
අතෙන් නැත්නම් බුලත් කොළෙන් - මහින්ද අමරවීර
රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගත හැකි නායකත්වය සහ කණ්ඩායම සිටින්නේ සමගි ජනබලවේගයේ බවත් එම නිසා ජනාධිපතිවරණයකදී තමාගේ සහාය සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බවත් සමගි ජනබලවේගයෙන් නොයන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානාප්පෙරුම මහතා පැවැසීය.

ඊයේ (31) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානාප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.


වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් මානාප්පෙරුම මහතා මෙසේද පැවැසීය,

‘‘රටේ ආර්ථිකය , ප්‍රජාතන්ත්‍රවාදය , විදේශ ප්‍රතිපත්ති , ජනතාවගේ මූලික අයිතිවාසිකම් ඇතුළු සියල්ල විකෘති තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය ද? පාර්ලිමේන්තු මැතිවරණයක් ද? නැතිනම් ජනමත විචාරණයක් ද? කියන ප්‍රශ්න වලට පිළිතුරක් දේශපාලඥයින් වන අපිටවත් ලබාදෙන්න අද නොහැකි වෙලා තිබෙනවා. එයින් පෙනෙන්නේ රටේ දේශපාලන තත්ත්වයේ අස්ථාවර භාවයයි.

ඇමෙරිකාවේ ඉදලා බැසිල් රාජපක්ෂ ලංකාවට ආවා. ඔහු ලංකාවට ආවේ රටේ ජනතාව ගැන දුක හිතලා නෙවෙයි. ඔහු ලංකාවට ආවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න. ලංකාවට ඇවිත් ඔහු කතා කරන්නේම පාර්ලිමේන්තු මැතිවරණයක් ගැන. අනිත් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කියනවා ජනමත විචාරණයක් පවත්වන ඕන කියලා. ජනාධිපතිවරයා කියනවා ජනාධිපතිවරණය පවත්වනවා කියලා. ආණ්ඩුව රටේ ජනතාව ගැන හිතලා නෙවෙයි මෙවැනි ප්‍රකාශ නිකුත්කරන්නේ ඔවුන්ගේ වාසිය උදෙසා තමයි මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ. ජනාධිපතිවරණය අදාල කාලසීමාවේදී අනිවාර්යෙන් තිබිය යුතුමයි. ඒ වෙනුවෙන් සමගි ජනබලවේගය පෙනී සිටිනවා.ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරිම වෙනුවෙන් සිදුකරන වියදම වියදමක් ලෙස සලකන්න බෑ. රටක ප්‍රජාතන්ත්‍රවාදයක් , නිවැරදි දේශපාලන විධික්‍රම තිබුණේ නැති වුනොත් රටේ ඊටත් වඩා නාස්තියක් සිදුවෙනවා.‘‘

රටේ අධ්‍යාපනය සෞඛ්‍ය කඩාකප්පල් වෙලා 

‘‘රටේ අධ්‍යාපනය කඩාකප්පල්වෙලා තිබෙනවා. ගුරු විදුහල්පතිවරු ඉල්ලම් ඉල්ලලා උද්ඝෝෂණය වැඩ වර්ජන කරනවා. විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ඇණහිටලා. විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය නිසා විශ්ව විද්‍යාලවල කටයුතු ඇණහිටලා. රජයේ පාසල් සහ රජයේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ඇණහිටලා තිබුණත් පෞද්ගලික පාසල්වල සහ පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදුවෙනවා. ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාදීලා රජයේ රෝහල්වල ප්‍රතිකාර ගන්න රෝගීන් මියයනවා. නමුත් පෞද්ගලික රෝහල්වල කිසිදු ප්‍රශ්නයක් නෑ. රටේ අත්‍යවශ්‍ය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කිරිමට රජය වහාම පියවර ගත යුතුයි.
රටේ දරුවන්ගේ සහ රෝගින්ගේ අයිතිවාසිකම් ලබාදෙන්න රජය කටයුතු කළ යුතුයි.‘‘

‘‘නිෂ්පාදන ආර්ථිකයක් තුළ බදු අදායම් උපයන්න වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි‘‘


ඒ වගේම ජාත්‍යන්තර අරමුදල සමඟ කටයුතු කළ යුතුයි කියලා මුලින්ම ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. රට යමිකිසි ක්‍රමවේදයකට ගමන් කළ යුතු නිසා තමයි ජාත්‍යන්තර අරමුදල සමඟ කටයුතු කළ යුතු බව සමගි ජනබලවේගය ප්‍රකාශ කළේ. ආණ්ඩුව ජාත්‍යන්තර අරමුදල සමඟ කටයුතු කරන්නේ නෑ කියලා අවසානයේ ජාත්‍යන්තර අරමුදල සමඟ කටයුතු කරන්න ආණ්ඩුවට සිදුවුණා. ආන්ඩුව ජාත්‍යන්තර අරමුදල සමඟ එකඟ වුණා යෝජනා ක්‍රියාත්මක කරන්න යන්නේ ජනතාව පීඩාවට පත්කරලා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව භාරගන්න පෙර දළ දේශීය නිෂ්පාදනයෙන් ලැබුණ බදු ආදායම සියයට 12 ක්ව තිබුණා. නමුත් අදවනවිට දළ දේශීය නිෂ්පාදනයෙන් ලැබෙන බදු ආදායම සියයට 7 ක් දක්වා පහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය වෙනස් කරන්න කියලා ජාත්‍යන්තර අරමුදල ආණ්ඩුවට යෝජනා කරලා තිබෙනවා. නමුත් ආණ්ඩුව දළ දේශීය නිෂ්පාදනයෙන් ලැබෙන බදු ආදායම වැඩි කිරිමට උත්සහ කරන්නේ මාසික වැටුපක් ලබන පිරිසගෙන් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වලින් ලැබෙන ආදායම් බදුවලින්. මෙවැනි පීඩනයකට රටේ ජනතාව පත් නොකර නිෂ්පාදන ආර්ථිකයක් තුළ බදු අදායම් උපයන්න වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව සමගි ජනබලවේගය ප්‍රකාශ කළත් එවැනි වැඩපිළි‍වෙළක් රජය අනුගමනය කරන තත්ත්වයක් පෙනෙන්නට නෑ.


‘‘ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ දීමනාවෙන් සියයට 5 ක් අයකිරිම නීතිවිරෝධි ක්‍රියාවක්‘‘


රජය නීතිවිරෝධි ආකාරයට බදු රැස්කරන අවස්ථාද තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලි ආදයමෙන් සියයට 5 ක් රජය ලබාගන්නවා. නමුත් නීතියට අනුව ලක්ෂයකට වඩා ආදායමක් ලබන අයගෙන් පමණයි සියයට 5 ක් ලබාගන්න පුලුවන්. ලක්ෂයට වඩා වැඩි ආදායමක් නැති පිරිසගෙන් සියයට 5 ක් ආණ්ඩුව කපා ගන්නවා. ඒක නැවත දෙනවා කියලා ආණ්ඩුව කිව්වත්. එලෙස ලබාදීමක් පෙනෙන්න නෑ. ලක්ෂයට වඩා අඩු ආදායමක් ලබාගන්නා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ දීමනාවෙන් සියයට 5 ක් අයකිරිම නීතිවිරෝධි ක්‍රියාවක්.

‘‘විදුලිබල මණ්ඩලය ලභ ලැබුවත් එහි සහනය ජනතාවට නෑ‘‘

විදුලිබිල අඩු කරන බව රජය පැවැසුවත් විදුලිබිල අඩුකරන තත්ත්වයක් පෙනෙන්නට නෑ. විදුලි බල මණ්ඩලය අධික ලාභයක් ලබලා තිබෙනවා කියලා ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරනවා. නමුත් රටේ ජනතාවගෙන් විශාල ප්‍රමාණයකට මාසික විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. වර්ෂාව පවතින නිසා විදුලිය ජනනය කිරිමේ පිරිවැය අඩුවෙලා තිබෙනවා. ඒ අඩුවීමේ සහනය ජනතාවට ලබාදෙන්න ආණ්ඩුය වහාම කටයුතු කළ යුතුයි.

‘‘දේශීය කුකුල් ගොවියා ශක්තිමත් කරන්න රජය කටයුතු කළ යුතුයි‘‘


නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරනවා කියලා කිව්වත් තවම ඒ දෙය සිදුවෙලා නෑ. බිත්තර තවම විදේශ රටවලින් ආනයනය කරනවා. ලංකාවේ කුකුල් ගොවිපළවල් සංවර්ධනය කරලා රටේ බිත්තර නිෂ්පාදනය වැඩිදියුණු කරන්න ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙනවා. කොමිස්වලට බිත්තර ගෙන්වීම නවත්වා දමලා දේශීය කුකුල් ගොවියා ශක්තිමත් කරන්න රජය කටයුතු කළ යුතුයි. රටට අවශ්‍ය බිත්තර දේශීය කුකුල් ගොවියාගෙන් ලබාගන්න රජය කටයුතු කළ යුතුයි.‘‘

‘‘අපේ කසල වලින් ප්‍රයෝජනයක් ගන්නේ නෑ‘‘

‘‘අපේ රටේ වසරකට ටොන් ලක්ෂ 4 ක් ප්ලාස්ටික් විසි කරනවා. අපි වෙනත් රටවලින් විසිකරලා අහුලගත්ත කසල ටොන් 6000 ක් වසරකට ආනයනය කරනවා. විදෙස් රටවිලන් අහුලගත්ත කුණු වලින් හදපු නිෂ්පාදන ලංකාවට ගෙන්න වර්ශයකට ඩොලර් මිලියන 1.5 ක් විදයම් කරනවා. අපේ කසල වලින් ප්‍රයෝජනයක් ගන්නේ නැතිව කසල ආනයනය කරන්න විශාල ඩොලර් ප්‍රමාණයක් අපි වියදම් කරනවා. අපේ කසල වලින් ප්‍රයෝජනයක් ගන්න වැඩපිළිවෙලක් හදන්නේ නැතිව වෙන රටවලින් ‍හදපු නිෂ්පාදන ලංකාවට ගේනවා. වර්තමාන රජයට එවැනි වැඩපිළිවෙළක් නෑ. ඩොලර් මිලියන 5 ක ෆයිනස් දැන ආනයනය කරනවා වර්ශයකට. අපේ රටේ ෆයිනස් දැව තියනවා අවුරුදු 20 කට ඇතිවෙන්න. වාණිජ වගා වලින් ෆයිනස් ගස් වගා කරලා තිබෙනවා. නමුත් ෆයිනම් ආනයනය කරන නිසා ලංකාවේ ෆයිනස් දැව කවුරුත් ගන්නේ නෑ. එක්ප්‍රස් පර්ල් නැවෙන් වර්ශයකට ඩොලර් බිලියන 6.5 ක වන්දියක් ලංකාව ඉල්ලලා තිබෙනවා. ඒ පිළිබඳව කිසිදු කතාවක් නෑ. ඒ සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් නෑ. විවිනිදභාවයක් නෑ. 2023 වර්ශය සඳහා වන්දියක් ඉල්ලලාවත් නෑ. ඒ වන්දිය ගණනය කරලත් නෑ. ජනතාව පිට බදු පිට බදු නොගසා රජයේ අනවශ්‍ය වියදම් පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් සොයලා බලලා කටයුතු කරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

‘‘රට වැටිලා තිබෙන අගාධයෙන් ගොඩගන්න ආණ්ඩුවට බෑ‘‘

‘‘ආණ්ඩුවට රට වැටිලා තිබෙන අගාධයෙන් ගොඩගන්න බැරි බව දැන් උප්පු වී තිබෙනවා. ඒ නිසා වහාම මැතිවරණයක් පවත්වන්න. සමගි ජනබලවේගයට රට ගොඩගන්න හැකි දක්ෂ නායකයෙක් දක්ෂ කණ්ඩායමක් සිටිනවා. ඒ නිසා රට ගොඩගැනීමට හැකියාව තිබෙන්නේ සමගි ජනබලවේගයට පමණයි. ජනාධිපතිවරණයකදී මගේ සහාය අනිවාර්යෙන්ම සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙනවා. එක්සත් ජාතික පක්ෂය සමඟ මම වැඩකරද්දි කිව්වා මහින්ද රාජපක්ෂ ලඟට යනවා කියලා. යහපාලන ආණ්ඩුව කාලයේදී කිව්වා මෛත්‍රීපාල සිරිසේන ලඟට යනවා කියපා. දැන් රනිල් ලඟට යනවා කියලා කියනවා. මම කරන්නේ වෛරී දේශපාලනයක් නෙවෙයි. අපි දේශපාලනය කරන්නේ රට වෙනුවෙන්. රට ගොඩගැනීමට අවශ්‍ය නිසා තමයි අපි දේශපාලනයට ආවේ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට යම්තාක් දුරකට ස්ථාවර කළත් එය අපිට සෑහිමකට පත්වෙන්න බෑ. තවත් රට ඉදිරියට යා යුතුයි. ඒ ඉදිරි ගමන තුළ රට ගොඩගන්න හැකි හොදම කණ්ඩායම සිටින්නේ සමගි ජනබලවේගයේ. සමගි ජනබලවේගයේ කණ්ඩායමට සහ සජිත් ප්‍රේමදාස මහතාට දැන් තිබෙන තත්ත්වයට වඩා රට ඉදිරියට ගෙනියන්න පුලවන්. වර්තමාන ජනාධිපතිවරයාට දක්ෂ කණ්ඩායමක් නෑ. ඉදිරි මැතිවරණ වලදි එක්විය යුත්තේ වෛරක්කාරී කණ්ඩායම් සමඟ නෙවෙයි රට දියුණු කරන කණ්ඩායමක් සමඟ කියලා රටේ ජනතාව තේරුම් ගෙන සිටිනවා. ඒ අනුව සමගි ජනබලවේගය වටා විශාල පිරිසක් මේ වනවිට එකුවෙමින් සිටිනවා. ‘‘

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල්ගේ පිලට මම පනින්නේ නෑ! මගේ සහාය සජිත්ට විතරයි! ආණ්ඩුවට යනවා යනවා කියන සජබ මන්ත්‍රී මාන්නප්පෙරුම විශේෂ මාධ්‍ය හමුවක! VIDEO
රනිල්ගේ පිලට මම පනින්නේ නෑ! මගේ සහාය සජිත්ට විතරයි! ආණ්ඩුවට යනවා යනවා කියන සජබ මන්ත්‍රී මාන්නප්පෙරුම විශේෂ මාධ්‍ය හමුවක! VIDEO
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguYs5S9VPtWKWno_MQAWjX9M53Sbm03PSRQjUrWyI42mCbq7plokBuDS16_XlguW8bCpQg0CyQRteyngtxQnpQvr0xDoWVUT7cxs0DSLblMVtMxgwAr1rtiVIoUwEHI7Ax1WZS9hSceZHyNM_Rkyn-MCVwc6bM2Vz4OoGDN5Z9jTBJtukm1eBtR-BQAaE4/s320/ajith-mannapperuma.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguYs5S9VPtWKWno_MQAWjX9M53Sbm03PSRQjUrWyI42mCbq7plokBuDS16_XlguW8bCpQg0CyQRteyngtxQnpQvr0xDoWVUT7cxs0DSLblMVtMxgwAr1rtiVIoUwEHI7Ax1WZS9hSceZHyNM_Rkyn-MCVwc6bM2Vz4OoGDN5Z9jTBJtukm1eBtR-BQAaE4/s72-c/ajith-mannapperuma.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/06/video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/06/video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy