දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොමිෂන් සභා 03ක නිර්දේශ ක්‍රියාත්මක නොකර ජනාධිපති පාස්කු ප්‍රහාර විමර්ශනයට තවත් කමිටුවක් පත් කරන කරන්නේ දේශපාලන විහිලුවක්… කතෝලික සභාව දන්වයි!
Homeප්‍රවෘත්ති

කොමිෂන් සභා 03ක නිර්දේශ ක්‍රියාත්මක නොකර ජනාධිපති පාස්කු ප්‍රහාර විමර්ශනයට තවත් කමිටුවක් පත් කරන කරන්නේ දේශපාලන විහිලුවක්… කතෝලික සභාව දන්වයි!

PropellerAds

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරික්ෂණ පැවැත්වීම සඳහා පත් කළ මළල්ගොඩ කොමිෂන් සභාවේත්, ව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේත, විශේෂ ජනාධිපති කොමිෂන් සභා...

රනිල් අද ජනාධිපතිවරණ සටන අරඹයි..
කට වහන නීති මැද, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන බිය වැද්දීමේ උත්සාහයක්..
අවුරුදු 5ක් කිරිපිටි සමාගම් මිනිස්සුන්ගෙන් ගසා කාලා! මිල සූත්‍රය ක්‍රියාත්මක කරලා නෑ! කෝටි ප්‍රකෝටි ගණන් ලබා ගත්ත මේ ‌සමාගම්වලට දෙන දඬුවම මොකද්ද? ‌අපි බලාගෙන ඉන්නවා! VIDEO
පාස්කු ප්‍රහාරය පිළිබඳ පරික්ෂණ පැවැත්වීම සඳහා පත් කළ මළල්ගොඩ කොමිෂන් සභාවේත්, ව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේත, විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේත් අවසන් විමර්ශන වාර්තාවලින් ඉදිරිපත් කර ඇති නිර්දේශ පමණක් නොව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධ චූදිතයන්ට ලබා දී ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පසෙක තබා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන පැවැත්වීමට ජනාධිපතිවරයා තවත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම විහිළුවක් බවත් එම විහිළු සහගත නාටකය එළඹෙන ජනාධිපතිවරණය මුල්කරගෙන නිර්මාණය වී ඇතැයි විශ්වාස කළ හැකි බවත් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමා ඊයේ (14) ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා විසින් පත් කරන ත්‍රි පුද්ගල කමිටුව පරික්ෂණ පැවැත්වීමට අදහස් කරන්නේ ඉන්දියාවෙන් ලැබුණු බුද්ධි තොරතුරු පිළිබඳව අපේ බුද්ධි අංශ ක්‍රියාත්මක වූ ආකාරය යැයි සඳහන් බව කියන සිරිල් ගාමිණී පියතුමා පෙන්වා දෙන්නේ මේ විෂය ක්ෂේත්‍රය සම්බන්ධව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ජනාධිපති කොමිසමක් මගින් පුලුල් විමර්ශනයක් කර ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකර ජනාධිපතිවරයා මේ කරන්නට හදන උත්සාහය පසුපස සැබෑ අපරාධකාරයින් සැඟවීමේ වෑයමක් පෙනෙන බව ද සිරිල් ගාමිණී පියතුමා කියයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධව චෝදනා එල්ලවන දේශබන්දු තෙන්නකොන් පොලිස්පතිවරයා ලෙස තබාගෙන,  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිසියේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස තබාගෙන, සුරේෂ් සලේ බුද්ධි ප්‍රධානියා ලෙස තබාගෙන ජනාධිපතිවරයා විසින් කරන්නට සැලසුම් කරන කමිටුව කුමක් අරභයා කටයුතු කරන්නේද යන්න සැකයක් උපදින බවය.

එබැවින් ජනාධිපතිවරයාගේ මෙම කමිටුව කතෝලික සභාව විසින් පිළි නොගන්නා බවද සිරිල් ගාමිණී පියතුමා පැවසුවේය. සිරිල් ගාමිණි පියතුමා මාධ්‍ය හමුව අමතමින් ජනාධිපතිවරයාගේ පාස්කු විමර්ශන ත්‍රි පුද්ගල කමිටුව ගැන දැක්වූ අදහස් මෙසේය.

අප දන්නවා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැනන විමර්ශනය කරලා නිර්දේශ ඉදිරිපත් කරන්න පළමුව මළල්ගොඩ කොමිෂන් සභාව පත් කළා. පසුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්, පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු සෙවීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළා.

මේ කොමිෂන් සභා තුනේම වාර්තාවන් තියනවා. ඒ වගේම පාර්ලිමේන්තු විශේෂ කමිටුවෙත් ඒ වගේම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙත් සම්පූර්ණ වාර්තාවන් දැන් පිටවෙලා තියනවා. එම වාර්තාවන් දැන් ජනාධිපතිවරයාට යොමු කරලා තියනවා. ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දීලා තියනවා. කතෝලික රදගුරු මණ්ඩලයට ලබා දීලා තියනවා.

ජනාධිපති කොමිෂන් සභාව දීර්ඝ කාලයක් දීර්ඝ විදිහට මෙම ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු කරලා නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරලා තියනවා. නමුත් මේ වනතුරත් මේ නිර්දේශ එකක්වත් ක්‍රියාත්මක වෙලා නෑ.

මෙතෙක් පත් කළ කොමිෂන් සභාවල අර්ථය කුමක් ද?

අපි එදා ඉඳන් ඉල්ලපු දේ තමයි මේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ ඉදිරිපත් කරලා තියන නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් ඒ නිර්දේශ එකක්වත් රජයවත් නීතිපතිවරයාවත් ක්‍රියාත්මක කරලා නෑ. නමුත් මේ කොමිෂන් සභා දෙකටත් පාර්ලිමේන්තු කමිටුවටත් ජනතාවගේ මුදල් ලක්ෂ කෝටි ගණන් වියදම් කරල තියනවා. විශාල කාලයක් කැප කරලා තියනවා. හුඟ දෙනෙකුගේ ශ්‍රමය ඊට වැය වෙලා තියනවා. නමුත් එම කොමිෂන් සභාවල නිර්දේශ ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් එතකොට ඒ විමර්ශන කොමිෂන් සභාවල ප්‍රයෝජනය මොකක්ද කියන එක පිලිබඳව අපට ප්‍රශ්නයක් තියනවා.

මේ විශේෂයෙන්ම ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව කියවලා බැලුවාම අපට තේරෙන දේ තමයි ඉන්දියාවෙන් සති ගණනකට පෙර නිලන්ත ජයවර්ධන මහත්මයාට ලැබුණයි කියන මේ බුද්ධි තොරතුරු පිලිබඳව පොලිසියත් ඒ වගේම ඉහළ නිලධාරීනුත්, බුද්ධි අංශත් ක්‍රියා කළ ආකාරය. ඒ පිළිබඳව දීර්ඝ ලෙස විමර්ශනයක් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව තුළ කෙරිලා තියනවා. එම දීර්ඝ විමර්ශනය කරලා එම විමර්ශනයෙන් ඉදිරිපත් වෙච්චි කරුණුත් මේ අවසාන වාර්තාවේ පිටු ගණනාවක සඳහන් වෙලා තියනවා. ඒ අනුව මෙම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව නිර්දේශ කීපයක්ම ඉදිරිපත් කරලත් තියනවා.

විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහත්මයාට විරුද්ධව දණ්ඩනීති සංග්‍රහය යටතේ අධිකරණයේ අපරාධමය නඩුවක් පවරන්නට කියලා නීතිපතිවයරාට නිර්දේශ කරලා තියනවා. තවත් පොලිිසියෙ කීප දෙනෙකුට එවැනි නිර්දේශ කරලා තියනවා. එම නිර්දේශයන් ඉදිරිපත් කරලා තියෙන්නේ විමර්ශනයන් සිදුකිරීමෙන් පසුවයි.

එහෙමනම් තව දුරටත් මේ පිළිබදව කරන්න තියන විමර්ශන මොනවද?

කරන්න තියන දේ තමයි විමර්ශනවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම. විශේෂයෙන්ම නිලන්ත ජයවර්ධන මහත්මයට එරෙහි නිර්දේශය ක්‍රියාත්මක කිරීම. ඔහුට එරෙහිව නඩු පැවරීම. දැන් නැවත වතාවක් මේ කාරණය ගැන පමණක් විමර්ශනයක් කරන්න තුන් දෙනෙකුගෙ කමිටවක් පත් කරලා තියනවා. වාර්තාව සැප්තැම්බර් මාසේ 01 ට පෙර ලබා දෙන්න කියලත් ප්‍රකාශ කර තියනවා අපි දැක්කා.

අඑතකොට බොහොම පැහැදිලියි මොකක්ද මේ කරන්න යන්නේ කියන එක. මෙච්චර සල්ලි නාස්ති කරලා මෙච්චර ශ්‍රමය නාස්ති කරලා ශ්‍රේෂ්ඨාධිකරණ  විශ්‍රාමික විනිසුරුවරුන් කීපදෙනෙකුගෙන් සමන්විත මේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකර ඇයි මේක ගැනම නැවත විමර්ශනය කරන්න කමිටුවක් පත් කරන්නේ. ඒක කිසිම තේරුමක් නැති විහිලුවක් ලෙසයි අපි දකින්නේ.

මේ කරන්න උත්සාහ කරන්නේ අපි දකින හැටියට යම් කිසි ප්‍රයෝජනවත් දෙයක් නෙමෙයි. විශාල ජනතා මුදල් ප්‍රමාණයක් තේරුමක් නැති කටයුත්තකට වියදම් කිරීම පමණයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ කමිටුව අප පිළිගන්නෙ නෑ කියන එක ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරනවා.

කමිටුව පිළිනොගන්නේ ඇයි.

මෙහෙම කමිටුවක් පත් කරන්න ජනාධිපතිවරයා තීරණය කරද්දි ඒ පිටිපස තියන දේ මොකක්ද කියලා අපි කල්පනා කරන්න ඕන. දැන් අපි හිතමු විමර්ශනයක් සිද්ධ වෙනවා කියලා. අද ඉන්න පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තමයි මේ කමිටුව ඉදිරියේ විමර්ශනයට ලක් වෙන්නේ. නිලන්ත ජයවර්ධන සුරේෂ් සලේ තමයි කමිටුව ඉදිරියෙ විමර්ශනයට ලක් වෙන්නේ. අද ඒ අය ඉන්න ධූරයන්වල නිලතලවල තියාගෙනම කොහොමද එහෙම සාධාරණව විමර්ශනයක් සිද්ධ වෙන්නේ. සිදුකරන්න පුලුවන්ද ඒක.

අපි දන්නවා දේශබන්දු තෙන්නකෝන් මහත්මයා මේ රටේ පොලිස්පති. නිලන්ත ජයවර්ධන මහත්මයා මේ රටේ පොලිසියේ දෙවැනි බලධාරියා. සුරේෂ් සලේ වගේ කෙනෙක් මේ රටේ බුද්ධි නායකයා. පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ චෝදනා ලබන හැම දෙනෙක්ම මේ බලය සහිත උසස් නිලතලවල තියාගෙන ඒ අය පිළිබඳව විමර්ශන කරන්න පුලුවන්කමක් තියනව ද?. එහෙම මොන රටේද සිද්ධ වෙන්නේ.

ඒ නිසා අපි දකින්නේ මේ කමිටුවට පුලුවන්කමක් නෑ මේ විමර්ශනය කරන්න. ඒ අයගේ ධූරවලින් ඒ අය ඉවත් කරලා ඒ අයගේ සේවාව අත්හිටුවලා ස්වාධීන පරීක්ෂණයක් සිදුවෙන්න ඕන. නමුත් රජය කළේ මේ දක්වා ඒ අයට උසස්වීම් ලබා දීලා හිටියට වඩා උසස් ධූරවලට පත් කරන එක. එහෙම නැතිව මේ අයගේ සේවය අත්හිටුවලා පරීක්ෂණ කිරීම නෙමෙයි.

ඒ නිසා අපි දකිනවා මේ පිටුපස තියෙන්නෙ අවංක චේතනාවක් නොවෙයි කියන එක. මේ දේවල්වලින් පාස්කු ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන්, සබෑ සැලසුම්කරුවන්,  සොයා ගන්න පුලුවන් වේවිද කියලා අපට හිතෙනවා. අපට අවශ්‍ය වන්නේ පාස්කු ප්‍රහාරය පිටුපස තියන සත්‍ය මොකක්ද?. කවුද ඒකට නියම වශයෙන් වගකියන්න ඕන. කවුද ඒ ප්‍රහාරය පසුපස හිටියෙ කියන එක පිළිබඳව ඇත්ත සොයා ගැනීම

මේ වගේ කමිටුවකින් එහෙම දෙයක් වෙන්නෙ නෑ කියලා අපිට වැටහෙනවා. ඒ නිසයි අපි ඒ කමිටුව පිළිගන්නේ නෑ කියලා අපි ප්‍රකාශ කළේ.

කොමිෂන් සභා තුනක  නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට හේතුව කුමක් ද?

මේ කමිටුව පිහිටුවන්න කලින් කරන්න තිබණේ ජනාධිපති විමර්ශන සභාවෙ නිර්දේශ ක්‍රියාත්මක කිරීම. කීප දෙනෙකුටම අපරාධමය නඩු පවරන්න කියලා කොමිසම කියා තිබෙනවා. මේ නිර්දේශය ක්‍රියාත්මක කර මේ අයට නඩු පැවරුවා නම් මේ සත්‍ය හෙළිදරව් කරගන්න එක ඒ තරම් අපහසු දෙයක් නෙමෙයි. ඒක එකක්.

ඊලඟ කාරණය තමයි මේ නිලධාරීන් මේ පාස්කු ප්‍රහාරයට වගකිවයුතුයි කියන තීරණයක් ලබා දුන්නා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැවරූ පෙත්සමක් විභාග කළාට පස්සේ. එතකොට නිලන්ත ජයවර්ධනත් ඇතුළු තවත් කීපදෙනෙකුටම ශ්‍රේෂ්ඨාධීකරණය විසින් වන්දි මුදල් ගෙවන්න කියලත් නිර්දේශ කළා. එහි තව නිර්දේශයකුත් තියනවා නිලන්ත ජයවර්ධන ඇතුළු මෙම පොලිස් නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න කියලා. මේ කිසිම දෙයක් සිදුකන්නෙ නැතිව මේ අය පැහැදිලිවම පාස්කු ප්‍රහාරයට වගකිවයුතුයි කියන තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දීලා තියෙද්දි තවත් මොනවද විමර්ශනය කරන්න තියෙන්නෙ තවත් කමිටු පත් කරලා.

මේක මුදල් සහ කාලය නාස්තියක්. අපට හැඟෙන දේ තමයි ජනාධිපතිවරයා පත් කරලා තියන මේ කමිටු පත්කිරීම පිටුපස තියෙන්නේ දේශපාලන අවශ්‍යතාවයක් ද කියන එක. අපි දකිනවා මේකෙන් අවශ්‍යතාවය තියනවද කියලා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් අපරාධකරුවන් වසන් කරන්නට. එහි සත්‍ය හෙළිදරව් කරගැනීම ජනාධිපතිවරයාගේ අවංක උත්සාහය නම් ඔහු කළ යුත්තේ අර නිර්දේශ ක්‍රියාත්මක කිරීමයි. ඊට උපදෙස් දීමයි. ඒ උපදෙස් නියම ආකාරයෙන් ක්‍රියාත්මකවනවාද යන්න සොයා බැලීමයි.

ඒ වගේම අපි විටින් විට නොයෙක් අවස්ථාවලදී සභාව හැටියට යෝජනා කරලා තියනවා මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියන එක. ඒ පිළිබඳව කිසිම තැකීමක් නොකර, අඩුම තරමින් ඒ ඉල්ලීම්වලට කිසිම ප්‍රතිචාරයක් නොදක්වා අඩුම තරමින් එම ලිපි ලැබුණ බවට ලිඛිතව දැනුම් නොදී නින්දෙන් ඇහැරුණා වගේ කමිටුවක් පත් කරලා තියනවා. නමුත් ඒ කමිටුවෙන් කරන්න යන දේ කිසිම අර්ථයක් ප්‍රයෝජනයක් නැති දෙයක් කියලා අපට වැටහෙනවා. ඒ නිසා මේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරිත්වය අප පිළිගන්නේ නෑ.

අනෙක් පැත්තෙන් මේ කමිටු පත් කිරීම හරිම විහිළුවක්. තවත් නාට්‍යයක් හැටියට. ඒ වගේම මේක මැතිවරණය ඉලක්ක කරගෙන මිනිසුන් රවටන්න කරපු දෙයක් ද කියන සැකය අප තුළ තිබෙනවා. නමුත් අපි විශ්වාස කරන්නෙ නෑ ජනතාව තවදුරටත් මේ විදිහෙ රැවටීම්වලට ලක් වේවි කියලා. ජනතාව දැන් දන්නවා මොනවද සිදුවුනේ සිදුවෙලා තියෙන්නෙ කියලා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ නෑ ජනතාව තවදුරටත් මේ දේවල්වලට රැවටෙයි කියලා.

කීර්ති ප්‍රනාන්දු
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොමිෂන් සභා 03ක නිර්දේශ ක්‍රියාත්මක නොකර ජනාධිපති පාස්කු ප්‍රහාර විමර්ශනයට තවත් කමිටුවක් පත් කරන කරන්නේ දේශපාලන විහිලුවක්… කතෝලික සභාව දන්වයි!
කොමිෂන් සභා 03ක නිර්දේශ ක්‍රියාත්මක නොකර ජනාධිපති පාස්කු ප්‍රහාර විමර්ශනයට තවත් කමිටුවක් පත් කරන කරන්නේ දේශපාලන විහිලුවක්… කතෝලික සභාව දන්වයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjncTxb3aBVWaZhl44hIW0YyIyCoWHtFXpIdncwJlcih-m3GEGDUw1LzpzqB-xReh6ByP4U9wZ56eA8DoMrS54jyj5FqjLJmcgsptrDy-CzNHFLb5ywgVhND4Cx3rqtgWbVDth5km80X7BxFOAbsPWes1C8t89V7I0FmTM6lmZkzxg9jlmH2L3BLoEDVs0r/s320/Siril-Gamini-piyathuma.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjncTxb3aBVWaZhl44hIW0YyIyCoWHtFXpIdncwJlcih-m3GEGDUw1LzpzqB-xReh6ByP4U9wZ56eA8DoMrS54jyj5FqjLJmcgsptrDy-CzNHFLb5ywgVhND4Cx3rqtgWbVDth5km80X7BxFOAbsPWes1C8t89V7I0FmTM6lmZkzxg9jlmH2L3BLoEDVs0r/s72-c/Siril-Gamini-piyathuma.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/06/03.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/06/03.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy