වත්මන් රජය නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරුන් දිගින් දිගටම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල විවේචනය කිරීම නතර නොකළහොත් වහාම පාර්ලිමේන්තුව විසුරුව...
රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල ඇමතිකම් බලාපොරොත්තුවෙන් සිටින පොහොට්ටුවේ ඇතැම් මන්ත්‍රීවරුන් පිරිසක් කඩාකප්පල් කිරීමට උත්සහයක් දරමින් සිටින බවද ඉහත ආරංචි මාර්ග පවසයි.
ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැඩි අවධානයෙන් පසුවෙයි.
යම් ලෙසකින් පාර්ලිමේන්තුව විසුරුවාහැරියහොත් වත්මන් පොහොට්ටුවේ මන්ත්‍රී ප්‍රමාණය අඩුවී ඔවුන්ට බහුතර බලය අඩුවෙන බවත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල අගය කරන මන්ත්‍රී පිරිසක් අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.
දේශපාලන වාර්තාකරු

COMMENTS