දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"එක්කෙනෙක් පස්සේ යන්න අපිට ඕනේ නැහැ" - මෛත්‍රී සජිත් පිලට යයිද? මෛත්‍රී රනිල්වත් හමුවෙලා
Homeප්‍රවෘත්ති

"එක්කෙනෙක් පස්සේ යන්න අපිට ඕනේ නැහැ" - මෛත්‍රී සජිත් පිලට යයිද? මෛත්‍රී රනිල්වත් හමුවෙලා

PropellerAds

ආ ණ්ඩුව දිගින් දිගටම ශ‍්‍රීලනිපය නොසලකා හැරියද විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සමඟ එක්ව ගමනක් යාමට කිසිසේත් බලාපොරොත්තු නොවන බවත් එවැනි ...

"පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති විල්පත්තු ගැටලුවට වහා පියවර ගන්න ඕනේ" - නාමල්
"පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති විලපත්තු ගැටලුවට වහා පියවර ගන්න ඕනේ" - නාමල්
එජාප පසුපෙලෙන් අගමැතිට චෝදනා
ණ්ඩුව දිගින් දිගටම ශ‍්‍රීලනිපය නොසලකා හැරියද විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සමඟ එක්ව ගමනක් යාමට කිසිසේත් බලාපොරොත්තු නොවන බවත් එවැනි විකල්ප අවශ්‍ය නොවන බවත් රීලනිප නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සතිඅන්ත ජාතික පුවත්පතක සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

සජිත් පේ‍්‍රමදාස මහතා සමග එකතුවීමක් ගැන ශ්‍රීලනිපය හිතන්නෙවත් නොමැති බවත් ඒක තමා පැහැදිලිවම කියන බවත් ඔහු කියා සිටියේය.

ශ‍්‍රීලනිපය ජාතික බලවේගයක් විදිහට, නව ප‍්‍රවණතාවන් තුළ කටයුතු කරන බවත් ශ‍්‍රීලනිපය හැමවිටම වාම ප‍්‍රගතිශීලි ස්ථාවරය පිළිබඳවත්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම පිළිබඳවත් සිතා කටයුතු කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.

එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද සඳහන් කර තිබේ.

"මම විසිවෙනි සංශෝධනයට ඡන්දය දුන්නේ නැති කෙනෙක්නෙ... මම මගේ දේශපාලන ජීවිතය පුරා, මම මූලික වශයෙන් අගය කරන්නෙත්, පිළිගන්නෙත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය. එවැනි සමාජයක ආගමික, ජාතික සහ භාෂාමය නිදහස, මාධ්‍ය නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සෑම කෙනෙකුටම ලැබිය යුතු වෙනවා. අපි තේරුම් ගත යුත්තේ, මේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ ජාතින් අතර සහයෝගය ගොඩනැගෙන්නේ කෙසේද කියන කාරණාව. ඒ ජාතින් අතර සහයෝගය ගොඩ නැගීම කියන කාරණාව පැත්තෙන් බැලූවත්, යාපනය විශ්වවිද්‍යාලයේ තියෙන ස්මාරකය කඩපු එක දිහා බලන්න. ඒවා ඉතා අමනෝඥ ක‍්‍රියා... නිදාගෙන ඉන්න කොටි ඇහැරෙව්වා වගේ කරන ඔවැනි ක‍්‍රියා, ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සතුරන්ට ආයුධ සැපයීම් වෙනවා. යුද්ධය ඉවරවෙලා දැන් වසර දොළහක් පමණ වෙනවා. එසේ වුණත් එල්ටීටීඊ බීජය රටින් පිට තවම තියෙනවා. ඒ අය අද හොඳටම බංකොලොත් වෙලා. ඒ අයට නැගිටින්න මෙවැනි දේවල් වැදගත් වෙනවා. ඒ වගේ දේවල් අපි කළ යුතු නැහැ. ශ‍්‍රීලනිපයට තියන්නේ පුද්ගල වන්දනාවක් නෙමෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් සඳහා තමයි අපි කැපවෙන්නේ. ඒ මිසක් ඔය, ඔබ කියන ආකාරයට එක්කෙනෙක් පස්සේ යන්න අපිට ඕනේ නැහැ. අද වෙනකොට විවිධ බලවේග, විවිධ සංවිධාන මේ වෙලාවේ ගොඩනැගෙමින් තිබෙනවා. අද දේශපාලන පසුබිම සංකීර්ණයි. සරල ස්වභාවයක නැහැ. එවැනි පරිසරයක අපි සාමුහිකත්වය සහ පොදු බව අගය කරනවා. ඒ නිසා ශ‍්‍රීලනිපයට අනාගතයක් තියෙන බව පැහැදිලිව කියන්න පුළුවන්. අපි සැමවිටම මේ රජය සමග සහයෝගයෙන් කටයුතු කරනවා."

ඔබගේ ආණ්ඩුවේ අගමැති විදිහට කටයුතු කරපු රනිල් වික‍්‍රමසිංහ මහත්මයා එහෙම පසුගිය දිනවල හමුවුණේ නැද්ද...? යනුවෙන් එම සම්මුඛ සාකච්ඡාවේදී ඇසූ ප්‍රශ්නයට හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ "ඔය මඟුල් ගෙවල් වලදී එහෙම හම්බු වුණා." යනුවෙනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "එක්කෙනෙක් පස්සේ යන්න අපිට ඕනේ නැහැ" - මෛත්‍රී සජිත් පිලට යයිද? මෛත්‍රී රනිල්වත් හමුවෙලා
"එක්කෙනෙක් පස්සේ යන්න අපිට ඕනේ නැහැ" - මෛත්‍රී සජිත් පිලට යයිද? මෛත්‍රී රනිල්වත් හමුවෙලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1nCFVz_Apg5887uuHWtIgXUfKa3Q_nPc_21sVifT9LOCrZEgPip5qS6UvCOkjOWV6EPt8zZ8QRAMlZ7sq1E8NA2aA6W5Z9Az-d_W-21N4U_N5dn5Zn-ztQvvE2eZuIRB6QfCv7NXOv0g/s320/ranil-sajith-maithri.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1nCFVz_Apg5887uuHWtIgXUfKa3Q_nPc_21sVifT9LOCrZEgPip5qS6UvCOkjOWV6EPt8zZ8QRAMlZ7sq1E8NA2aA6W5Z9Az-d_W-21N4U_N5dn5Zn-ztQvvE2eZuIRB6QfCv7NXOv0g/s72-c/ranil-sajith-maithri.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_263.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_263.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy