මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත ජනප්‍රිය ගායක අමල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට කෙරෙන පරීක්ෂණයේ වාර්තාව මෙතෙක් පැමිණ නො...
මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත ජනප්‍රිය ගායක අමල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට කෙරෙන පරීක්ෂණයේ වාර්තාව මෙතෙක් පැමිණ නොමැති බව ඔහු වෙනුවෙන් පෙනී සිටීමට එරටට ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ඩුබායි සිට ඒෂියන් මිරර් වෙබ් අඩවිය වෙත සඳහන් කළේය.
ඩුබායිහි සිට තොරතුරු ගෙන එමින් ඔහු පැවසුවේ අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා අදාළ අවස්ථවේ මත්ද්‍රව්‍ය භාවිත නොකළ බව රුධිර සාම්පල වාර්තාව මඟින් සනාථ කර ඇති බවයි.
අමල් සහ නදිමාල් පෙරේරා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයින් බවට තමන් විසින් ඩුබායි පොලිසියට පෙන්වා දීමට කටයුතු කළ බව නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ ඒ සඳහා යූටියුබ් විව්ස් උපකාරී වූ බවයි.
මධුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ නවතම සත්‍ය තොරතුරු නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සම්බන්ධ කරගෙන ගෙන ඒමට ඒෂියන් මිරර් සූදානම්.
COMMENTS