ශ්රී පාදස්තානයේ විදුලි පරිභෝජනය වෙනුවෙන් ගාස්තුවක් කිසිදු අවස්ථාවක ගෙවීමක් සිදු නොකරන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හ...
ශ්රී පාදස්ථානයට වැයවන විදුලිය සඳහා මුදල් අයකිරීමක් කිසිදාක සිදු නොකළ බවද පවසන උන්වහන්සේ ශ්‍රී පදස්තානය විදුලි බිල් ගෙවා දැමීම සඳහා බැඳීමක් නැති බවත් ගෙවන්නේද නැති බවත් පැවසූහ.
ශ්‍රී පාදස්ථානයට පැමිණෙන මාර්ග සඳහා විදුලිය ලබා දී ඇත්තේ ඉල්ලීමක් වත් සිදු නොකර බවද උන් වහන්සේ පවසති.
ශ්‍රී පාදස්ථානයට පැමිණෙන මාර්ග වල විදුලිය සැපයීම සඳහා මුදල් ගෙවීමට බැඳී නැති බවත් මහාමාර්ග වල විදුලි බල්බ සදහා කිසිවකුගෙන් මුදල් අය නොකරන බවද උන්වහන්සේ කියා සිටියහ.
කෙසේ වෙතත් ශ්‍රී පාද මළුව සඳහා අවශ්‍ය විදුලිය ලබා ගැනීමට මේ වන විටත් විදුලි උත්පාදක යන්ත්‍රයක් උඩමළුවට ගෙන ගොස් ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.
එළඹෙන ශ්‍රීපාද වන්දනා සමය පිළිබඳ පැවති සාකච්ඡාවක දී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

COMMENTS