ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන්ට අමාත්‍ය ධුර අනිවාර්යෙන්ම ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන්ට අමාත්‍ය ධුර අනිවාර්යෙන්ම ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකුම අමාත්‍යධුර නොලැබීම පිළිබඳව කනස්සල්ලෙන් පසුවන බවත් මේ පිළිබඳව පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම ජේෂ්ඨයන් පිරිසට අමාත්‍යධුර හිමිවිය යුතු බව මහින්ද රාජපක්ෂ මහතාද පවසා ඇති බවත් ඒ අනුව ඉදිරි දින කිහිපයේ මෙම සාකච්ඡා නැවත ආරම්භ කරන බව ද ඔහු පැවසීය.
දිස්ත්‍රික් වලින් පළමු තැනට මනාප ගත් අයට අමාත්‍යධුර පිරි ලබාදීම පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන බවත් පැවසූ ඔහු කෝටා ක්‍රමයකට හෝ අමාත්‍ය ධුර ලබා දීම පිළිබඳව ජනාධිපතිවරයා ගේ අවධානය යොමු කරවා ඇති බවද කියා සිටියේය.

COMMENTS