දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවට සහය දෙනවාද? සජබ තීන්දුවක් ගනී! සජිත්ට බලය පවරයි! ජනපති අපේක්ෂකත්වය ගැනත් තීන්දු කරයි
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවට සහය දෙනවාද? සජබ තීන්දුවක් ගනී! සජිත්ට බලය පවරයි! ජනපති අපේක්ෂකත්වය ගැනත් තීන්දු කරයි

PropellerAds

ආණ්ඩුව සමග එක් වීමට හෝ තනතුරු නොගැනීමටත්, එළැඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළයුතු බවටත් වන විශේෂ යෝ...

ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට වැලිකඩ.. එතකොට මහින්ද?
සයිටම් විරෝධී රැළිය ලිප්ටන් වටරවුමේ
විදුලි බල ඇමති සාකච්ඡා සඳහා සූදානම්
ආණ්ඩුව සමග එක් වීමට හෝ තනතුරු නොගැනීමටත්, එළැඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළයුතු බවටත් වන විශේෂ යෝජනා පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අද (08) ඒකමතිකව අනුමත වී තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී අද(8) රැස්වූ සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණ ගෙන තිබෙනවා.

එහිදී ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළ සහ සමගි ජන බලවේගය ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වනවා.

එහිදී විශේෂ යෝජනා දෙකක් සම්මත කරගත් අතර පලමුවන යෝජනාව ලෙස ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමඟ එක්නොවිය යුතු බවටත්, තනතුරු ලබා නොගතයුතු බවටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කරනු ලැබුවා.

යම් හෙයකින් ජන පීඩක ආණ්ඩුව සමග එක්වීමක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීම හෝ එවැනි යෝජනා ගෙන ඒම ජනතාවගේ නාමයෙන් කරනු ලබන බලවත් වරදක් හෙයින් එවැන්නක් නොකළ යුතු බවටත් එවැන්නක් සිදුකිරීම සපුරාම තහනම් බවටත් එහිදී ඒකමතිකව තීන්දු කර තිබෙනවා.

කෙසේ වෙතත් රටට හිතැති ප්‍රගතිශීලී කටයුතු පිලිබදව සහය ලබාදීමේදී පක්ෂයක් ලෙස සාකච්ඡා කොට තීන්දු ගැනීමට ද එහිදී තීරණය කර තිබෙනවා.

එළැඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළයුතු බවට කෘත්‍යාධිකාරි මණ්ඩලය එහිදී තවත් යෝජනාවක් ඒකමතිකව අනුමත කර ඇතැයි වාර්තා වනවා.

ඔහුගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ වූ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කළයුතු බවටත්, එම සන්ධානය ගොඩනැගීම සදහා පක්ෂ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සම්පූර්ණ බලය පැවරීමටත් ඒකමතිකව තීන්දු කර තිබෙනවා.

පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණ වලට එරෙහිව කටයුතු කරන ඕනෑම අයෙකුට එරෙහිව පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බලය පැවරීමටත් කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පියවර ගෙන තිබෙනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවට සහය දෙනවාද? සජබ තීන්දුවක් ගනී! සජිත්ට බලය පවරයි! ජනපති අපේක්ෂකත්වය ගැනත් තීන්දු කරයි
ආණ්ඩුවට සහය දෙනවාද? සජබ තීන්දුවක් ගනී! සජිත්ට බලය පවරයි! ජනපති අපේක්ෂකත්වය ගැනත් තීන්දු කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgc-L37caZVw-yepogS1ucxCA2iueAIpLZPaYjmdHhaINc_9VL9Yy9qoIwWLbk1uLslH2G1rsUDtLKB2LgcLmaXdviAvnQkZWXUuuXKSWEBXY8-bDGsEhnjPdqqKPINwa3RB-D3Ig6TYR-Wr4Ld-ocJSao1kSGBx7izx-GxarkXw5UxMT6BZaKHPQ/w320-h223/sajith-sign.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgc-L37caZVw-yepogS1ucxCA2iueAIpLZPaYjmdHhaINc_9VL9Yy9qoIwWLbk1uLslH2G1rsUDtLKB2LgcLmaXdviAvnQkZWXUuuXKSWEBXY8-bDGsEhnjPdqqKPINwa3RB-D3Ig6TYR-Wr4Ld-ocJSao1kSGBx7izx-GxarkXw5UxMT6BZaKHPQ/s72-w320-c-h223/sajith-sign.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/05/blog-post_50.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/05/blog-post_50.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy