දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනමත විචාරණයක් තියන්න පුළුවන්ද? ඕන ඕන වෙලාවට ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන්ද? ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න පුළුවන්ද? හිටපු අගවිනිසුරු සරත් සිල්වා උදාහරණ-වගන්ති එක්කම ඇත්ත කතාව කියයි
Homeප්‍රවෘත්ති

ජනමත විචාරණයක් තියන්න පුළුවන්ද? ඕන ඕන වෙලාවට ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන්ද? ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න පුළුවන්ද? හිටපු අගවිනිසුරු සරත් සිල්වා උදාහරණ-වගන්ති එක්කම ඇත්ත කතාව කියයි

PropellerAds

‘රනිල් ජනමත විචාරණයක් තියලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නයි හදන්නේ. එහෙම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා විධායක අගමැති විදියට රනිල්...

චීන පොහොර ප්‍රශ්නය ලංකාවේදී බේරුම්කරණයට එකඟ වුණා - ඇමති : ඇමතිගේ කතාව බොරු - සමාගම (VIDEO)
ප‍්‍රියන්ත ඝාතනයට විරෝධය.. කොළඹ පකිස්තාන තානාපති කාර්යාලය වටලා විරෝධතා…
විරෝධතාවයකදී මීට වඩා මන්ත්‍රීන් ඉන්න ඕනෙ - අගමැති සජබ ට කියයි
‘රනිල් ජනමත විචාරණයක් තියලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නයි හදන්නේ. එහෙම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා විධායක අගමැති විදියට රනිල් පාර්ලිමේන්තුවට ඇවිල්ලා 2025 වෙනකම් පොහොට්ටුවත් එක්ක ආණ්ඩු කරන්නයි හදන්නේ…’ මේ පහුගිය සතිය වන විට මේ රටේ විවිධ දේශපාලනඥයන් විසින් විවිධ තැන්වලදී කතාබහට ලක්කළ ප්‍රධානම මාතෘකාවය.
වරක් දේශපාලන වේදිකාවේදී අනුර කුමාර මේ කතාව මේ විදියටම කියා සිටියේය. ඒකට තවත් ඌණ පූරණයක් එක් කරමින් අනුර කීවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තම පක්ෂයේ විරුද්ධත්වයක් නැති නමුත් ඊට ජනමත විචාරණයක් පවත්වන්නේ නම් විධායකය අහෝසි කිරීමත් සමග පාර්ලිමේන්තුවද විසුරුවා හැරිය යුතු බවට වූ යෝජනාව ඊට එකතු කළ යුතු බවකි.

‘හැබැයි පවතින ව්‍යවස්ථාව යටතේ රනිල්ට මේ විදියට එක පාරටම ගහෙන් ගෙඩි එන්නා වගේ ජනමත විචාරණයක් තියලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පුළුවන්ද?’

‘විධායක අගමැති විදියට පාර්ලිමේන්තුවට ඇවිල්ලා 2025 වෙනකම් ප්‍රශ්නයක් නැතිව පොහොට්ටුව එක් මේ විදියටම ආණ්ඩුව කරගෙන යන්න පුළුවන්ද?’

දේශපාලන වේදිකාවේදී මේ කතා රස කරකර කිව්වත්, තමන්ගේ හිතවතුන් සමග ඡන්ද සිතියම් හකුලලා දිගටම බලයේ ඉන්න හැටි ගැන රෑට රෑට වට මේසවල සාකච්ඡා තිබ්බත් ඒවා හිතූ හිතූ පරිදි ක්‍රියාවට නංවන්නට බැරිය. ඒ සියල්ල රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල විය යුතුය.

‘ඉතින් මේ ගේම දැන් තියෙන ව්‍යවස්ථාවත් එක්ක රනිල්ට ගහන්න බැරිද? ව්‍යවස්ථාවේ පළාත් පාලන මැතිවරණය තියන්න කියලා නියම කරලා තිබුණට කෝ රනිල් පළාත් පාලන ඡන්දය තිබ්බද? සල්ලි නෑ කියලා කල් දැම්මේ. උසාවිය ඡන්දය තියන්න මුදල් නිදහස් කරන්න කියලා තීන්දුව දුන්නත් තවමත් ඒක සිද්ධ වෙලා නෑනේ. ඉතින් රනිල් ජනාධිපතිවරණයටත් මේ ගේමම ගහයි…’

රනිල්ගේ කාලයේ පළාත් සභා අතුරුදන් කරලා පළාත් පාලන ඡන්දය දින නියමයක් නැතිව කල්දාපු විදිය දැකලා බොහෝ දෙනා කියන්නේ රනිල් මේ විදියටම ජනාධිපතිවරණයත් කල් දමාගෙන දිගටම පුටුවේ සිටිනු ඇතැයි කියාය.

‘ඇත්තටම එහෙම කරන්න පුළුවන්ද?’

ඒ ගැන කතා කරන්න ඉන්න හොඳම කෙනා වෙන කවුරුවත් නොව මේ රටේ හිටපු අගවිනිසුරුවරයා ලෙස රාජකාරි කළ සරත් එන්. සිල්වා මහතාය. මේ, ඒ ගැන සරත් එන්. සිල්වා ‘මව්රට’ට කියපු කතාවය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන නියෝජිත ආයතන ගණනාවක් මේ වන විට අක්‍රීය කරලයි තියෙන්නේ. පළාත් සභා ඉවරයි. පළාත් පාලන මැතිවරණය කල්දාලයි තියෙන්නේ. ඉතුරු වෙලා තියෙන්නේ ජනාධිපතිවරණයයි මහ මැතිවරණයයි විතරයි. දැන් ජනාධිපතිතුමා මේකත් අවුල් කරන්නයි හදන්නේ. මොකද මෙතුමා ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වෙච්ච ජනාධිපති කෙනෙක් නෙවෙයි. පාර්ලිමේන්තුවෙන් තේරී පත්වෙච්ච ජනාධිපතිවරයෙක්. ඒ නිසා එතුමා ජනතාවට වගකියන්න ඕනෙ නෑ. පාර්ලිමේන්තුව හරහා සියල්ල කරන්නයි හදන්නේ.

පළාත් සභා හරි පළාත් පාලන මැතිවරණය වගේ නෙවෙයි ජනාධිපතිවරණය පැවැත්වීම ගැන ව්‍යවස්ථාවේ පැහැදිලිව විධිවිධාන සඳහන් වෙලා තියෙනවා. ඒක සඳහන් වෙන්නේ 31 (3) වගන්තියේ. ඒකෙ හරි පැහැදිලිව මෙහෙම කියනවා.

31 (3) ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම, ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස 2කට වැඩි නොවන කාලසීමාවක් තුළ පැවැත්විය යුත්තේය.

ඒ වගන්තිය අනුව අවුරුදු 5කට ජනතාවගෙන් තේරී පත්වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාලය අවසන් වෙන්නේ ලබන වසරේ නොවැම්බර් මාසයේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණේ ගෝඨාභයගේ ඉතුරු ධුර කාලයට පමණයි. එතකොට ලබන වසරේ සැප්තැම්බර් – ඔක්තෝබර් මාසය අතර දිනයක් ජනාධිපතිවරණය සඳහා නියම විය යුතුයි. අගෝස්තු මාසයේ ඉඳන් තමයි ඒ කාලය ආරම්භ වෙන්නේ.

‘එතකොට මේ කියන විදියට ජනමත විචාරණයක් තියලා ජනාධිපතිවරයාගේ ධුර කාලය දික්කරන්න බැරිද?’

අද රටේ කතාවෙන මේ ප්‍රශ්නයට හිටපු අගවිනිසුරුවරයා දුන්නේ මෙහෙම උත්තරයකි.

එහෙම කරන්න බෑ. එහෙම කරනවා නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකුයි, ජනමත විචාරණයකුයි පවත්වන්න ඕනෙ. මේ ජනාධිපතිවරයාට මේ වගේ දෙයක් කරන්න කීයටවත් දැන් තියෙන පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක් ගන්න බෑ.

‘එහෙම නම් රනිල්ට පුළුවන්නෙ අර කියන විදියට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා විධායක අගමැති විදියට පාර්ලිමේන්තුවට එන්න. විධායකය අහෝසි කරනවා කියනවා නම් ඒකට පාර්ලිමේන්තුවේ ඉන්න කාටවත් විරුද්ධ වෙන්න බෑනේ. ඉතින් ඒ යෝජනාවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ගන්න පුළුවන්නෙ?’

ඒ ප්‍රශ්නයට හිටපු අගවිනිසුරුවරයා ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.

ඒකට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා විතරක් යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා හරියන්නේ නෑ. සම්පූර්ණයෙන්ම අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න ඕනෙ. ඒක ලොකු සංකීර්ණ ක්‍රියාදාමයක්. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ගන්න ඕනෙ. ඊළඟට ජනමත විචාරණයක් තියලා ඒකට ජනතාවගේ අනුමැතිය ගන්න ඕනෙ. ඒක දීර්ඝ කාලයක් ගතවෙන එකක්. මේ හදිසියේ එහෙම දෙයක් කරන්න බෑ.

‘බැරිද නිකමට හරි ව්‍යවස්ථාව හරි ව්‍යවස්ථාවේ වගන්තියක් හරි ව්‍යවස්ථාවේ කොටසක් හරි අත්හිටුවලා රනිල්ට මේ විදියේ ගේමක් ගහන්න? ව්‍යවස්ථාවේ හිල්වලින් රංගන්න දක්ෂ රනිල් එහෙම ගේමක් ගැහුවොත් ගොඩ නේද?’

ඒ කතාවටත් හිටපු අගවිනිසුරුවරයා ළඟ නීතිමය පිළිතුරක් තිබිණි.

බෑ, ඒක කොහොමත්ම කරන්න බෑ. මොනම හේතුවක් මත හෝ ව්‍යවස්ථාවේ වගන්තියක් හෝ පරිච්ඡේදයක් හෝ අත්හිටුවන්න බෑ. ඒ ගැන මීට පෙර නඩු තීන්දුවකුත් දීලා තියෙනවා. එහෙම කරනවා නම් සම්පූර්ණ ව්‍යවස්ථාවම ඉවත් කරලා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ. ඒකටත් තුනෙන් දෙකේ බහුතරයයි, ජනමත විචාරණයකින් ජනතා අනුමැතියයි ඕනෙ. ඒ විධිවිධානය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වැනි වගන්තියේ හරි පැහැදිලිව සටහන් වෙලා තියෙනවා.

75. අතීතයට බලපාන්න වූ නීති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයක් පරිච්ඡින්න කරන්නා හෝ සංශෝධනය කරන්නා වූ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යම් විධිවිධානයක් එකතු කරන්නා වූ හෝ නීති ඇතුළුව නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට ඇත්තේය.
එසේ වුවද,

(අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ එහි යම් කොටසක හෝ ක්‍රියාකාරීත්වය අත්හිටුවන්නා වූ හෝ නීතියක් පැනවීම හෝ (ආ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කරන්නා වූ නීතියෙන්ම ඒ වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවනු ලබන්නේ නම් මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම පරිච්ඡින්න කරන්නා වූ නීතියක් පැනවීම හෝ පාර්ලිමේන්තුව විසින් නොකළ යුත්තේය.

‘හරි, දැන් එතකොට ජනාධිපතිවරණය කල්දාන්නත් බැරිනම් ඒක නියමිත දිනයට තියන්න ඕනෙ නම් කාටද ඒකෙ වගකීමේ බලය තියෙන්නේ?’

ඒකෙ වගකීම තියෙන්නේ මැතිවරණ කොමිසමට. ඒක පැහැදිලිවම 104 (ආ) 1 විධිවිධානය යටතේ සටහන් වෙලා තියෙනවා. ඒකෙ තියෙන්නේ මෙහෙමයි.

104(ආ)1 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහ ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරාපත්කර ගැනීම, පළාත් සභා මන්ත්‍රීවරයන් තෝරාපත්කර ගැනීම, පළාත් සභා මන්ත්‍රීවරයන් තෝරා පත්කර ගැනීම, පළාත් පාලන ආයතනවල සභිකයන් තෝරා පත්කර ගැනීම සහ ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් තත්කාලයේ බලපවත්නා නීතියක් මගින් (අ) කොමිෂන් සභාව හෝ (ආ) මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වෙත පවරා දී ඇති හෝ පනවා ඇති හෝ සියලු බලතල, කාර්ය සහ කර්තව්‍යය කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලැබිය යුත්තේද ඉටුකරනු ලැබිය යුත්තේද සිදුකරනු ලැබිය යුත්තේද වන්නේය.

ඉතින් පැහැදිලියිනේ ජනාධිපතිවරණය පැවැත්වීමේ වගකීම තියෙන්නේ මැතිවරණ කොමිසමට.

‘ඉතින් ඔය වගන්තියෙම තියෙනවානෙ පළාත් සභා, පළාත් පාලන මැතිවරණ පැවැත්වීමත් මැතිවරණ කොමිසමේ වගකීමක් කියලා. හැබැයි සල්ලි නෑ කියලා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහත්තයා ඒකට සල්ලි නිකුත් කළේ නෑනේ. සල්ලි දෙන්නෙ නැත්නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න බෑ කියලා රජයේ මුද්‍රණාලයාධිපතිනිය කිව්වනේ. ඒ සන්තෑසියම ජනාධිපතිවරණයටත් වුණොත් ජනාධිපතිවරණයකුත් නැති වෙයිනෙ…?’

බෑ, එහෙම කරන්න බෑ. 104(ආ)2 වගන්තිය ඒකට අවශ්‍ය විධිවිධාන සඳහන් කරලයි තියෙන්නේ. ඒ වගන්තියෙන් කියන්නේ මෙහෙම දෙයක්.

104(ආ)2 එවැනි ඡන්ද විමසීමක් හෝ ජනමත විචාරණයක් පැවැත්වීමට අදාළ සියලු නීති බලාත්මක කිරීම සුරක්ෂිත කිරීම කොමිෂන් සභාවේ කාර්යය විය යුතු අතර, එසේ ඒ නීති බලාත්මක කිරීම, සුරක්ෂිත කිරීමෙහිලා කොමිෂන් සභාවේ සහයෝගය දැක්වීම ඒ නීති බලාත්මක කිරීම භාරව සිටින සියලු රජයේ බලධරයන්ගේ කාර්යය විය යුත්තේය.

ඒ නිසා කිසිම රාජ්‍ය නිලධාරියකුට ඒ වගකීමෙන් මිදෙන්න බෑ. ඒක දඬුවම් ලැබිය හැකි වරදක්. පළාත් පාලන මැතිවරණය තියන්න මුදල් නෑ කියලා කියන්න කාටවත් බලයක් නෑ. එහෙම කියනවා නම් ඒක සිය යුතුකම පැහැරහැරීමක්. දැන් ඒ ගැන අධිකරණයේ නඩුවක් විභාග වෙනවා. ඒ නිසා දැන් වෙන කිසිම විකල්පයක් නෑ. ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය තියනවා ඇරෙන්න.
හිටපු අගවිනිසුරුවරයා අවසානයට දුන්නේ එහෙම ස්ථාවර පිළිතුරකි.

‘ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට ජනාධිපතිවරණය නිසි වෙලාවට පවත්වනවා…’ – රනිල් වික්‍රමසිංහ – එජාප විශේෂ සමුළුවේදී

‘කවුරුවත් ජනාධිපතිවරණයට අපේක්ෂකයා විදියට අයැදුම්පත් ඉදිරිපත් නොකර රනිල් වික්‍රමසිංහ මහත්තයටම විතරක් ජනාධිපති වෙන්න අවස්ථාවක් ලබාදෙමු. එහෙම කරලා ජනාධිපතිවරණයට වියදම් වෙන බිලියන 13ක මුදල ඉතිරි කරමු…’ – වජිර අබේවර්ධන – එජාප සභාපති

‘රනිලුත්, වජිරත් පසුගිය සතියේ මෙහෙම කතා දෙකක් කිව්වේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කියන විදියටම නීති උපදෙස් තව තැනකින් ලැබිලා ජනාධිපතිවරණය කල් දාගන්න බැරි බව දැනගෙනවත්ද?’

කපිල පුංචිමාන්නගේ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනමත විචාරණයක් තියන්න පුළුවන්ද? ඕන ඕන වෙලාවට ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන්ද? ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න පුළුවන්ද? හිටපු අගවිනිසුරු සරත් සිල්වා උදාහරණ-වගන්ති එක්කම ඇත්ත කතාව කියයි
ජනමත විචාරණයක් තියන්න පුළුවන්ද? ඕන ඕන වෙලාවට ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන්ද? ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න පුළුවන්ද? හිටපු අගවිනිසුරු සරත් සිල්වා උදාහරණ-වගන්ති එක්කම ඇත්ත කතාව කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5RguWK_cX9vyYPMyY6hfUlkVW3dwvuN-bjRE1VUp23HMzDfFnEU0oNSgExUsSjNH8oyq2JiqXw8qfQAw6x3ESb3IXUUF6dn5nzC-LWtDzfGJJyteDyaR4sOgegrkwjxtDQH57jn9U-ovexGFYL8P1LWC7cz8sqYKMUlrkqQ-yVuR2Ya-l-cZuB8AN12G3/s320/sarath-n-silva-hotnews.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5RguWK_cX9vyYPMyY6hfUlkVW3dwvuN-bjRE1VUp23HMzDfFnEU0oNSgExUsSjNH8oyq2JiqXw8qfQAw6x3ESb3IXUUF6dn5nzC-LWtDzfGJJyteDyaR4sOgegrkwjxtDQH57jn9U-ovexGFYL8P1LWC7cz8sqYKMUlrkqQ-yVuR2Ya-l-cZuB8AN12G3/s72-c/sarath-n-silva-hotnews.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/10/blog-post_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/10/blog-post_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy