හෙ ට දිනයේ සිට ආරම්භ වීමට නියමිතව ඇති මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර පැවැත්වීම සදහා සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න...
හෙට දිනයේ සිට ආරම්භ වීමට නියමිතව ඇති මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර පැවැත්වීම සදහා සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ද ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ආරක්ෂක ඇමති වරයාගෙන් සහ රජයෙන් ඉල්ලීමක් කලේය.
පෙරහැර පැවැත්වෙන දී යම් යම් සිද්ධීන් ඇති විය හැකි බවට දූෂමාන ආරංචි පැතිර ඇතැයි ද ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
මහනුවර ඇසළ පෙරහැර විශාල ප්‍රදේශයක පැවැත්වෙන බවත් එය නැරඹීමට විශාල පිරිසක් පැමිණෙන බවත් ඔවුන් සියළු දෙනා පරික්ෂා කිරීම අසීරු කටයුත්තක් යයිද කිරිඇල්ල ඇමැතිවරයා පැවසීය.
ඒ හේතුවෙන් නුවර පෙරහැර ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන්නේ නම් එය ත්‍රස්තවාදීන්ට ඉතා පහසු කටයුත්තක් බවද ඔහු පැවසීය.
අස්ගිරි මල්වතු මහා නා හිමියන් වහන්සේ ද මේ සම්බන්ධයෙන් තමන් සමඟ සාකච්ඡා කළ බව ඔහු සඳහන් කළේය.

COMMENTS