දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්දාන්නද මරන්න කෙහෙළිය උත්සහ කළ නඩුවට දින නියම වෙයි!
Homeප්‍රවෘත්ති

මහින්දාන්නද මරන්න කෙහෙළිය උත්සහ කළ නඩුවට දින නියම වෙයි!

PropellerAds

1999 වසරේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කෙරුණු අතරතුර වෙඩි තබා, බෝම්බ ගසා පුද්ගලයෙකු ඝාතනය කර හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහ...

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට රතු වරෙන්තු
සෑම පක්ෂයක් සමඟම සාකච්ඡා කරන්න සුදානම් බව නිවේදනයක් නිකුත් කරමින් මහින්ද කියයි
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට නාලක සම්බන්ධ බවට සාක්ෂි ඇති බව අධිකරණයට දන්වයි
1999 වසරේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කෙරුණු අතරතුර වෙඩි තබා, බෝම්බ ගසා පුද්ගලයෙකු ඝාතනය කර හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටින සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් සිවුදෙනෙකුට එරෙහි නඩුව කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන දෙසැම්බර් මස 12 වන දා කැඳවීමට මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්. දර්ශිකා විමලසිරි නියෝග කළ බවයි සඳහන් වන්නේ.

එදින මහනුවර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ඇතුළු විත්තිකරුවන්ට මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි තවදුරටත් නියෝග කර තිබෙනවා.

මහාධිකරණ විනිසුරුවරිය මෙසේ නියෝග කළේ, මහනුවර මහාධිකරණය හමුවේ පවතින එච්සී/148/2002 අංක දරන අදාළ නඩුව පසුගිය සිකුරාදා (13) මහනුවර මහාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී.

1999 වසරේ මාර්තු මස 10 වන දින හෝ ඊට ආසන්න දිනයක මහනුවර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් නාවලපිටිය කුරුඳුවත්ත ප්‍රදේශයේදී වස්තු හේවාගේ විමලසූරිය යන අයට වෙඩි තබා, බෝම්බ ගසා ඔහු මරණයට පත් කළ බවටත් වෙඩි තබා, බෝම්බ ගසා මහින්දානන්ද අලුත්ගමගේ, කේ.එච්. ශ්‍රියාන්නද, එච්. නන්දසිරි, පී.ජී. නිමල් රාජසිංහ සහ එම්.ජී. ප්‍රියන්ත මල්වත්ත යන අයවලුන්ට බරපතළ තුවාල සිදු කළ බවට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 සහ 315 සහ 300 වගන්ති ප්‍රකාරව මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපති විසින් මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබ තිබෙනවා.

අබ්දුල් රහීම් මොහිදීන් අබ්දුල් කාදර් සහ කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල (සෞඛ්‍ය අමාත්‍ය), පීටර් ගගහගෙදර, නන්දන සිසිර කුමාර සහ තුවාන් නිසාම් මිස්කින් යන අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටිනවා .

මොවුන් අතරින් පළමු විත්තිකාර අබ්දුල් රහීම් මොහිදීන් අබ්දුල් කාදර් සහ පස්වන විත්තිකාර තුවාන් නිසාම් මිස්කින් යන දෙදෙනා නඩුව අතරතුර මිය ගොස් තිබෙනවා.

මහනුවර මහාධිකරණයේදී නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට මීට පෙර අධිචෝදනා කියවා දී භාර දුන් අවස්ථාවේ පැමිණිල්ල විසින් තමන්ට එරෙහිව නගා ඇති සියලු චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බවත් සියලු චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බවත් විත්තිකරුවන් ස්වකීය නීතිඥවරුන් මාර්ගයෙන් මහාධිකරණයට දැනුම් දුන් බව සඳහන්.

මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති අතර 2000 වසරේ ජූලි මස 24 වන දා නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා මහනුවර මහාධිකරණයට යොමු කර තිබුණා.

නාවලපිටිය මූලික රෝහලේ වෛද්‍ය කේ.ආර්. ශෂින්කිරන් සහ රජයේ රස පරික්ෂක මැන්දිස් ඇතුළු පුද්ගලයන් පනස්පස් දෙනෙක් මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිනවා.

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම සමග රජයේ අධිනීතිඥ තාරකා කෝදාගොඩ පෙනී සිටි අතර දෙවන විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න සමග නීතිඥවරුන් වන අවිශ්ක ජයවර්ධන සහ ෂෙනාල් ද සිල්වා පෙනී සිටිනවා.

තුන සහ හතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර පෙනී සිටින බව සඳහන්.

ගම්පොළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන මෙහෙයවා තිබුණා.

හිරුණි විජේසිංහ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දාන්නද මරන්න කෙහෙළිය උත්සහ කළ නඩුවට දින නියම වෙයි!
මහින්දාන්නද මරන්න කෙහෙළිය උත්සහ කළ නඩුවට දින නියම වෙයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhaiX-hF0x2KfI0Z67KLkLzdSp0I5f1SuKKu2yM6xZHoNlqQNhhs0ox9tf3Z7nCpJ565ZapzEOAzLeQrDGG6CUvC49SiilTNEzdd8t8hGPorpUhukTAWTjhyphenhyphenq31sgjAjQfE1kI-lgm2jgwbP1fTpCquUTfxVSB1Exy0q1V86mwr6z5ZoLk3MY-mztLZCDzf/s320/keheliya-mahindananda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhaiX-hF0x2KfI0Z67KLkLzdSp0I5f1SuKKu2yM6xZHoNlqQNhhs0ox9tf3Z7nCpJ565ZapzEOAzLeQrDGG6CUvC49SiilTNEzdd8t8hGPorpUhukTAWTjhyphenhyphenq31sgjAjQfE1kI-lgm2jgwbP1fTpCquUTfxVSB1Exy0q1V86mwr6z5ZoLk3MY-mztLZCDzf/s72-c/keheliya-mahindananda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/10/blog-post_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/10/blog-post_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy