තම නායකත්ව හැකියාව ප්‍රදර්ශනය කර ඇති බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට නායකත්වය දීමට ඉතාම සුදුසු පුද්ගලයෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ...
යුද්ධය අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තරය හසුරුවා ගනිමින් ඉතා හොඳින් යුද්ධයට ජාත්‍යන්තර සහාය ලබාගත් බවද හෙතෙම පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකාව ලෝකයේ වේගයෙන් දියුණු වන රටවලින් එකක් බවට පත් කිරීමේ දී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විශාල කාර්යභාරයක් සිදුකල බවද හෙතෙම පෙන්වා දෙයි.
යුද්ධයෙන් පසු දිළිඳු ජනතාව නගා සිටුවීමට අවශ්‍ය සියලු කටයුතු කළේද බැසිල් රාජපක්ෂ මහතා බවත් උතුරු නැගෙනහිරට වැඩිම සංවර්ධනයක් කළ නායකයා ද බැසිල් රාජපක්ෂ මහතා මහ ලේකම්වරයා පැවසීය.
ජනතා හදගැස්ම හඳුනන ඔවුන්ගේ ආර්ථිකය නගා සිටුවීමට අවශ්‍ය බොහෝ පියවර ගත් නායකයෙක් වන බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට ඉතා සුදුසු නායකයෙක් ඇයි ද ඔහු තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS