දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
GMOA එකට අවසථවක ඖෂධ පරසමපදනය ද එකම එක වචවක සදව ඇත බව ඔපප කළහත ඉලල අසවන බව සඛය ඇමත කයය
Homeප්‍රවෘත්ති

GMOA එකට අවසථවක ඖෂධ පරසමපදනය ද එකම එක වචවක සදව ඇත බව ඔපප කළහත ඉලල අසවන බව සඛය ඇමත කයය

PropellerAds

මතභේදයට තුඩු දුන් නිර්වින්දන ඖෂධය ඇතුලු බොහෝ ඖෂධ ලියාපදිංචි නොවූ සමාගම්වලින් ගෙන්වා ඇති බවට එල්ල කරන චෝදනා හෝ  ඖෂධ ගෙන්වීමේ දි  වෙනත් ඕනෑම...

නියෝජ්‍ය කථානායක ධුරය ආනන්ද කුමාරසිරිට
TNL රූපවාහිනියේ විකාශන උපකරණ පොලිස් බාරයට
එජාපයේ උප සභාපති මංගල
මතභේදයට තුඩු දුන් නිර්වින්දන ඖෂධය ඇතුලු බොහෝ ඖෂධ ලියාපදිංචි නොවූ සමාගම්වලින් ගෙන්වා ඇති බවට එල්ල කරන චෝදනා හෝ  ඖෂධ ගෙන්වීමේ දි  වෙනත් ඕනෑම අක්‍රමිකතාවයක් සිදුකර ඇති බවට එකම එක කරුණක් සම්බන්ධවව ඔප්පු කළහොත් තමන් එක මොහොතක්   සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ රැඳී නොසිටින බව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ  (02) පැවසුවේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල   මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්  ඊයේ (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී සංවිධානය කර තිබූ මාධ්‍ය  හමුවේ දී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“සෑම ප්‍රසම්පාදනයකම ටෙන්ඩර් කැඳවීමක් කරලා තියනවා. එහෙම චෝදනාවක් තියනවා නම් සී.අයි.ඩී එක තියනවා.  මම විවෘතව කියනවා. එක දෙයක් එහෙම කරලා තියනවා නම් එක මොහොතක්  මේ අමාත්‍යාංශයේ ඉන්නේ නෑ.”

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩේකට ගොස් බඩු  ගන්නවා වගේ  බෙහෙත් මිල දී ගන්න බෑ, සම්ප්‍රදායික ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ බෙහෙත්  මිලදී ගැනීම් ක්‍රමවේදය සඳහා ඇනවුම්කර අඩුම තරමින්   මාස 09ක කාලයක් ගත කළ යුතුයි.  ඒ ක්‍රමය තුළ වැඩ කරන්න වුනා නම්  මේ  බෙහෙතක්වත් ලංකාවට එන්නේ නෑ. එහෙම උනානම් මුලු එම්.එස්.ඩී. එකම වහන්න වෙනවා. ඒකට විකල්පයක් විදිහට හදිසි මිලදී ගැනීම් කරන්න ගියාම කියනවා හදිසි මිලදී ගැනීම් කරන්න එපා කියලා. මේ චෝදනා එකිනෙකට පරස්පරයි. සාමාන්‍ය විදිහට ගියොත් ලබන අවුරුද්ද වෙනකොට රටේ බෙහෙත්වලින් සියයට අනූවක් නැතිවේවි. මේ බෙහෙත් ගෙන්වීමේ ක්‍රියාවලිය තුළ එක අක්‍රමිකතාවයක් වෙලා කියලා ඔප්පු කළොත් මම එක මොහොතක් සෞඛ්‍ය ඇමති ධූරයේ ඉන්නේ නෑ.”

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  මෙසේ ද පැවසීය.

“මෙය සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව රට තුළ විශේෂ අවධානයක් යොමු වී තිබෙන අවස්ථාවක්. නිදහස් සෞඛ්‍ය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇති සුවිශේෂ කැපවීම ජාත්‍යන්තර සහ කලාපීය වශයෙන් ඇගයීමට ලක්ව තිබෙනවා.

ඒ නිසා වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සහ එම ක්‍රියාමාර්ග මේ රටේ නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවැත්ම වෙනුවෙන් කුමන ආකාරයෙන් බලපානවාද යන්න පිළිබඳව රජය සුවිශේෂ අවධානයකින් කටයුතු කරනවා.

කොවිඩ් වසංගතයත් සමග මුළු ලෝකයේම සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අභියෝගයකට මුහුණ දුන්නා. එදා සිට සෞඛ්‍ය ක්ෂේත්‍රය පැමිණියේ අසීරු ගමනක්.  සාමාන්‍යයෙන් වෛද්‍ය සැපයුම් අංශය වසරකටවත් ප්‍රමාණවත් ඖෂධ ඇණවුම් කරනවා. එමෙන්ම වසරකට අවශ්‍ය ඖෂධ ගබඩා කර ගැනීම සාම්ප්‍රදායිකව සිදු කරනවා. ඒ වන විට රටේ මූල්‍ය ගැටලු පැවතුණේ නැහැ.

කොවිඩ් වසංගතය සමග ගුවන් හා නාවුක ගමන් ඇණ හිටීමත් සමග රටවලින් භාණ්ඩ හුවමාරුව නතර වුණා. ඒ වන විට කොවිඩ් වසංගතය පාලනයට ප්‍රමුඛත්වය ලබා දීමට සිදු වුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඖෂධ ගබඩාකරණය පිළිබඳ කටයුතු මගහැරි ගියා.

කොවිඩ් අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින්  අපි රට යළි යථා තත්ත්වයට පත්කරගෙන එන විට රටේ මහා දැවැන්ත අරගලයක් ඇති වුණා. මෙහි අවසන් ප්‍රථිඵලය ලෙස මහා අවුල් ජාලවකට රට පත්වුණා. ඒ නිසා ඖෂධ ඇනවුම් කිරීම පවා  ප්‍රමාද වුණා.

ඖෂධ ගෙන්වීම  සඳහා කුමන ක්‍රියාමාර්ග ගත්තත් එම ක්‍රියාවලිය අවසන් වීමට අවම වශයෙන් මාස 9ක පමණ කාලයක් ගත වෙනවා.මේ තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට කරුණු පැහැදිළි කිරීමෙන් පසු වර්තමාන ජනාධිපතිතුමා එම තත්ත්වය මැනවින් අවබෝධ කරගෙන මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඖෂධ ගෙන්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළා.

යම් යම් අඩුපාඩු තිබුණත් ඖෂධ පිළිබඳව මතුව ඇති මෙම තත්ත්වය පාලනය කළ හැකි මට්ටමේ පවතින බව පැවසිය යුතුයි. මෙම තත්ත්වයන් නිවැරදි කරගෙන ඉදිරියට යාමේ වැඩපිළිවෙළ දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා.  ඉදිරියේදී මේ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

තාවකාලිකව මතුව ඇති ඖෂධ හිඟය නිවැරදි කර ගැනීමට ක්‍රියාමාර්ග ගණනාවක් මේ වන විට රජය ගෙන තිබෙනවා. මේ වන විට ඖෂධ වර්ග 19ක් අපි අලුතින් නිෂ්පාදනය කරනවා. ලබන කාර්තුව වන විට මෙයට තව ඖෂධ වර්ග 17ක් එකතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ වසර දෙක තුළ දේශීයව නිෂ්පාදනය කරන ඖෂධ ප්‍රමාණය 30% – 35%ක ප්‍රමාණයකින් ඉහළ දැමීමට  අපි අපේක්ෂා කරනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29272,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: GMOA එකට අවසථවක ඖෂධ පරසමපදනය ද එකම එක වචවක සදව ඇත බව ඔපප කළහත ඉලල අසවන බව සඛය ඇමත කයය
GMOA එකට අවසථවක ඖෂධ පරසමපදනය ද එකම එක වචවක සදව ඇත බව ඔපප කළහත ඉලල අසවන බව සඛය ඇමත කයය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfr3wbBWCFPK63viW-liu4HV6L7kk7C-CUoTp9qvKtr2hFojN-O66lE4qixmowY2PY16XgORW27vrLQi4Kuk7oy4FYWuWSk6lP9YuetAxJjNexvFQWRgtkLBUgMogcf0zJRFZSnAkSajdxEnNYf_P-RL4_jiE3DnuC_crtwZxFGfD4JoNdJZzOM2Z-/w320-h166/keheliya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfr3wbBWCFPK63viW-liu4HV6L7kk7C-CUoTp9qvKtr2hFojN-O66lE4qixmowY2PY16XgORW27vrLQi4Kuk7oy4FYWuWSk6lP9YuetAxJjNexvFQWRgtkLBUgMogcf0zJRFZSnAkSajdxEnNYf_P-RL4_jiE3DnuC_crtwZxFGfD4JoNdJZzOM2Z-/s72-w320-c-h166/keheliya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/07/gmoa.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/07/gmoa.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy