දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉල්ලුම හොඳටම අඩු වෙලා! ඩොලර් එකත් බැහැලා! දැන් මිනිස්සුන්ට සහනයක් දෙන්න පුලුවන්! වහාම විදුලි බිල 20%කින් අඩු කරන්න! උපයෝගිතා කොමිසමෙ ආණ්ඩුවට කියයි!
Homeප්‍රවෘත්ති

ඉල්ලුම හොඳටම අඩු වෙලා! ඩොලර් එකත් බැහැලා! දැන් මිනිස්සුන්ට සහනයක් දෙන්න පුලුවන්! වහාම විදුලි බිල 20%කින් අඩු කරන්න! උපයෝගිතා කොමිසමෙ ආණ්ඩුවට කියයි!

PropellerAds

විදුලි ගාස්තුව අවම වශයෙන් 20%කින් පහළ දැමිය යූතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙයි. “2023 වස...

පාස්කු ප්‍රහාරය ගැන VIP ආරක්ෂකයන් කලින්ම දැන සිටි බව හෙළිවෙයි
පාස්කු ප්‍රහාරය ගැන VIP ආරක්ෂකයන් කලින්ම දැන සිටි බව හෙළිවෙයි
'ත්‍රිවිධ හමුදාවට ඡන්දයට අත ගැසීමට බලයක් නෑ' - මැතිවරණ කොමිසමේ සභාපති - (video)
විදුලි ගාස්තුව අවම වශයෙන් 20%කින් පහළ දැමිය යූතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙයි.

“2023 වසර සදහා තමන් ඉදිරිපත් කල විදුලි ඉල්ලුම පිළිබද දත්ත සත්‍ය ඉල්ලුමට වඩා අධි තක්සේරුගත ඇස්තමේන්තුවක් බව මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන තිබේ. මේ අධිතක්සේරුගත විදුලි ඉල්ලුම් පදනම් කරගෙන ලංවිම පහුගිය පෙබරවාරි මාසයේදී යෝජනා කර ක්‍රියාවට නැගු සියයට 66ක ගාස්තු ඉහල දැමීම වැරැදි තීරණයක් බව දැන් ඔප්පු වෙනවා. මේ වසර සදහා පවතින්නේ අඩු විදුලි ඉල්ලුමක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආර්ථික කටයුතු සහ විදුලිගාස්තු අංශය විසින් නිවැරැදිව ඇස්තමේන්තු කරල තිබුණා. එවැනි අඩු විදුලි ඉල්ලුමක් පවතින නිසා තමයි 2023 පෙබරවාරි මාසයේදී සියයට 35ක පමණ අඩු විදුලි ගාස්තු වැඩිවීමක් නිර්දේශ කර තිබුණේ. එම අඩු විදුලි ගාස්තු සංශෝධන යෝජනාව වෙනුවට කොමිෂන් සභාවේ බහුතර සමාජිකයින් විසින් ලංවිම ඉදිරිපත් කර තිබු සියයට 66ක ගාස්තු සංශෝධන යෝජනාවට අනුමැතිය දුන්නා. නමුත් දැන් ඔප්පුවෙනවා විදුලි ගාස්තුව අවම වශයෙන් සියයට 20කින් වත් අඩු කළ යුතු බව. පහුගිය පෙබරවාරි මාසයේදී නිර්දේශ කල සියයට 35ක ගාස්තු සංශෝධනය ක්‍රියාවට නැගුවානම් විදුලි පාරිභෝගිකයින් මත අනවශ්‍ය පීඩනයකන් ඇති වන්නේ නැහැ. ඒ වගේම ලංවිම මුල්‍ය තත්වයට අයහපත් ලෙස බලපෑමක් ඇති වන්නේ ද නැහැ. දැන් වහාම කල යුත්තේ අවම වශයෙන් සියයට 20කින් වත් විදුලි ගාස්තු අඩු කිරීමයි”

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2023 වසර සදහා ගිගා වොට් 16,520 විදුලි ඉල්ලුමක ඇස්තමේන්තු කර තිබිණි. නමුත් ලංවිම පසුගියදා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දන්වා ඇත්තේ තමන් මුලදී ගණනය කල විදුලි ඉල්ලුම මේ වසර තුලදී නොපවතින බවයි. මේ පිළිබද කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා.

“ මේ වසරේ ගිගාවොට් පැය 16,520ක විදුලි ඉල්ලුමක් පවතින බවයි ලංකා විදුලි බල මණ්ඩලය පහුගිය ජනවාරි මාසයේ දී ඇස්තමේන්තු කලේ. ඒ අවශ්ථාවේදී කොමිෂන් සභාවේ ආර්ථික කටයුතු අංශය පෙන්වා දුන්නා මේ වසරේ විදුලි ඉල්ලුම ගිගා වොට් පැය 15,031 ක මට්ටමක පවතින බව. ඒ අනුව විදුලි ගාස්තු ඉහල දැමිය යුත්තේ අඩු ප්‍රතිශතයකින් බව එම නිර්දේශවල තිබුණා. ලංවිම පහුගියදා අප වෙත ඉදිරිපත් කලා ඉදිරි කාලය සදහා නව සංශෝධිත විදුලි ඉල්ලුම් ඇස්තමේන්තුවක්. ඒ මගින් ඔවුන් මුලදී කල අධිතක්සේරු ගත විදුලි ඉල්ලුමට වඩා අඩු විදුලි ඉල්ලුමක් පවතින බව පිළිගෙන තිබුණා. ලංවිම නව විදුලි ඉල්ලුම් ඇස්තමේන්තුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආර්ථික කටයුතු අංශය ගණනය කර පහුගිය පෙබරවාරි මාසියේදී ඉදිරිපත් කල විදුලි ඉල්ලුමට ආසන්න විදුලි ඉල්ලුමක්. වැරැදි ඉල්ලුමක් මත විදුලි ගාස්තු ඉහල දැමීම නිසා ලංවිමට අපේක්ෂා කල ආකාරයේ ආදායම් ඉහල යාමක් ලැබුනේ නැහැ.

ජනක රත්නායක
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉල්ලුම හොඳටම අඩු වෙලා! ඩොලර් එකත් බැහැලා! දැන් මිනිස්සුන්ට සහනයක් දෙන්න පුලුවන්! වහාම විදුලි බිල 20%කින් අඩු කරන්න! උපයෝගිතා කොමිසමෙ ආණ්ඩුවට කියයි!
ඉල්ලුම හොඳටම අඩු වෙලා! ඩොලර් එකත් බැහැලා! දැන් මිනිස්සුන්ට සහනයක් දෙන්න පුලුවන්! වහාම විදුලි බිල 20%කින් අඩු කරන්න! උපයෝගිතා කොමිසමෙ ආණ්ඩුවට කියයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhN1wqAkSI8foKgLPlXFdkSuXSuqwl5u1uT4G9KuY2XoP-FFw4ORhjxUaPZGqMXc1b_fEj6amCv_xlBbwaBy0fjTdWztNgFpLkR-srOPCh3LNRKDQp_nkgR6lAFWyNjzfVemlJlEirdlpDISuX9qNcyFjfy--Dvk5OIWlZ1A0oPRp4NZFoyLTMLag/w320-h170/kanchana-janaka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhN1wqAkSI8foKgLPlXFdkSuXSuqwl5u1uT4G9KuY2XoP-FFw4ORhjxUaPZGqMXc1b_fEj6amCv_xlBbwaBy0fjTdWztNgFpLkR-srOPCh3LNRKDQp_nkgR6lAFWyNjzfVemlJlEirdlpDISuX9qNcyFjfy--Dvk5OIWlZ1A0oPRp4NZFoyLTMLag/s72-w320-c-h170/kanchana-janaka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/05/20_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/05/20_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy