ඉස්ලාම් අන්තවාදීන් විසින් ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ ශ‍්‍රී ලාංකික ඉංජිනේරුවරයා පිළිබඳ ශෝකය පළකරමින් සහ එම ඝාතනයට එරෙහිව 06 දින පකිස්ථාන තානාපති...
ඉස්ලාම් අන්තවාදීන් විසින් ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ ශ‍්‍රී ලාංකික ඉංජිනේරුවරයා පිළිබඳ ශෝකය පළකරමින් සහ එම ඝාතනයට එරෙහිව 06 දින පකිස්ථාන තානාපති කාර්යාලය ඉදිරිපිට ජාතික සංවිධාන 10ක් විසින් විරෝධතාවය පළකරනු ලැබීය.
එම විරෝධතාවයෙන් අනතුරුව එම සංවිධාන නියෝජතයන් විසින් පකිස්ථාන තානාපතිවරයා මුණගැසී ලිපියක් බාරදෙනු ලැබීය. එම ලිපිය මගින් ඝාතනයට වගකිව යුතු සියළු අන්තවාදීන්ට නීතිය අනුව දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස සහ මෙම සිද්ධිය මුල්කරගෙන ඉස්ලාම් අන්තවාදය පකිස්ථානයෙන් සහමුලින්ම අතුගාදැමීමට ක‍්‍රියාකරන ලෙස දැඩි ලෙස අවධාරණය කර ඇත. ඊට අමතරව ඝාතනයට ලක්වූ ඉංජිනේරුවරයාට වන්දි ගෙවන ලෙස එම ලිපිය මගින් ඉල්ලා ඇත.
මෙම විරෝධතාවයට දේශපේ‍්‍රමී විද්වත් සංසදය, ශ‍්‍රී ලංකා විදේශ රැකියා ඡලය, ජාතික සංවිධාන එකමුතුව, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය, ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරය ආදී ජාතික සංවිධාන 10ක නියෝජිතයන් සහභාගී විය.
අදාල විරෝධතා පුවරු මගින් මේ වන විට පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා විසින් ගෙන ඇති පියවර අගය කරන අතර සමස්ථයක් ලෙස ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව මෙතෙක් කාලයක් පියවර නොගැනීම පිළිබඳව අගමැතිවරයා විවේචනයට ද ලක්කර ඇත.
– repoter
COMMENTS