දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත : ඇමති ටිරාන් සහ සිවිල් සංවිධාන අතර එකඟත්වයක්!
Homeප්‍රවෘත්ති

සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත : ඇමති ටිරාන් සහ සිවිල් සංවිධාන අතර එකඟත්වයක්!

PropellerAds

මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මහජන ආරක්ශක අමාත්‍ය ටිරාන් අලස් සහ සිවිල් සංවිධාන, මාධ්‍ය සංවි...

උසස් පෙළ ගුරුවරුන්ට සහ සිසුන්ට ටැබ් පරිගණක
යාපනය විශ්ව විද්‍යාලය තුළ කොටි ස්මාරකයක් ඉදි කරයි (PHOTOS)
අමල් පෙරේරා මත්ද්‍රව්‍ය ගෙන සිටි බවට පළ වූ වාර්තා අසත්‍යයි
මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මහජන ආරක්ශක අමාත්‍ය ටිරාන් අලස් සහ සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ නියෝජිත පිරිසක් අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ  (06) පස්වරුවේ පැවැත්විණි.

මෙම පනත ගෙන ඒමේදී පාර්ශ්වකරුවන් සමග පුළුල් සාකච්ඡාවක්, උද්දේෂණ ක්‍රියාවලියක් සිදු කළ යුතුව තිබූ නමුත් එසේ නොකොට මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුලින් සමාජය තුල දැඩි කතාබහක් ඇති වී ඇති බවත්, මෙම පනත තුලින් අදහස් ප්‍රකාශ කිරීමෙ නිදහස ඇහිරීමත්, දේශපාලන අධිකාරිය විසින් පත් කරනු ලබන ස්වාධීන නොවන කොමිෂන් සභාවක් මගින් ප්‍රකාශණ පිළිබඳව තීරණ ගැනීම ද සිදු වන බවත් මෙහිදී එම නියෝජිතයින් පෙන්වාදුන්නේ ය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින්ද එහිදී කරුණු පැහැදිලි කරමින්, මෙම පනත ගෙන ඒම 2016 වර්ශයේ සිට කරගෙන ආ ක්‍රියාවලියක ප්‍රථිපලයක් බවත්, අධිකරණ අමාත්‍යවරු දෙදෙනෙක් යටතේ ක්‍රියාත්මක වුනු, නීති කොමිසම විසින් මෙම පනත සකස් කර ඇති බවත්, එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ වගකීම කැබිනට් මණ්ඩලය තමා වෙත පැවරූ බවත්, ඒ අනුව තමා විසින් එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත්, මාර්ගගත ක්‍රම හරහා වින්දිත භාවයට පත් වන කාන්තාවන් ළමුන් ඇතුලු පිරිස් වලින් ලැබෙන පැමිණිලි දිනෙන් දින ඉහල යන බවත්, මෙම පනත හරහා ඔවුනට සිදු වන පීඩා අවම කිරීමටද අරමුණු කරන බවත් ප්‍රකාශ කලේය.

තවද, මෙම සාකච්චාවේ ප්‍රතිඵලයක් ලෙස, මෙම පනත පිළිබඳ ලබා දෙන අදහස් සහ යෝජනා සැලකිල්ලට ගන්නා අතරම ආසියානු අන්තර්ජාල සහයෝගීතාවය (Asia Internet Coalition) , ශ්‍රී ලංකා නීතීඥ සංගමය, තානාපති කාර්‍යාල සහ සිවිල් හා මාධ්‍ය සංවිධාන සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, මාධ්‍ය නීති සංසඳය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, FACTUM ආයතනය, සමාජ මාධ්‍ය එකමුතුව ඇතුළු සංවිධාන සහභාගී විය.

සැබෑ අවභාවිතයන් සම්බන්ධයෙන් නිසි නියාමනයක අවශ්‍යතාව

මෙම සාකච්ජාවට සහභාගිව සිටි සිවිල් සංවිධාන ක්‍රියාකාරික රංග කලන්සුරිය එම සාකච්ජාවෙන් පසුව සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.

”ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ පනත් කෙටුම්පත ගැන අද (ඔක්තෝබර් 6) මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සහ අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක මහතා සමග එම අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්වුණා.

වෙබ් අවකාශයේ සැබෑ අවභාවිතයන් සම්බන්ධයෙන් නිසි නියාමනයක අවශ්‍යතාව ගැන සියලු දෙනා එකඟ වූ අතර, කෙටුම්පතේ ප්‍රකාශන නිදහසට අහිතකර යෝජනා නුදුරු අනාගතයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හඳුනා ගනු ඇතැයි විශ්වාසය පල වුණා.

ශ්‍රී ලංකාවේ නීති ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු සහ විෂමතා රැසක් ඇති බැවින් මෙවැනි නව නීතියක අර්ථ නිරූපණ සහ වැරදි ඉතා නිශ්චිත ලෙසින් ප්‍රකාශිතව තිබීම වැදගත් බවත් රැස්වීමේදී පිළි ගැනුණා.

ගැසට් කොට තිබෙන කෙටුම්පතේ අඩුපාඩු රැසක් සංශෝධනය විය යුතු බවත්, ඒ සඳහා අදාල සියලුම පාර්ශවයන් සමග පුළුල් සාකච්ඡා සහ සංවාද පැවැත්වීම අවශ්‍ය බවත් අප විසින් පෙන්වා දුන් පසු, ඇමතිවරයා ඊට පූර්ණ එකඟතාව පළ කළා.

මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ යම් කාල සීමාවක් තුල දෙස් විදෙස් පාර්ශවකරුවන්ගේ සහ මහජනයාගේ අදහස් උදහස් විමසීමෙන් පසුව පමණක් බවටත්, පාර්ශවකරුවන් සමග පවත්වන සාකච්ඡා විනිවිදභාවයකින් පවත්වන බවටත් අමාත්‍යවරයා එකඟ වුණා.

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පවතින සියලුම ගැටළු මහජන ආරක්ෂක අමාත්‍යාංශයට ලිඛිතව ලබා දෙන ලෙස අමාත්‍යවරයා සහ ලේකම්වරයා ඉල්ලා සිටියා.”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත : ඇමති ටිරාන් සහ සිවිල් සංවිධාන අතර එකඟත්වයක්!
සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත : ඇමති ටිරාන් සහ සිවිල් සංවිධාන අතර එකඟත්වයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkQ3aoEtVawS6xYHj5weGDre3ZQoDau8UBYZT8N9DutdB1NvBSZSqeicV9aaNywOg8Dg91JyCZr-wkXTYwjynmhzeqPRx6q16jYEH3i9C3lx5yIObs0ez7kubRRVMJKj1rlQOB8IAXLWdAj4xq2m0V5DSJuuFeezKXNJiDsHgd_YclFXvnY2y9P75NPqsD/s320/tiran.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkQ3aoEtVawS6xYHj5weGDre3ZQoDau8UBYZT8N9DutdB1NvBSZSqeicV9aaNywOg8Dg91JyCZr-wkXTYwjynmhzeqPRx6q16jYEH3i9C3lx5yIObs0ez7kubRRVMJKj1rlQOB8IAXLWdAj4xq2m0V5DSJuuFeezKXNJiDsHgd_YclFXvnY2y9P75NPqsD/s72-c/tiran.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/10/blog-post_76.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/10/blog-post_76.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy