දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනධපත සජතව කදවය... ලක බලයක දන බව කයය... ජනධපත වනනත පර කයය
Homeප්‍රවෘත්ති

ජනධපත සජතව කදවය... ලක බලයක දන බව කයය... ජනධපත වනනත පර කයය

PropellerAds

බොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථක වනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමඟ එක්වන ලෙස තමා විපක්ෂනායකවරයා ප්‍රමුඛ...

ලපයා මට හරක් හොරා කියනවා... උඹේ ෆයිල් ගල් නොකර ඔප්පු කරපන් – විජිතමුණි සොයිසා
ඉදිරියේදී රාජපක්ෂලා නැති ජනාධිපතිවරණයක්! නාමල් රනිල් එක්ක සාකච්ඡාවට සූදානම්!
ත්‍රස්ත පනතින් ඇතුළට අරන් ඉන්න සිරිධම්ම හිමියන්ගේ අක්කා පළමුවරට එළියට එයි! අපේ හාමුදුරුවන්ට සනීප නෑ! බෙහෙත් ටිකක්වත් අරන් දීලා නෑ! (VIDEO)
බොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථක වනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමඟ එක්වන ලෙස තමා විපක්ෂනායකවරයා ප්‍රමුඛ සමස්ත විපක්ෂයට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් විපක්ෂය නැගූ සියලු චෝදනා මේ වන විට අසත්‍ය වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දැන්වත් ජනතාව වෙනුවෙන් වගකීම් ඉටුකර රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට තමන් ද දායක වූ බව පවසමින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව උදාකර ගන්නා ලෙස ද විපක්ෂයට පැවසීය.

අවශ්‍ය නම් කථානායකවරයා සමඟ සාකච්ඡා කර ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ තවත් වගකීම් පවරාදීමට හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 32ක් සපිරීම නිමිත්තෙන් ඒ මහතා වෙත හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ උපහාරය පුද කරමින් (03) හම්බන්තොට මාගම් රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “අමරවිරු අභිමන් 32” උපහාර උත්සවය අමතමිනි.

“අමරවිරු අභිමන් 32” සමරු කලාපය ද මෙහිදි ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය නංවාලීම උදෙසා සහාය ලබාදුන් අයට සහ ගොවි ජනතාවට උපහාර තිළිණ පිළිගැන්වීම, ශිෂ්‍යත්ව විභාගයෙන්, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් සහ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ සහ විශිෂ්ට ක්‍රීඩා කුසලතා දැක්වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිසු සිසුවියන් වෙනුවෙන් තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ උපහාරය පිළිගන්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අතර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙවර අගයමින් ජනාධිපතිවරයා අතින් ඒ මහතා වෙත ද උපහාර තිළිණක් පිළිගැන්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය

සිය දේශපාලන ජීවිතයෙහි වසර 32 ක් සහ වසර 28 ක පාර්ලිමේන්තු දිවිය තුළ මහින්ද අමරවීර මහතා මේ රටේ ජනතාව වෙනුවෙන් සුවිශේෂි සේවාවක් ඉටු කරමින් සිටිනවා. පළමුව අප එතුමාට ප්‍රශංසාව පිරිනැමිය යුතුයි. එතුමා අත්දැකීම් රැසක් ඇති පරිණත දේශපාලනඥයෙක්. එක් එක් යුගවල පක්ෂයේ, සහ විපක්ෂයේ සාමාජිකයන් ලෙස අප එක්ව කටයුතු කළ අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සමයේ එක ආණ්ඩුවක කටයුතු කිරීමට අපට අවස්ථාව ලැබුණා.

ඉන්පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ අගැමති ධූරය දරණ සමයේ ද මම ප්‍රකාශ කළේ මේ සියලුදෙනා එක්කරගෙන ඉදිරියට යා යුතු බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා 2022 වසරේදී පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන්ට ජනාධිපති මන්දිරයට ආරාධනා කළා.

අවාසනාවකට සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ එය වර්ජනය කළා. මමත්, ආර්. සම්බන්ධනන් මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සඳහා සහභාගී වූ අතර මෙම ප්‍රශ්නය විසදන්නේ කෙසේද කියා අප සාකච්ඡා කළා.

කෙසේ වෙතත් මැයි 09දා සිදුවීමෙන් පසු අප මේ සියලුදෙනා එක් කර ගැනීමට උත්සාහ කළා. අග්‍රාමාත්‍ය ධූරය භාර නොගත්තත් මේ වැඩකටයුතු සඳහා සමගි ජන බලවේගය සම්බන්ධවෙයි කියා අප බලාපොරොත්තු වුවත් ඔවුන් ඊට එක් වුණේ නැහැ. එතැන් සිට තමයි මේ ආණ්ඩුව හදාගෙන අප වැඩකටයුතු ආරම්භ කළේ.

මම ජනාධිපතිවරයා ලෙසත්, දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිවරයා ලෙසත් පත්කරගත් කැබිනට් මණ්ඩලයේ කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ වගකීම මහින්ද අමරවීර මහතාට ලබා දුන්නා. එතුමා කෘෂිකර්ම ඇමති වුණේ කෘෂිකර්මයක් සහ ආර්ථිකයක් නැති රටක. නමුත් එතුමා සමග මේ රටේ කෘෂිකර්මාන්ත නැවත ඉදිරියට ගෙන ඒමට අපට හැකියාව ලැබුණා.

2023 සිංහල අවුරුද්දට පෙර හොඳ අස්වැන්නක් ලබාගැනීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කළා. ආහාර සුරක්ෂිතතාවය සඳහා කමිටු පත් කළා. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලුදෙනාට ඊට සහභාගී වන ලෙස ආරාධනා කළා. නමුත් විපක්ෂය ඊට සහභාගී වුනේ නැහැ. අවසානයේ අස්වැන්නේ අතිරික්තයක් ලැබුණු විට අදාළ කමිටුවල සභාපතිවරුන් ජනතාවට සහල් බෙදාදීමට පටන් ගත්තා. එවිට තමයි තමන්ට මීට සහභාගීවීමට අවස්ථාව නොලැබීම පිළිබඳ විපක්ෂයේ මන්ත්‍රීවරු කණගාටු වුණේ.

එම කටයුතු වෙනුවෙන් කැපවී කටයුතු කළ මහින්ද අමරවීර මැතිතුමාට සහ එම නිලධාරීන්ට ස්තූතිවන්ත විය යුතුයි. අපි කඩිනමින් ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සම්පාදනය කරගත්තා. එදා අපි කිව්වේ ගෙනෙන පොහොර, නැවෙන් කුඹුරට කියලා. පොහොර ටික ලැබුණු ගමන් ඒවා ගොවි ජනතාවට බෙදා දුන්නා. මේ තුළින් ආහාර සුරක්ෂිතතාව ඇති කර දිළිදු ජනතාවට සහන ලබාදීමට අපට හැකිවුණා.

අප දැන් කෘෂිකර්මාන්තය දියුණු කළ යුතු අතර විශේෂයෙන්ම අපනයන ඉලක්ක කරගත් කෘෂිකර්මාන්තයක් රට තුළ ගොඩනැගිය යුතුයි. අප මෙතෙක් කටයුතු කළේ අපට අවශ්‍ය ආහාර බෝග වගා කිරීමටයි. අප දැන් ලෝකයට අවශ්‍ය ආහාර වගා කළයුතුයි. ඒ සඳහා කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ විශාල වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ වගේම පශු සම්පත් සංවර්ධනය පිළිබඳ පුළුල් වැපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙනවා. මෙරට තිබෙන හොදම පශු සම්පත් සමාගම වන අඹේවෙල සමාගම අපෙන් ඉල්ලීමක් කර තිබෙනවා රිදීගම ගොවිපොළ ලබා දෙන ලෙස. මෙම ප්‍රදේශයේ තිබෙන පශු සම්පත් තවත් දියුණු කිරීමට අප එම කටයුත්ත සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඉන්දියාවේ ප්‍රධානම සමාගමක් වන අමුල් සමාගම අපේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සමඟ සහයෝගීතා වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙනවා. තවත් සමාගම් කිහිපයක් මේ සඳහා ඉදිරිපත්වී සිටිනවා. අප පිටරටින් සත්තු ගේන්නේ නැහැ. ගෙනාපු 25,000ම නැති වුණා. ඒ නිසා අපි සමාගම්වලට කියනවා මෙය භාරගෙන දියුණු කරන්න කියලා. එවිට මේ ප්‍රදේශවල කිරි කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක් දියුණු වෙනවා.

ඒ වගේම බිත්තර සහ කුකුල් මස් අපනයනය කළයුතුයි. අපට මෙය තනිව සිදු කළ නොහැකියි. එසේනම් රජය සහ පුද්ගලික අංශය එක්ව මේ වැඩසටහන් ඉදිරියට ගෙන යා යුතුයි.

මේ සියල්ල කරන්නේ මේ රට දියුණු කරන්න. රටේ මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි පියවර ගණනාවක් ගෙන තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාණ්ඩලික මට්ටමේ ගිවිසුමක් අප ඇති කර ගත්තා. එය ක්‍රියාත්මක කිරීමට 2023 අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අපට බදු වැඩිකරන්න සිදු වණා. මම කිව්වා අපි සියලුදෙනා එකතුවෙලා මේ වැඩ කරමු කියලා. ඒ අවස්ථාවේ විපක්ෂය කියා සිටියේ “අපිට අත්සන් කළ ගිවිසුම පෙන්වන්න, ආණ්ඩුව බොරු කරන්නේ, මේ මුදල් ලබා ගන්නේ දූෂණයට යෙදවීමට” කියලයි නමුත් ජනවාරි, පෙබරවාරි මාස වන විට එම කටයුතු ක්‍රියාත්මක කිරීමෙන් පසු අපට තවත් පියවර ගණනාවක් ගැනීමට තිබුණා. ඒ සෑම අවස්ථාවකම උද්ඝෝෂණවලින් එම කටයුතු නතර කිරීමට උත්සාහ කළා. අපි ඒවට බය නැතිව ඉදිරියට ගියා. අවසානයේ අප්‍රේල් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මෙම ගිවිසුම අනුමත කළා. එහිදී එක කොන්දේසියක් වු‍ණේ පැරිස් සමාජය සහ ඉන්දීයාව හා චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාවකට පැමිණිය යුතු බවයි.එවිට විපක්ෂය කිව්වා චීනය ඒ සඳහා එකඟ වෙන්නේ නැහැ කියලා. අවසානයේ මාර්තු මාසය වන විට චීනය එකඟතාවය පළ කළා.

පසුව අපි කිව්වා මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ගේනවා කියලා. පාර්ලිමේන්තුවේ දී එය අනුමත කර ගැනීමට අප සියලුදෙනා එකට එක්ව කටයුතු කරමු කියලා. විපක්ෂය පාර්ලිමේන්තුවේදී මොකක්ද කළේ? ඔවුන් එයට සහයෝගය ලබා දුන්නේ නැහැ.

ඉන් අනතුරුව අපට තිබුණේ ණය හිමියන් සමග සාකච්ඡා කිරීමටයි. අපේ නිලධාරීන්ට මම එය භාර දුන්නා. ඒ වන විට මහබැංකු අධිපතිතුමා සඳහන් කළා අපේ ණය ඩොලර් බිලියන 83ක් තිබෙනවා කියා. එය අපේ දළ දේශීය නිෂ්පාදිතයට සමානයි. මෙය වසර 10-15 ගියත් අපට ගෙවා අවසන් කරන්න පුළුන්කමක් නැහැ. ඒ නිසා විදෙස් ණය හිමියන්ට අප දැනුම් දුන්නා අපට ඩොලර් බිලයන 17ක සහනයක් අවශ්‍යයි කියා. එම සහනය ලබා දෙන්න, නැතිනම් ගෙවන කාලය දීර්ඝ කරන්න, එසේත් නොමැතිනම් පොළිය අඩු කරන ලෙස ඉල්ලා සිටියා.

අපි එම සාකච්ඡා සිදු කරද්දි ඔවුන් පෙන්වා දුන්නේ විදෙස් ණය අඩු කරන්නම් නමුත් විදේශීය ණය පමණක් නොවෙයි දේශීය ණයත් තිබෙන බවයි. දේශීය ණය අඩු නොකළහොත් විදේශීය ණය ගෙවන්න මුදල් නැහැ. මොකද දේශීය මුදල්වලින් තමයි අපට ඩොලර් ගන්න තිබෙන්නේ. ඒ නිසා කිව්වා දේශීය ණයත් අඩු කරන්න කියලා.

ඉන් පසුව මහබැංකුවේ අධිපතිතුමා සහ මගේ උපදේශකවරයා ඇතුළු පිරිස සාකච්ඡා කර දැනුම් දුන්නා මේ රටේ බැංකු තැන්පතුවලටත්, අර්ථ සාධක අරමුදලටත් අත තියන්නේ නැතිව මේ වැඩකටයුත්ත සිදු කළ හැකි බව. ඒ නිසා මේ යෝජනාව ගෙනාවා. මෙය පළමුවෙන් රාජ්‍ය මුදල් කමිටුවට යවන්න අපි කටුතු කළා. මේක දේශපාලනඥයන් කථා කළ දෙයක් නොවෙයි, රාජ්‍ය මුදල් කමිටුව අදාළ නිලධාරීන් ගෙන්වා ප්‍රශ්න කළා. අනතුරුව ඔවුන් මෙම යෝජනාවට එකඟ වුණා.

නමුත් පාර්ලිමේන්තුවට ගිය විට එම සහයෝගය ලැබුණේ නැහැ. මෙම යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරු 62ක් ඡන්දය ප්‍රකාශ කළා.

පළමුවෙනි කාරණය ලෙස ඔවුන් දක්වන්නේ අර්ථ සාධක අරමුදලට අත් තබන්න එපා කියලා. අපි ඊට අත තබා නැහැ. අර්ථ සාධක අරමුදලේ පොළිය 10%-9% දක්වා අඩු කෙරුණේ මම ජනාධිපතිවරයා වීමට පෙරයි. ඇත්ත වශයෙන්ම රටේ තිබු තත්ත්වය අනුව 10%ක් ලබාදීමට හැකියාවක් තිබුණෙ නැහැ. ඒත් එදා විපක්ෂය ඒ සම්බන්ධයෙන් විරෝධය දැක්වුවේ නැහැ.

කැබිනට් මණ්ඩලය තීරණය කළා අවම පොළිය 9%ක් තමයි දිය යුත්තේ කියලා. අවම පොළිය 9% නම් හොද කාලයක් ආ විට 10% කරන්න පුළුවන්. එසේනම් අපි අර්ථ සාධක අරමුදලට අත තබා නැහැ. අපි අවම පොලියක් නියම කරමින් නීතියෙන්ම එය ආරක්ෂා කළා.

දෙවනුව ඔවුන් සඳහන් කළා බැංකු පොළිය 24%යි, අපි ඔවුන්ගෙන් බදු අය කරන්නේ නැහැ කියලා. දැන් පොලිය 24%ක් වුණත් ඒ පොළිය ඉදිරියේ දී තවත් අඩු වෙන්න යනවා. මහ බැංකු අධිපතිතුමා කියලා තිබෙනවා උද්ධමනය 9%කට ගෙන එනවා කියා. එහෙම වුණොත් පොලිය 12% – 13%ක් වෙනවා. විපක්ෂය කියනවා නම් මේ තත්ත්වය තුළත් බදු පනවන්න අවශ්‍යයි කියා බදු අය කිරීමට අවශ්‍ය ප්‍රමාණය අපට කියන්න. අපි සූදානම් කැබිනට් මණ්ඩලයෙන් එය සලකා බැලීමට.

තෙවනුව තවත් චෝදනාවක් කරනවා. බැංකුවලට ආදායම් බදු වැඩි කරන්නේ නැහැ කියලා. අපට පුළුවන් බැංකුවලින් අය කරන බදු ප්‍රමාණය වැඩිකරන්න. එවිට මොකක්ද බැංකුව සිදු කරන්නේ, ඔවුන් එම වැඩිවන බදු මුදල පොලියෙන් අය කරගන්නවා. එතකොට පොලියට 12%ක් වුණත් මේ නිසා එය 13%- 14%ක් වෙනවා. එතකොට පොලිය වැඩිකරන්නද අපට කියන්නේ. ඒක කොහොමද කරන්නේ. ඒ නිසයි මෙම කරුණු 03 අපේ කතිකයන් ප්‍රතික්ෂේප කළේ.

ජනතාව හෙට බැංකුවට ගිය විට තමන්ගේ මුදල් තිබෙනවා. තමන්ගේ අර්ථ සාධක අරමුදල තිබෙනවා. එතකොට විපක්ෂය මොකක්ද මේ කළේ කියලා අහන්න වෙනවා. අපිට රට පුරා කියන්න පුළුවන් විපක්ෂය පළමු පාරත් බොරු කිව්වා, දෙවනි පාරත් බොරු කිව්වා. විපක්ෂය මේ වැඩපිළිවෙළට එකතු වෙන්නේ නැහැ කියලා. නමුත් මම එහෙම කියන්නේ නැහැ. මම මෙහිදී සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ සම්පූර්ණ විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා දැන් හරි මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අපත් සමග එක්වන්න කියලා. ඊට පසුව ඔවුන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් අපිත් රට ගොඩනඟන්න උදව් කළා කියලා.

ආණ්ඩු පක්ෂයේ හිටියත්, විපක්ෂයේ හිටියත් අපි එකතුවෙලා රට ගොඩනගමු. දැන් ඒ අවස්ථාව උදා වෙලා තිබෙනවා. ඒ නිසා මම නැවත ඉල්ලනවා, මේ රටේ ජනතාවට සහනයක් දෙන්න කරුණකරලා අපත් සමග එක්වන්න කියලා. මේ විදියට බොරු තර්ක ඉදිරිපත් කරලා හරියන්නේ නැහැ. විපක්ෂය දිගටම එයින් අසාර්ථක වී තිබෙනවා.

අවශ්‍ය නම් මම සූදානම් කතානායකතුමා සමඟ සාකච්ඡා කර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තවත් වගකීම් දෙන්න. දැනටත් ඔවුන් උපදේශක කාරක සභා ආදියෙහි වගකීම් දරනවා. ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ අය වැය කාර්යාලය විවෘත කිරීම ඇතුළු තවත් වැඩකටයුතු සිදු වෙනවා. ඒ නිසා තවත් අවශ්‍ය නම් වගකීම් දෙනන් අපි සූදානම්. කරුණාකර ආණ්ඩුවට සහාය දෙන්න. විපක්ෂනායක කමට කිසිදු තර්ජනයක් වීමට අප ඉඩ දෙන්නේ නැහැ කියලත් මම කියන්න කැමතියි.

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා

කිසිවෙකු රටේ වගකීම භාර නොගත් අභියෝගාත්මක අවස්ථාවක එම වගකීම භාර ගනු ලැබුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. පෝළිම්වල ජනතාව මිය ගිය, ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික සපයා දිය නොහැකිව තිබු මේ රට යළි කිසිවෙකුට ගොඩගන්න බැහැ කියා එදා ඇතැමුන් ප්‍රකාශ කළා.

නමුත් රට වෙනුවෙන් එම වගකිම භාරගත් නායකයාට එම අභියෝගය ජය ගැනීමට අප සියලුදෙනා සහාය දිය යුතුයි යන චේතනාවෙන් යුතුව මම කෘෂිකර්ම අමාත්‍ය ධුරය භාරගත්තා. ඒ වන විටත් ගොවි බිමෙන් ඈත්ව සිටී ගොවියා යළිත් කෙටි කලක් තුළ ගොවිබිමට සමීප කරවීමට ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ගෙන ගිය වැඩපිළිවෙළ හේතු වූ බව කිවයුතුයි.

ගොවි ජනතාවට ප්‍රමාදයකින් තොරව අවශ්‍ය පරිදි පොහොර ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. ඉදිරි කන්නයේ දී අවශ්‍ය පොහොර වර්ග 03ම නිසි වේලාවට ලබාදීමට කටයුතු සැලසුම් කර තිබෙන අතර සෑම ප්‍රදේශයකම ඉහළ අස්වැන්නක් ලබා ගැනිමට එමඟින් හැකියාව ලැබෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඉතා කෙටි කළත් තුළ මෙරට කෘෂිකර්මාන්තයේ නවෝදයක් ඇති කිරීමට හැකියාව ලැබෙනවා.

මීට වසරකට පෙර මේ රටේ ජනතාව පැවසුවේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම එපා කියලයි. මන්ත්‍රීවරුන්ට පාරට බහින්න හැකියාවක් තිබුනේ නැහැ. නමුත් අද ඇතැමුන්ට මෙය අමතක් වී තිබෙනවා. ඒ නිසා නැවත රට තුළ එවන් තත්ත්වයක් ඇති නොවීමට නම් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සියලුදෙනා සහාය දිය යුතු බව අවධාරණය කළයුතුයි.

වසරක් තුළ රට මේ තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයාට හැකියාව ලැබුණා නම් මේ රට සංවර්ධනය කර ඉදිරියට ගෙන යා හැකි එකම නායකත්වය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව මේ රටේ ජනතාව මේ වන විට සහතික කර අවසන් බව කිවයුතුයි.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද මහතා

මහින්ද අමරවීර මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සුවිශේෂී වැඩ කොටසක් ඉටුකළා. එතුමාගේ දේශපාලන දිවියට වසර 32ක් සම්පුර්ණ වන මේ මොහොතේ සුබපැතීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා.

වත්මන් ජනාධිපතිතුමාට අපි සියලු දෙනා සහය ලබා දුන්නේ රට සහ ජනතාව ගැන හිත හිතලා. එහිදී කෘෂිකර්ම විෂය පැවරුණේ මහින්ද අමරවීර මැතිතුමාටයි. එලෙස අරාජිකත්වයෙන් රට ගොඩනැගීමට අපි සහාය ලබා දුන්නා. අප අපේ පක්ෂ සාමාජිකත්වය පවා අහිමි කරගත්තා. මහින්ද අමරවීර එහි පුරෝගාමියෙක් ලෙස කටයුතු කළා. නිසි වෙලාවට අප නිසි තීරණ ගත යුතුයි. එසේ නොවුණහොත් රටටත් ජනතාවටත් සෙතක් වන්නේ නැහැ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රමුඛ කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීහු ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනධපත සජතව කදවය... ලක බලයක දන බව කයය... ජනධපත වනනත පර කයය
ජනධපත සජතව කදවය... ලක බලයක දන බව කයය... ජනධපත වනනත පර කයය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizKGh_lUpe04RkFzTNOCR934fwjiJwN-B3NHkrRJXwEpwtLcFjbpakiBs9lmPuzy29xa9bqumc6H3DJgNOP4NWhyx367ehsZTDXh_pWYy8u7aFbakqln9w6rrZfiwtE-_ZlAf6tE3kX6OdAhLnHjEagQZmbv-2mxA2PlWG6mUznw_gZUBfxaOZ9W_F/s320/ranil-sajith.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizKGh_lUpe04RkFzTNOCR934fwjiJwN-B3NHkrRJXwEpwtLcFjbpakiBs9lmPuzy29xa9bqumc6H3DJgNOP4NWhyx367ehsZTDXh_pWYy8u7aFbakqln9w6rrZfiwtE-_ZlAf6tE3kX6OdAhLnHjEagQZmbv-2mxA2PlWG6mUznw_gZUBfxaOZ9W_F/s72-c/ranil-sajith.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/07/blog-post_4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/07/blog-post_4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy