දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොට්ටුවේ 126ක් ජනාධිපතිට සහාය දෙන්න තීන්දු කරයි
Homeප්‍රවෘත්ති

පොහොට්ටුවේ 126ක් ජනාධිපතිට සහාය දෙන්න තීන්දු කරයි

PropellerAds

වත්මන් ආණ්ඩුව අවසන් දිනය දක්වාම ගෙනයෑම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 126ට වැඩි පිරිසක් සමඟ ජනාධිපතිවරයාට සහය පළ...

අලුත් ජාතික නායකයෙකු ගෙන ඒමට සූදානම්! ඇල්ලේ ගුණවංශ හිමි පළමු වරට දේශපාලන වේදිකාවට ගොඩවෙයි
"එක්කෙනෙක් පස්සේ යන්න අපිට ඕනේ නැහැ" - මෛත්‍රී සජිත් පිලට යයිද? මෛත්‍රී රනිල්වත් හමුවෙලා
ටෙස්ට් තරඟාවලිය දිනු එංගලන්ත කණ්ඩායම අදත් පුහුණුවීම්වල - ශ්‍රී ලංකා කණ්ඩායම?
වත්මන් ආණ්ඩුව අවසන් දිනය දක්වාම ගෙනයෑම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 126ට වැඩි පිරිසක් සමඟ ජනාධිපතිවරයාට සහය පළකරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ පසුගිය ජනාධිපතිවරණයෙදි හා මහා මැතිවරණයෙදි පොහොට්ටුවට ඡන්දය දුන් මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම අත්‍යාවශ්‍ය බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  කෝට්ටේ ආසන  නියෝජිත සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාම ශක්තිමත් පක්ෂයක් . අපි මේ පක්ෂය ආරම්භ කරන කොට නොයෙකුත් තර්ජන ගර්ජනවලට මුහුණ දෙන්න වුණා. එවකට අපේම පක්ෂයේ හිටපු ලේකම්වරයා අපේ පක්ෂය හයිජැක් කළා.  මහින්ද රාජපක්ෂ මහතා 2015 දි පැරදුණාම අපි නුගේගොඩින් මහින්ද සුළඟ ආරම්භ කළා. ශ්‍රී ලාංකා පොදුජන පෙරමුණ පිහිටුවන්න අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මැදිහත් වුණා. ඒ වගේම පළාත් සභා මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන් සම්බන්ධ කරගන්න බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කළා.

එක ග්‍රාම සේවා වසමකින් 10 දෙනෙක් සම්බන්ධ කරගනිමින් මේ පක්ෂය හැදුවා. එදා සමහර දේශපාලන නායකයන් කිව්වේ අලුත් පක්ෂයක් හැදුවොත් අපිව පාරක් පාරක් ගානෙ ඇවිද්දවනව කියලයි. අපි පාරක් පාරක් ගානෙ ඇවිදලයි මේ පක්ෂය හැදුවෙ. ඒ නිසා මේ පක්ෂය දියකරන්න හිතන තරම් ලේසි නැහැ.

අවුරුදු තිහක යුද්ධය නවත්තල රටේ මිනිස්සුන්ට සාමකාමීව ජීවත්විය හැකි පරිසරයක් හදපු නායකයා මහින්ද රාජපක්ෂයි.රටේම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළ නායකයා ඔහුයි.ගමට කොන්ක්‍රිට් පාරවල් හදල ගමේ ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කරන්න මූලික වුනේ එතුමයි. ඒ නිසා එතුමා වෙනුවෙන් අපිට කඩේ යන්න බැරිකමක් නෑ.

ශ්‍රී ලංකා ⁣පොදුජන පෙරමුණ කවදාවත් මංකොල්ල කාල නෑ.මිනී මරල නෑ.අපේ පක්ෂයේ නායකයො රටට වැඩ කළා මිසක රටට වැරදි වැඩ කරල නෑ. ඒ ගැන අපි ආඩම්බර වෙනවා. අපි මේ පක්ෂය හදල මුලින්ම මුහුණ දුන්නේ පළාත් පාලන මැතිවරණයටයි. එදා අපිව ජයග්‍රහණය කරවන්න  ගම් මට්ටමේ ජනතාව විශාල සහයක් දුන්නා. රටේම පළාත් පාලන ආයතනවලින් සියයට 80ක ජයක් අපි ලැබුවා.

මහින්ද අගමැති කරමු, පොහොට්ටුවට ඡන්දය දෙන්න කියල ඉස්සෙල්ලාම පෝස්ටරේ ගැහුවේ මමයි. පළාත් පාලන ඡන්දය දින්න කියල මම අගමැති වෙන්නෙ නෑ නේද කියල එක දවසක් මහින්ද මහත්තය මගෙන් ඇහුව්වා. පළාත් පාලන ඡන්දය දින්නොත් අපිට ඊළඟට එන ඕනෑම ඡන්දයක් දිනන්න පුළුවන් කියල මම එදා එතුමාට කිව්වා.ඊළඟට ජනාධිපතිවරණයට මහින්ද මහත්තයට ව්‍යවස්ථානුකූලව ඉදිරිපත් වෙන්න බෑ. ඒ නිසා ගම්වල මිනිස්සු කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මහත්තය ඉදිරිපත් කරන්න කියලයි. නමුත් මම හිටියේ ඊට වඩා වෙනස් මතයක. මම හිටියේ ජනාධිපති අපේක්ෂකයා විදියට බැසිල් රාජපක්ෂ මහත්තය ඉදිරිපත් කරන්න ඕන කියලයි.මොකද එතුමාට සංවිධාන ශක්තියක් තියෙනවා. පක්ෂයේ නිර්මාතෘ ඔහුයි.


ඔහුට වැඩක් කරන්න පුළුවන්. ඒ වෙලාවෙදි ගෝඨාභය රාජපක්ෂ මහත්තය මට කිව්වා ප්‍රසන්න මම නිළධාරියෙක් මිස දේශපාලනඥයෙක් නෙමෙයි. ඒ නිසා බැසිල් රාජපක්ෂ මහත්තයට ඉල්ලන කියන්න කියල. මම ඒක බැසිල් රාජපක්ෂ මහත්තයට කිව්වා. ඔහු කිව්වේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙ තමන්ට විරැද්ධව යුධ අපරාධ චෝදනාවක් තියෙන නිසා ද්විත්ව පුරවැසි බව අයින් කරගන්න බෑ කියලයි. ඒ නිසා ගෝඨා අයියට ඉල්ලන්න කියන්න කියල මට කිව්වා.

එල්.ටී.ටී ත්‍රස්තවාදී යුද්ධය නිමා කරල අපිට නිදහස ලබාදීපු නිසා අද මහින්ද රාජපක්ෂ මහත්තයට සමහර රටවලට යන්න බැහැ. බැසිල් රාජපක්ෂ ,ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ටත් එහෙමයි. ජනාධිපතිවරණයෙන් මම ගම්පහ දිස්ත්‍රික්කය වැඩි ඡන්ද ලක්ෂ තුනහමාරකින් දිනුවා. ගම්පහ තමයි   වැඩිම ඡන්ද ප්‍රමාණයකින් දිනුව දිස්ත්‍රික්කය. මැතිවරණයකදි ගම්පහ ප්‍රතිඵලය කොළඹට බලපානවා. කොළඹ ප්‍රථිඵලය ගම්පහට බලපානවා.මහා මැතිවරණයත් විශිෂ්ඨ ලෙස ජයගත්තා.

ගෝඨාභය රාජපක්ෂ මහත්තය රටට යම් වැඩ පිළිවෙලක් කරන්න හැදුවා. ඔහු එදා ආරක්ෂක ලේකම් ලෙස යුද්ධය නිමා කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයට විශාල ශක්තියක් ලබාදුන්නා. කොවිඩි වසංගතය වෙලාවෙදි ඔහු අපේ රටේ මිනිස්සුන්ගෙ ජීවිත ආරක්ෂා කරන්න ඔහු ගත් පියවර මුළු ලෝකයේම පැසසුමට ලක් වුණා.අවස්ථා දෙකතුනකදි මිනිස්සුන්ගෙ ජීවිත බේරගත්ත නායකයෝ මේ පක්ෂයේ ඉන්නෙ. මෙවැනි පක්ෂයක සාමාජිකයකු වීම ගැන මම ආඩම්බර වෙනවා. ඒ වගේම මම එදා වගේම අදත් හෙටත් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කඩේ යනවා. එතුමා කරපු සේවය අපිට අමතක කරන්න බැහැ.

කොවිඩි වසංගතය එක්ක ආර්ථිකය කඩා වැටුණා. රට අරින්න හදන කොට වගේම රට වහන්න හදන කොටත් දේශපාලන න්‍යාය පත්‍ර අනුව වැඩකළ ඇතැම් නිළධාරින් විරුද්ධ වුණා. මිනිස්සු සාමකාමී අරගලය ආරම්භ කළේ තමන්ගේ පීඩනය පිට කරන්නයි. එතන ආණ්ඩු පෙරලීමේ අරමුණක් තිබුණෙ නැහැ. ආණ්ඩු වෙනස් කරන්න මිනිස්සුන්ට අයිතිය තියෙනව හැබැයි රාජ්‍ය පෙරළන්න කාටවත් අයිතියක් නැහැ. ඒ වගේ වෙලාවක රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්න ඕන.

සාමකාමී අරගලය අවසානයේදී කුඩු කාරයෝ හයිජැක් කළා.සමහරු අරගලයට සම්බන්ධ වුණේ මිනිස්සුන්ගෙන් පලි ගන්නයි. අද අරගලයට සම්බන්ධ වුණ මිනිස්සු වසබීල මැරෙනවා. අරගලයෙන් වෙන කණ්ඩායමක් හම්බ කරගත්තා.

හිටපු ජනාධිපතිතුමත්,අගමැතිතුමත් තනතුරුවලින් ඉවත් වුණා. ඒ වෙලාවෙ අපේම අය ගිහිල්ලා ස.ජ.බ එක්ක ඩීල් දාල ජනාධිපතිකම්,අගමැතිකම් බෙදාගන්න කටයුතු කළා. රනිල් වික්‍රමසිංහ මහත්තයට සහය දෙන්න. අපි එදා ඒ ජනාධිපතිවරණ සටන මෙහෙයවූවා.ඊට පස්සෙ මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාද ඇතුව දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිකමට පත්කළා.

ජනාධිපතිතුමා වසරක් ඇතුළත අභියෝග ජයගත්තා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 126ට වැඩි පිරිසක් සමඟ මේ ආණ්ඩුව ගෙනියන්න අපි රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරනවා. අපිට ජනාධිපතිවරණයෙදි, මහමැතිවරණයේදී ඡන්දය දීපු මිනිස්සුන්ගෙ බළාපොරොත්තු ඉටුකරන්න ඕන. මේ ශක්තිය බිඳින්න සමහරු උත්සහ ගන්නවා. මහින්ද මහත්තය අගමැති කරන්න හදනව කියල පහුගිය කාලෙ කතාවක් ගියා. මම මේ ගැන එතුමාගෙන් ඇහුව්වා. දිනේෂ් අගමැතිකමට පත්කලේ අපි. ඉතිං මොකටද අපි දිනේෂ් වෙනස් කරන්නේ කියල මහින්ද මහත්තය මට කිව්වා.

දැන් අලුත්ම කතාව සජිත් ප්‍රේමදාස අගමැති වෙනව කියන එකයි.මේ හදන්නෙ අපිව බිඳවන්නයි. මේ ආණ්ඩුව අවසන් දිනය දක්වා ගෙනියන්න අපි උපරිම සහය දෙනවා. වියත්මග හදාගෙන පක්ෂයට ආපු අය අද එළියට ගිහිල්ලා අපිව විවේඡනය කරනවා. හැබැයි පක්ෂය හදන්න මුල්වුණ  අය අදත් අපි එක්ක ඉන්නවා.

අරගලයට නායකත්වය දුන්නේ ගම හදනවට අකමැති වුණ අයයි. 88/89 යුගයෙ මිනී මරපු තමන්ගේ පුතා මිහින්ලංකා එකට දාගන්න මහින්ද මහත්තය එක්ක ඩීල් දාපු ජේ.වී.පී නායක අනුර කුමාර දිසානායක අද මොනවද කියන්නෙ.

අරගලයෙන් වැඩිම හානිවුනේ ගම්පහ දිස්ත්‍රික්කයටයි. ඒ මාව වට්ටන්නයි. මම කලබල නෑ. ඊළග ජනාධිපතිවරණයෙදි වගේම මහමැතිවරණයේදීත් ගම්පහින් පොහොට්ටුව දිනවන්න මම නායකත්වය ලබා දෙනවා. යනුවෙන් ද පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ,මධුර විතානගේ,සංජීව එදිරිමාන්න මත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

– ප්‍රදීප් අනුර කුමාර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටුවේ 126ක් ජනාධිපතිට සහාය දෙන්න තීන්දු කරයි
පොහොට්ටුවේ 126ක් ජනාධිපතිට සහාය දෙන්න තීන්දු කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhbqfnrRebpVdD56cK89K7YcteJPZXCj570sZF7M7m3zh7xYTIQ6tUayp8Cdz2ytdYGRd9cm8CZsF_GwYbH1lYudx6rXEf1rtpjC8-A2dI1oN0ImFmcHsi0grtFygKePmEWltclQWRo54c4_Nst2wV4EL_rzV1Zed3xbTs-3hl8WlW7HDgsGZgbRQ/s320/ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhbqfnrRebpVdD56cK89K7YcteJPZXCj570sZF7M7m3zh7xYTIQ6tUayp8Cdz2ytdYGRd9cm8CZsF_GwYbH1lYudx6rXEf1rtpjC8-A2dI1oN0ImFmcHsi0grtFygKePmEWltclQWRo54c4_Nst2wV4EL_rzV1Zed3xbTs-3hl8WlW7HDgsGZgbRQ/s72-c/ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/04/126.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/04/126.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy