දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පානදුර කෝටිපතියාගේ ඝාතනය පවුලේම වැඩක්! දික්කසාද නඩුවක්! අනියම් සම්බන්ධයක්! අලුත් විවාහයක්! ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක්!
Homeප්‍රවෘත්ති

පානදුර කෝටිපතියාගේ ඝාතනය පවුලේම වැඩක්! දික්කසාද නඩුවක්! අනියම් සම්බන්ධයක්! අලුත් විවාහයක්! ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක්!

PropellerAds

පාණදුර පිංවත්තේදී මත්පැන් අලෙවි සැල් හිමිකරුවකු වන කෝටිපති ව්‍යාපාරික අනුරාධ සම්පත් කුඩාගොඩ (57) මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහ...

දැන් ඔබට සතුටුද? - හිරුණිකා ජනතාවගෙන් ප්‍රශ්න කරයි - (video)
ස්විස් එම්බසි සේවිකාව ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණනයක් ඉල්ලයි.. යෝජනාවට රජය පයින් ගහයි
ඊළගට මං වැලිකඩ.. බදියුදීන් කියයි.. මන්නරමේ දේශපාලනය ආධාරකරුවන්නට පවරා සූදානම් වෙයි
පාණදුර පිංවත්තේදී මත්පැන් අලෙවි සැල් හිමිකරුවකු වන කෝටිපති ව්‍යාපාරික අනුරාධ සම්පත් කුඩාගොඩ (57) මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සමීපතමයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පෙරේදා (05) අත්අඩංගුවට ගත් වෙඩික්කරු සහ යතුරුපැදිකරුද මෙම කෝටිපති ව්‍යාපාරිකයා හොඳින් දන්නා හඳුනන දෙදෙනෙක් බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත. මෙම සැකකරුවන් දෙදෙනා තෙලිකඩ ගිනිමැල්දෙණියේ පදිංචිකරුවෝය.

යතුරුපැදිකරු බස් රථ කොන්දොස්තරවරයෙක් මෙන්ම රියැදුරෙකි. වෙඩික්කරුවා පස් ව්‍යාපාරිකයෙකි. ඒ හැරුණු කොට ඔහු ඉඩම් ගනුදෙනුවලට සම්බන්ධ ව්‍යාපාරික කටයුතුවලටද සම්බන්ධව සිටින බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

ඝාතනය වූ කෝටිපති ව්‍යාපාරිකයාද තෙලිකඩ පදිංචිකරුවෙක් බව විමර්ශනවලින් හෙළි වී තිබේ. කඩවත කිරිල්ලවල පදිංචියට පැමිණ ඇත්තේ විවාහයෙන් පසුව බවද විමර්ශනවලින් හෙළි වී ඇත. ඔහුගේ විවාහක බිරිඳද තෙලිකඩ කාන්තාවක් බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. එම විවාහයේදී ඇගේ මිතුරිය ලෙස සිටි තරුණිය මේ වන විට මෙම ව්‍යාපාරිකයාගේ අනියම් බිරිඳක් බවට පත්ව සිටින බවත් එම විවාහය ලියාපදිංචි විවාහයක් නොවන බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. ඇය කළුතර ප්‍රදේශයේ පාසලක ගුරුවරියකි. විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව පිංවත්තේ ඔහු ඉදි කරමින් තිබී ඇති තෙමහල් නිවස ඇය වෙනුවෙනි.

ව්‍යාපාරිකයා සූදානම් වී ඇත්තේ විවාහක බිරිඳගෙන් දික්කසාද වී ඔහුගේ අනියම් බිරිඳ වන ගුරුවරිය සමඟ විවාහ වීමට බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. මෙම ඝාතනය සිදු වන්නේද ඒ අතරතුරදීය.

අත්අඩංගුවට ගත් වෙඩික්කරු සහ යතුරුපැදිකරු මෙම ඝාතනය සිදු කර ඇත්තේ රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවකට අනුව බව මේ වන විට හෙළි වී ඇත. විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ වෙඩික්කරු මෙන්ම යතුරුපැදිකරු මෙයට පෙර අපරාධවලට සම්බන්ධකමක් නැති පුද්ගලයින් දෙදෙනෙක් බවත් රුපියල් ලක්ෂ 20කට වහ වැටී මෙම අපරාධයට සම්බන්ධ වී ඇති බවත්ය. ඔවුන් දෙදෙනාට මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේද ව්‍යාපාරිකයාගේ ඥාතියෙක් විසිනි. එම ඥාතියා බිරිඳගේ පාර්ශවයේ අයෙක් විය හැකි බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය. එම ඥාතියා හැරුණු කොට ව්‍යාපාරිකයාට ඉතා සමීප තවත් අයෙක් මෙම ඝාතනයට සම්බන්ධ බවද එම නිලධාරියා කීය.

ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුත් යතුරුපැදිකරුත් යතුරුපැදියේ නැඟී පැමිණ ඇත්තේ තෙලිකඩ සිටය. යතුරුපැදිය පැදිකරුට අයත් එකක් බවත් එය වෙනත් පුද්ගලයකුගේ නමින් කල්බදු ක්‍රමයට ලබාගත් එකක් බවත් හෙළි වී තිබේ. ව්‍යාපාරිකයා එන මඟ ඔවුන් දෙදෙනා උදෑසන රැකගෙන සිට ඇති බවත් එහිදී මොවුන් දෙදෙනාව දැක ව්‍යාපාරිකයා සිය ජීප් රථය නතර කර කතාබහ කරමින් සිටියදී එක වරම ව්‍යාපාරිකයාට වෙඩි තබා ඔවුන් දෙදෙනා යතුරුපැදියේ නැඟී පලා ගොස් ඇති බව ද අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පෙනී ගොස් ඇත. මෙහිදී ප්‍රධාන මාර්ගයට පැමිණ වෙඩික්කරු බස් රථයකට ගොඩ වී පලා ගොස් ඇති අතර, යතුරුපැදිකරු යතුරුපැදියේ අංකය වෙනස් කර ගැනීමට වාද්දුව ප්‍රදේශයේ අතුරු මාර්ගයකට ගොස් තිබුණි. එහිදී එම මාර්ගයේ නිවසක පදිංචි පුද්ගලයකුගේ ජංගම දුරකතනයක සටහන් වන්නේ ඔහුගේ මුහුණය. එම සිදුවීමෙන් පසු යතුරුපැදිය අතහැර ඔහු පලා ගොස් තිබුණි. එම වීඩියෝ දර්ශනත් යතුරුපැදියේ චැසි අංක හා එන්ජින් අංක ඔස්සේ ලියාපදිංචිය සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගනිමින් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම ව්‍යාපාරිකයාගේ ඝාතන අබිරහස විසඳීමට සමත්ව තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. ඉක්මනින්ම සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම ඝාතනයේ තවත් බොහෝ කරුණු අනාවරණය වනු ඇතැයි පොලිසිය සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පානදුර කෝටිපතියාගේ ඝාතනය පවුලේම වැඩක්! දික්කසාද නඩුවක්! අනියම් සම්බන්ධයක්! අලුත් විවාහයක්! ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක්!
පානදුර කෝටිපතියාගේ ඝාතනය පවුලේම වැඩක්! දික්කසාද නඩුවක්! අනියම් සම්බන්ධයක්! අලුත් විවාහයක්! ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmT03YyesU1tCygLHY5N-5ShjbddC9P2Ai1no6BU9SMSaiSZSYSLOyq1_N4mHzOLVNYaBcSguw8YwP-o_qf_qWl8X6jj3oatKcNcLmaEwhCGh4K34u_Ah9vuXYcu8_HqVCbEV_7rNBRUJ3Cm3tHypU7lvysDwfkc7HFGBMKj_1WAO3_3qKEW5mxQ/s320/murder.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmT03YyesU1tCygLHY5N-5ShjbddC9P2Ai1no6BU9SMSaiSZSYSLOyq1_N4mHzOLVNYaBcSguw8YwP-o_qf_qWl8X6jj3oatKcNcLmaEwhCGh4K34u_Ah9vuXYcu8_HqVCbEV_7rNBRUJ3Cm3tHypU7lvysDwfkc7HFGBMKj_1WAO3_3qKEW5mxQ/s72-c/murder.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/03/20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/03/20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy