ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වැදීමට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේෂ්ඨයන් කිහිපදෙනෙකුම හිටපු අමාත්‍ය බැසිල් රා...
ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වැදීමට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේෂ්ඨයන් කිහිපදෙනෙකුම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ පොදු ජන පෙරමුණේ අපේක්ෂක ලෙස බැසිල් රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියට පත් කළ යුතු බවත් ඊට පෙර ඇමරිකානු පුරවැසිභාවය වත් කරගත යුතු ඔවුන් යෝජනා කර ඇත.
පසුගිය ජනාධිපතිවරණයේදී ද මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරනයට සූදානම් වන බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියත් ඊට එරෙහිව ඇති වූ මත බිදීම් හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේක්ෂත්වය ලබාදීමට සිදුවී ඇත.
දැනටමත් සෙසු දේශපාලන පක්ෂ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි ප්‍රකාශ කර ඇති නිසා පොදු ජන පෙරමුණ තම අපේක්ෂකයා ප්‍රකාශය කළ යුතු බව ජේෂ්ඨයන්ගේ අදහස වී ඇත.
කෙසේ වෙතත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මිලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍ය ධුර දරන බොහෝ දෙනෙකු දැනටමත් ප්‍රකාශ කර තිබේ.
COMMENTS