පා ර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225ම ප්‍රතික්ෂේප කරමින් දේශපාලකයෙක් නොවන පුද්ගලයෙක් රටේ පාලකයා විය යුතුයි යනුවෙන් මත ප්‍රකාශ කරන්නේද දේ...
පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225ම ප්‍රතික්ෂේප කරමින් දේශපාලකයෙක් නොවන පුද්ගලයෙක් රටේ පාලකයා විය යුතුයි යනුවෙන් මත ප්‍රකාශ කරන්නේද දේශපාලන කොන්ත්‍රාතුවකට අනුව බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (23දා) බත්තරමුල්ල නෙලූම්මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,
“වරෙක 225ම එපා කියනවා. තවත් වරෙක දේශපාලනඥයෙක් නොවන පුද්ගලයෙක් රටේ පාලකයා විය යුතුයි කියනවා. මේ විදියට ජනතාව ගොනාට ඇන්දවිමට සමහර පුද්ගලයින් කටයුතු කරනවා. මේ අය තමන්ද කරන්නේ දේශපාලන කොන්ත‍්‍රාත්තුවක් බව වසන් කරනවා.
බටහිර න්‍යාය පත‍්‍රවලට අනුව මේ කණ්ඩායම් තෝරා ගන්න පුද්ගලයාත් අවසානයේදී දේශපාලනයේම නිරත වෙන බව ජනතාවට වසන් කිරීමෙන් සිද්ධ වෙන්නේ රට තවත් අගාධයකට තල්ලූ කිරීමයි.
ළඟදි පාරවල් වහලා ඇමැතිවරුන්ගේ වාහන පේලියක් ගියාම ජනතාව ඊට දැඩි විරෝධයක් පළ කළා. ඒ විරෝධය සංවිධානය වෙලාකරපු දෙයක් නෙවෙයි. ජනතාව ආණ්ඩුවේ ක්‍රියාවන් නිසා මොන තරම් පීඩනයකට පත්වෙලා ඉන්නාවද කියන දෙයයි මෙයින් පැහැදිලි වෙන්නේ.”

COMMENTS