ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය ඉදිරියෙන් සිටින බවත්, එය සත්‍යයක් බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් ක...
ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය ඉදිරියෙන් සිටින බවත්, එය සත්‍යයක් බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කර සිටියේය. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ 40%කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය මේ වන විට ඉදිරියෙන්ම සිටින බවකි.
එමෙන්ම පොහොට්ටුව 35%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන දෙවැනි ස්ථානයේ සිටින බවත්, ජවිපෙට 15%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවන බවත් එස්.බී. දිසානායක මහතා සඳහන් කර සිටියේය.
කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 5%ට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවද එස්.බී. දිසානායක මහතා අවධාරණය කළේය.
COMMENTS