පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් තමන්ට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා වින්දිතයින් 108 ද...
කොළඹ දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය විසින් මෙම තීන්දුවක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මෙම නඩු මීට පෙර විභාගයට ගත් අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කරමින් තම සේවාදායකයා මේ වන විට ජනාධිපතිවරයා වශයෙන් පත් ව සිටින හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඔහුට එරෙහිව මෙම අවස්ථාවේදී නඩුකරයක් පවත්වාගෙන යාමට නොහැකි බව පෙන්වා දී තිබුණා.
ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම අවස්ථාවේදී නඩුකරයක් පවත්වාගෙන යාමට නොහැකි බව තීන්දු කළ දිසා අධිකරණය අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවරගෙන නොගැනීම තුලින් තමන්ට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයින් විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩු 108 ගොනු කර තිබුණා.

COMMENTS