දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
5 වන සියවසේ ධාතුසේන රජතුමා කරවූ අවුකන බුදුපිළිමයේ බඹර වද බැඳලා! වහා ක්‍රියාත්මක නොවුණොත් පිළිමය විනාශ මුඛයේ! බලධාරීන්ගේ අවධානය පිණිසයි!
Homeප්‍රවෘත්ති

5 වන සියවසේ ධාතුසේන රජතුමා කරවූ අවුකන බුදුපිළිමයේ බඹර වද බැඳලා! වහා ක්‍රියාත්මක නොවුණොත් පිළිමය විනාශ මුඛයේ! බලධාරීන්ගේ අවධානය පිණිසයි!

PropellerAds

අනුරාධපුර යුගයේ නිර්මාණය වූ හිටි පිළිම සලකා බලන කල්හි ඉතාම වැදගත් නිර්මාණයක් ලෙස අවුකන බුද්ධ ප්‍රතිමාව සදහන් කරන්න පුලුවන්. මෙය ක්‍රි.ව 5 ...

හිස්බුල්ලා නැගෙනහිරට – ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවට
ජනතාවගේ හදවතේ අපේ ජයග්‍රහණයන් රැඳී තියෙනවා
චාලිට ගිනි තැබිම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට
අනුරාධපුර යුගයේ නිර්මාණය වූ හිටි පිළිම සලකා බලන කල්හි ඉතාම වැදගත් නිර්මාණයක් ලෙස අවුකන බුද්ධ ප්‍රතිමාව සදහන් කරන්න පුලුවන්. මෙය ක්‍රි.ව 5 වන සියවසේ රජකල විශිෂ්ඨ රජෙකු ලෙස සැලකෙන ධාතුසේන රජතුමන්ගේ නිර්මාණයක් ලෙස සැලකෙනවා. කෙසේවෙතත් මේ වනවිට එහි ස්ථාන 2ක බඹර වද සාදා ඇති ආකාරයක් දැකගන්නට පුලුවන්. ඉක්මණින්ම ක්‍රියාත්මක නොවුණොත් මේ විශිෂ්ට නිර්මාණයට හානි සිදුවන්න පුලුවන්.

කලා වැව ආසන්නයේ පිහිටා තිබෙන අවුකන ග්‍රාමයේ මෙය පිහිටි බැවින් මෙයට ඒ නම ලැබී තිබෙනවා. කළුගල් පර්වතයේ පූර්ණ උන්නතව පද්මාසනයක් මත වැඩසිටින ආකාරයෙන් නිර්මිත මේ බුදුපිළිමය උසින් අඩි 38යි අගල් 10 ක් පමණ වනවා. දකුණු අතින් අභය මුද්‍රාවත් වමතින් සිවුරු රැල්ල දරා සිටින අයුරින් නිර්මිතයි. ඒකාංශ ක්‍රමය අනුව සිවුර රිද්මයානුකූල වූ රැළි රටාවකින් යුක්ත වන අතර එය ඇගට ඇලුණු ස්වභාවයක්ද දක්නට පුලුවන්. අනුරාධපුර යුගයේ බුද්ධ ප්‍රතිමාවලට ආවේණික වූ සිවුරේ ඇති තනි රැල්ල මෙම පිළිමය තුලින්ද මනාව ඔප්නංවා තිබෙන අයුරු දකින්නට පුලුවන්.

මෙම බුද්ධ ප්‍රතිමාව ධාතුසේන රජතුමන්ගේ නිර්මාණයක් ලෙස පිළිගැනීමට සමහර උගතුන් දක්වන්නේ මැළිකමක් නමුත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වී ඇත්තේ මෙය ධාතුසේන රජතුමන්ගේ නිර්මාණයක් බවයි.

මුහුණු අණ්ඩාකාරව නිමැවී ඇති අතර දෙඇස්වලින් ගැඹුරු හැගීම් විදහා දක්වන බව වියතුන්ගේ අදහස වී තිබෙනවා. හිස මුදුනේ දක්නට ඇති සිරස්පත් බිමට වැටී තිබුණු බවත් පසුව ඒවා සවිකරන්නට ඇතැයි යන්නත් බොහෝ දෙනා විශ්වාස කරනු ලබනවා. මෙහි තිබී සොයාගත් සෙල්ලිපි සදහන් කරන ආකාරයට අවුකන පිළිමයෙහි පද්මාසනය අටවන හා නවවන සියවස් වලට අයත් වූවක් බව සැලකිය හැකි වනවා.

මෙම බුදුපිළිමයෙන් පිළිබිඹු කරනුයේ ගෞතම බුදුරජාණන් වහන්සේ නොව දීපංකර බුදුරජාණන් වහන්සේ බව බොහෝ උගතුන් හා වියතුන් විශ්වාස කරනවා. මන්ද ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිබිඹු කරන බුද්ධ ප්‍රතිමා සාමාන්‍යයෙන් දහ අට රියනක් වූවත් මෙය ඊට වඩා උසින් යුතු වීම එයට හේතුව විදියට සදහන් කරන්නට පුළුවන්. මෙමගින් අභය මුද්‍රාව නිරූපනය කරන අතර එමගින්ද මින් පිළිබිඹු කරනුයේ දීපංකර බුදුරදුන් බව සැලකිය හැකි බව විද්වතුන්ගේ මතයයි.

පැරණි ඉන්දියාවේ කලාව තුල පැවැති විශිෂ්ටත්වය පෙන්නුම් කරන අමරාවතී බුදුපිළිම වල දක්නට ලැබෙන ලක්ෂණ අවුකන බුදුපිලිමයේද දකින්නට හැකි බව දැක්වෙනවා.

අවුකන බුද්ධ ප්‍රතිමාවේ නිර්මාණ ශිල්පියා ගත්කල ඔහුට මානව රූපය පිලිබදව හසල දැනුමක් තිබූ බවට සැලකිය හැකි වනවා. එසේම මෙම පිළිමයේ ලම්භකතවය සැලකූ විට ඉතා පුදුමසහගත කාරණය නම් නාසයට වැටෙන ජල බිදුවක් පා දෙකට හරි මැදින් වැටීමයි. තවත් එවැනිම විශිෂ්ටත්වයට පිළිබිඹු කරන කාරණය නම් සිරුරේ රැළිවල දක්නට ඇති සමාන්තරත්වයයි. කළුගලක් තුළ ඇගිලිවල නියපොතු පවා දක්වා ඇති ආකාරය සලකා බැලූ කල මෙහි නිර්මාණ ශිල්පියා කෙතරම් මානව රූපය පිළිබඳව අවබෝධයකින් යුතු වූවාද යන්න නිගමනයකට එලැබීමට අපට හැකිවනවා නොඅනුමානයි.
-mawratanews
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 5 වන සියවසේ ධාතුසේන රජතුමා කරවූ අවුකන බුදුපිළිමයේ බඹර වද බැඳලා! වහා ක්‍රියාත්මක නොවුණොත් පිළිමය විනාශ මුඛයේ! බලධාරීන්ගේ අවධානය පිණිසයි!
5 වන සියවසේ ධාතුසේන රජතුමා කරවූ අවුකන බුදුපිළිමයේ බඹර වද බැඳලා! වහා ක්‍රියාත්මක නොවුණොත් පිළිමය විනාශ මුඛයේ! බලධාරීන්ගේ අවධානය පිණිසයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPvUmbsrvNFwHhSv7S72Kn4nSHxH9Kby0aKLtJnFJ92_kLgLdFkQTKc_kqcbZniky1cHzHCNYPxV_nYEmDI9PUpdPQ-_KjOXyF7j9h5mN8grICMUhAXb26Lk8THysTrwP6OqSvdSdb4fa2kiZakQqjMATyxPrV26FXPeS0Ql4CcmJ6iSBgqH_Ansrtcw/s320/AWUKANA.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPvUmbsrvNFwHhSv7S72Kn4nSHxH9Kby0aKLtJnFJ92_kLgLdFkQTKc_kqcbZniky1cHzHCNYPxV_nYEmDI9PUpdPQ-_KjOXyF7j9h5mN8grICMUhAXb26Lk8THysTrwP6OqSvdSdb4fa2kiZakQqjMATyxPrV26FXPeS0Ql4CcmJ6iSBgqH_Ansrtcw/s72-c/AWUKANA.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/04/5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/04/5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy