දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගරභෂ යදධය සට මළ හත සය පමබප සයළ දනට කරන ද චමපක කයය
Homeප්‍රවෘත්ති

ගරභෂ යදධය සට මළ හත සය පමබප සයළ දනට කරන ද චමපක කයය

PropellerAds

ගෝඨාභයට ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් කී අය, ඔහුට වැඩ කරන්න නොදුන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ උදවිය, වැඩ කරන්න නොදුන්නේ වියත්මගේ උදවිය බ...

ශ්‍රීලනිප - එජාප මන්ත්‍රී පිරිසකට මහින්ද පක්ෂයේ ඉඩක්
රජයේ අවුලක්! ජනපතිගෙන් අගමැතිගෙන් ඇමැතිවරුන්ට උපදෙසක්
සා.පෙළ විභාගයේ වංචා ගැන කියන්න දුරකතන අංක 7 ක්
ගෝඨාභයට ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් කී අය, ඔහුට වැඩ කරන්න නොදුන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ උදවිය, වැඩ කරන්න නොදුන්නේ වියත්මගේ උදවිය බවට පවසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් මේ වනවිට ඇමතිකම් ඉල්ලමින් සිටින බවත් ඔවුන්ට ඇමතිකම් ලබා නොදුන්නා කියා කිසි විටෙක ආණ්ඩුව පෙරළිමටවත්, ආණ්ඩුව හැරදා යාමටවත් කටයුතු නොකරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. 
ඒ මහතා පවසා සිටියේ ඔවුන් එවැනි දෙයක් සිදුකර ආණ්ඩුවෙන් ඉවත්වීමට කටයුතු නොකරන්නේ මැතිවරණයක් පැවැත්වුවහොත් ඔවුන් දේශපාලනයෙන් අතුගෑවී යන නිසා බවයි.

එක්සත් ජනරජ පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් නියෝජිත හමුවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී පාඨලී චම්පික රණවක මහතා, මාධ්‍යවේදීන් වෙත වැඩිදුරටත් දැක්වූ අදහස්..

ප්‍රශ්නය : රනිල් මහත්තයා ගිරේට අහුවෙලා ඉන්නවා වගේ තමයි තේරෙන්නේ. ඔබතුමාලා කැමති නැද්ද මේ වෙලාවේ ගිහිල්ලා රනිල් මහත්තයා රට ගොඩනගන වැඩපිළිවෙලට සහයෝගය දෙන්න?

පිළිතුර : මේ ඇතිවෙලා තියෙන තත්වය තාවකාලික තත්වයක්. අපි විදේශ ණය ගෙවීම අත්හිටෙව්වට පස්සේ ඒකෙන් ලැබිච්ච වාසිදායක තත්වයෙන් තමයි මේ රට ගෙනියන්නේ. පසුගිය අවුරුද්දේ අප්‍රේල් මාසෙදි විදේශ ණය ගෙවීම අත්හිටුවට පස්සේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ 12 වෙනිදා වෙනතෙක් අපි ණය ගෙවලා නැහැ බිලියන 7 ක්. හැබැයි ඒ මුළු කාලය ඇතුලතම අපේ විදේශ සංචිත වැඩි වෙලා තියෙන්නේ බිලියන 1.5 යි. ඊට අමතරව අපි භාණ්ඩ 1200 ක් ගේන එක නවත්තලා තියෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති භාණ්ඩ 300 තහනම ඉවත් කරනවා කියපු හැටියෙම ඩොලර් එක කොච්චර උඩට ගියාද කියලා.  භාණ්ඩ වලට පනවලා තියෙන මේ තහනම නිසා මිනිස්සුන් තමන්ගේ පරිභෝජනය නතර කරගෙන තියෙන නිසා තමයි මේක වෙලා තියෙන්නේ. රටේ ආර්ථිකය පළවෙනි මාස තුනෙන් 11% කින් හැකිලිලා. මේක බොහොම තාවකාලික තත්වයක්. ඒ තාවකාලික තත්වය බොහෝම සුභදායී විදියට අරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ඔවුන් තමයි මේ අර්බුදය සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ. ඒ අය මේක තමන්ගේ බලය තහවුරු කරගැනීමේ ව්‍යාපෘතියක් බවට පත්කරගෙන තියෙනවා.

ප්‍රශ්නය : කැබිනට් සංශෝධනය ගැන කතා කරොත් ඇත්තටම රනිල් මහත්තයා පුවක් ගෙඩියට හිර වෙලාද ඉන්නේ මේ වෙලාවේ?

පිළිතුර : ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැබිනට් ඇමතිකම් දෙන්නේ නැහැ කියලා ආණ්ඩුවෙන් ගිහිල්ලා ආණ්ඩුව පෙරළන්න කටයුතු කරයි කියලා හිතනවද ඕගොල්ලෝ. ඔවුන් ගිය හැටි ඡන්දෙන් අතුගෑවෙනවා. ඒවා ගැන අවබෝධයක් නැති කෙනෙක් නෙමෙයි මහින්ද රාජපක්ෂ. දැන් සජබෙ අයත් එන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය : කැබිනට් සංශෝධනය මෙහෙම කල් යන්න හේතුව මොකක්ද ඔබතුමා හිතන්නේ?

පිළිතුර : රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් තමයි අහන්න ඕනේ සංශෝධනයක් අවශ්‍යද කියලා? අවශ්‍ය නම් කාවද ගන්නේ, මොනවද කරන්නේ කියන එක. නියම විදිහේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕන නම්, ඔහොම නෙමෙයි කටයුතු කරන්න ඕනේ. පොදු වැඩපිළිවෙලකට, පක්ෂ අතරේ, විපක්ෂයේ පක්ෂ අතරේ එකඟතාවයක් හදාගෙන, විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් පත් කරගෙන, ඒ වගේම ප්‍රධාන රාජ්‍ය ආයතන වලට, වෘත්තීය මට්ටමේ පිරිස් පත්කරගෙන තමයි ඒ කටයුත්ත කළ යුතු වන්නේ. දැන් මේ සිදුවෙමින් තියෙන්නේ, තමුන්ට ඕන මිනිස්සු දාගෙන කරන වැඩකට අනිත් අයට ආරාධනා කරන වැඩක්.

ප්‍රශ්නය : කුරුන්දි විහාරය බලන්න එන්න කියලා සජිත් මහත්තයට ආරාධනා කරලා තියෙනවා. ඒ පන්සලේ නායක හාමුදුරුවෝ සහ ජනතාව. ඔබතුමා කුරුන්දි විහාරය බලන්න ගියේ නැද්ද? කුරුන්දි විහාරයේ ඒ ඉඩම් ඇත්තටම ඔය ජනාධිපතිවරයා කියන විදියේ තත්ත්වයක්ද තියෙන්නේ? නැත්නම් විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවද?

පිළිතුර : කුරුන්දි විහාරය සහිත භූමිය පූජා භූමියක් කළේත් ඒ අවට රක්ෂිත ප්‍රදේශය ගැසට් කලෙත් බ්‍රිතාන්‍ය පාලන සමයේ. 1930 ගණන්වල. කුරුන්දි විහාරයේ ඉතිහාසය ඉතාම පැහැදිලිව මහාවංශයේත්, අනෙකුත් වංශකතා වලත් බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. මෙතන ඓතිහාසික තත්වයන් විකෘති කරන්න දෙන්න බෑ. ජනාධිපතිතුමාට හෝ වෙනත් කාටවත්. පුරාවිද්‍යාත්මක වටිනා ස්ථාන කියන්නේ ජාතික සම්පත්. කිසිම ආගමකට වෙනත් ජාතියකට අයිති දේවල් නෙමෙයි. උදාහරණයක් හැටියට කෝට්ටේ කොටු පවුරක් තියෙනවා. ඒ කොටු පවුරට වැසිකිළි හදලා තියෙනවා. ගෙවල් හදලා තියෙනවා. ඒවත් දැවැන්ත පුරාවිද්‍යා විනාශයන්. කුරුන්දි විහාරයේ ඉඩම් අල්ලා ගැනීම හෝ කුරුන්දි විහාර බල ප්‍රදේශයේ තමන්ට ඕන විදියට ගොවිතැන් කරන්නයි තියෙන ඉල්ලීම පිළිබඳ පුරාවිද්‍යා ආඥා පනත අනුව වන සංරක්ෂණ ආඥා පනත අනුව කරනවා මිසක්. දේශපාලකයින්ට ඕන විදියට, නිලධාරීන්ට ඕන විදියට කටයුතු කරන්න බැහැ. ඒ සඳහා ඉතිහාසයේ කරුණු විකෘති කිරීම ඉතාමත්ම කණගාටුදායක, පිළිකුල් සහගතයි. ඒක අපි හෙළා දකිනවා.

ප්‍රශ්නය : ජනාධිපතිවරයා අහනවා අක්කර සීයකට වඩා වැඩිද කියලා, මල්වතු විහාරයට තියෙන්නේ සීයයි කියලා. මේකේ ඇත්ත තත්වය මොකක්ද? ඇත්තටම දහස් ගණනක් අක්කර තියෙනවද?

පිළිතුර : කුරුන්දි අටුවාව ප්‍රකාශ කරලා තියෙන ආකාරයට, ඒක පැරණි සම්ප්‍රදායක්. සමහරු කියනවා මහා සම්ප්‍රදාය කියලා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කරන්න ඕන කොයි කොයි, ප්‍රදේශ වලද මේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දේවල් විසිරී තියෙනවාද කියන එක. ඒක අක්කර සීයද, දෙසීයද, පන්සීයද, හැත්තෑ අටද, කියන එක නෙමෙයි වැදගත්. ඒක තීරණය කරන්න ඕනේ දේශපාලකයෝවත්, නිලධාරීන්වත්, මාධ්‍යවත් නෙමෙයි.

ප්‍රශ්නය : ඔබතුමා යන්නැද්ද කුරුන්දි විහාරය බලන්න. දැන් සජිත් මහත්තයට ආරාධනා කරලා තියෙනවා කුරුන්දි විහාරය බලන්න.

පිළිතුර : අපි මැදිහත් වෙලා තමයි කුරුන්දි වලට යන පාර හදලා දුන්නේ. මම කියන්න ඕනේ වෘන්දිය ගැන නෙවෙයි. ඔය උතුරු හා නැගෙනහිර කොහේවත් යන්න කාටවත් බෑ. එදා කවුරුවත් ඕවට ඉදිරිපත් වුණේ නෑ. ප්‍රභාකරන් ඕවා අල්ලගෙන ඉන්නකොට. අපි තමයි ඒක නිදහස් කරන්න මැදිහත් වුණේ. සජිත් මහත්තයට නෙමෙයි වෙනත් ඕන කෙනෙකුට කුරුන්දි විහාරයට යන්න පුළුවන්. ඒ පාර හදලා දුන්නේ අපි.

ප්‍රශ්නය : බුද්ධ ශාසන ඇමතිවරයාගේ පණ මදි කියලා සිංහල බෞද්ධයෝ කියනවා, එතුමා ඉවත් වෙන්න ඕන කියලා දෙමළ මන්ත්‍රීවරු කියනවා. ඇත්තටම එතුමාගේ ක්‍රියාකලාපය බැලුවාම ඇමති ධූරයට මීට වඩා කෙනෙක් ඉන්න ඕනේද?

පිළිතුර : එතුමා ක්‍රියාකළ යුත්තේ පුරාවිද්‍යා ආඥා පනතට අනුව නීතියට පිටින් කටයුතු කරන්න කිසිම ඇමතිවරයෙකුට බෑ. ඒ වගේම පනතට පිටින් කටයුතු කරන්නෙයි කියලා විධායකය තීරණ දෙන්න අමාත්‍ය මණ්ඩලයට තීන්දු දෙන්න බෑ. පනත වෙනස් කරනවා නම් වෙනස් කරන්න ඕනේ පාර්ලිමේන්තුව. ජනාධිපතිතුමාත්, ඇමති මණ්ඩලයත් එකට ක්‍රියා කළ යුතු වෙනවා.

ප්‍රශ්නය : ඇමතිතුමා දැන් ජනාධිපති අපේක්ෂක ඇඳුම හැමෝම මහමින් ඉන්නවා. ඔබතුමා ඒක මහන්න දීලා නැද්ද තාම?

පිළිතුර : ඔය මහන අය නෙමෙයි. මේ රට ගොඩගන්න පුළුවන් කාටද කියලා ජනාධිපතිවරණය වෙලාවේ තීරණය කරලා හැකියාව කුසලතාවය තියෙන ඕනම කෙනෙකුට අපි ඒ ඉඩකඩ දෙනවා. රාජ්‍ය ආයතන පාලනය කිරීම පැත්තෙන් අපි මග පෙන්නලා තියෙනවා. අපේ කණ්ඩායමත් එක්ක රාජ්‍ය ආයතන කොහොමද ගොඩනගන්නේ කියලා. දූෂණයෙන් තොරව අමාත්‍යංශ කරන්න. ඒ වගේම පාඩු ලබන ආයතන ගොඩගන්නේ කොහොමද කියලා. ඉතින් අපි යම් ආදර්ශයක් දීලා තියෙනවා. ඒ ආදර්ශය මත මේ රටත් අපේ කණ්ඩායමට ගොඩනගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. හැබැයි ඒ ජනාධිපතිවරණය ප්‍රකාශ කළාම මටත් වඩා සුදුසු තරුණ, ඒ වගේම දක්ෂ තවත් අය ඉන්න පුළුවන්. ඒ ඕනම කෙනෙකුට අපි අවස්ථාව දෙනවා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය.

ප්‍රශ්නය : රටට හිතැති නායකයා  බලාගන්න ඕන්නං කණ්නාඩිය ඉස්සරහට ගියහම සරත් ෆොන්සේකා කියනවා බලාගන්න පුළුවන් කියලා. දැන් ඔබතුමාට කණ්ණාඩිය ඉස්සරහට ගියාම එහෙම නායකයෙක් පේන්නේ නැද්ද?

පිළිතුර : මට පේනවා පරපුරක්. මේ රටේ අධ්‍යාපනයෙන් මතුවෙච්ච කුසලතා පූර්ණ පරපුරක්. පවුල්වාදය විසින්, ඒ වගේම පාදඩ සල්ලි විසින් හැසිරවෙන මාධ්‍ය විසින් යටපත් කරපු පරපුරක් මට කණ්නාඩියෙන් පේනවා. අන්න ඒ පරපුර දිනවන්න අද ජනාධිපතිවරණයේදී කටයුතු කරනවා.

ප්‍රශ්නය : මේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව දැන්, ගෝඨාභය ගෙනාපු පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීලා කට්ටියම විවේචනය කරනවා. මොකක්ද මේ දෙබිඩි පිළිවෙත?

පිළිතුර : ගෝඨාභය මහත්තයාගේ අසාර්ථකත්වයට, එතුමා ලී ක්වාන් යූ කියපු අය. එතුමා දුටුගැමුණු කියපු අය, දැන් කරුණු හදනවා සමහරු ගෝඨාභය මහත්තයට වැඩ කරන්න දුන්නේ නැහැ, මහින්ද මහත්තයාගේ පවුලේ අය. විශේෂයෙන් බැසිල් මහත්තයා කියලා. ඊළඟට බැසිල් මහත්තයා මහින්ද මහත්තයලා කියනවා අපි නම් රට නියමෙට පාලනය කළා 2005 ඉඳන් 2015 ට ගෝඨාභයත් එක්ක ආපු මේ වියත්මගේ හාදයෝ ටිකයි, හමුදාවේ අයගේ අයයි තමයි මේ රට මෙතෙන්ට වැට්ටුවේ කියලා. තව සමහරු කියනවා මේ රට වැට්ටුවේ ජුලි චෑන් කියලා. ඉතින් ඒ වගේ එක එක්කෙනා මේකට කියනවා. පළමුවෙන්ම මම කියන්නේ රට බංකොලොත් කලා. ඒ රට බංකොලොත් කරන්න. ගෝඨාභයව පුම්බපු සියලු දෙනාම වග කියන්න ඕනේ. මැයි 09 ආණ්ඩුව ඇතුලේ ලැගලා ඉඳලා ඒකට ගහලා පැන්නුවාට පස්සේ  ඒගොල්ලන්ට දැන් අඩුම තරමේ අවම දේශපාලන සදාචාරය තියෙනවා නම්, ඒගොල්ලන්ට කියන්න තියෙනවා වචන දෙකක්. මොකක්ද? ගෝඨාභය ගෙනාවට, අපිට සමාවෙන්න කියලා. ඒ වචන දෙක කියන්නේ නැති කිසිම කෙනෙකුට ගෝඨාභයට ඒ අවස්ථාවේදී ආවඩලා, ලංකාවේ දේශපාලනය කරන්න අයිතියක් නැහැ. මොකද අද පවුල් හැට ලක්ෂයක් මහපාරට ඇදලා දාලා තියෙනවා. මේ පුද්ගලයාව දේශපාලනයට ගෙන ඒම නිසා. ඒ නිසා අපි නම් තීරණය කරලා තියෙනවා අපි, අනාගතයේ අනිවාර්යෙන්ම ආර්ථික, අපරාධ, යුක්ති කොමිෂන් සභාවක් පිහිටුවනවා. ඒකෙදි මේ සම්බන්ධයෙන් වගකිවයුතු සියලුම නිලධාරීන්, ඒ වගේම දේශපාලක ඒ වගේම ගෝඨාභයව පුම්බන්න මෙතනට ගෙනාපු සියලු පිරිස්, ජනතාව නොමග යවපු පිරිස්, ජනතාවට බොරු කියපු පිරිස්, මේ සියලු දෙනා ගර්භාෂ යුද්ධයේ සිට වියත් මගේ ගියපු ආර්ථික මොළ හතේ සීයට හතේ වර්ධන වේගය ගේනවයි කියලා පොරොන්දු දීපු අය දක්වා සියලු දෙනාම මේ විනිශ්චය කොමිෂන් සභාවට තරාතිරම නොබලා අපි ගෙන්නනවා.

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගරභෂ යදධය සට මළ හත සය පමබප සයළ දනට කරන ද චමපක කයය
ගරභෂ යදධය සට මළ හත සය පමබප සයළ දනට කරන ද චමපක කයය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXrjF_SN6dp2PktIJfY4JySc1hL3H2cuqVQc3auve7-w4iB2ZVsx1Gbe_51Z8u7nS2bv8Ca10kPfbP9gwWizFaCHTY8vEha_jMsgRq4cF-wXczcKsLE8GBKr41B9S8lnggZt42GmWZZ9qhyvvQOTOxyRvolNZHDwbqFT8YE1X0hESunJwsK39wnxIa/s320/champika.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXrjF_SN6dp2PktIJfY4JySc1hL3H2cuqVQc3auve7-w4iB2ZVsx1Gbe_51Z8u7nS2bv8Ca10kPfbP9gwWizFaCHTY8vEha_jMsgRq4cF-wXczcKsLE8GBKr41B9S8lnggZt42GmWZZ9qhyvvQOTOxyRvolNZHDwbqFT8YE1X0hESunJwsK39wnxIa/s72-c/champika.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/06/blog-post_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/06/blog-post_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy