හි ටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාව අත්අඩංගුවට ගැනීම මේ වන විට දේශපාලන කරළිය උණුසුම් කර ඇති මාතෘකාව වන අතර මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධය...
හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාව අත්අඩංගුවට ගැනීම මේ වන විට දේශපාලන කරළිය උණුසුම් කර ඇති මාතෘකාව වන අතර මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඊයේ (19) පස්වරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ශව කිහිපයක් ඊට විරෝධය පළකර සිටියේය.
ජාතික හෙළ උරුමය, එක්සත් ජාතික පක්ෂය,භික්ෂුන් වහන්සේලා හා නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් එම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි.
පසුගිය වසර හතරහමාරක් පුරා ක්‍රියාත්මකව පැවති ප්‍රජාතන්ත්‍රවාදය යටපත් වී කැළෑ නීතිය ඉස්මතු වෙමින් පවතින බවයි ඔවුන් පෙන්වා දුන්නේ.
අවසන් කර තිබෙන නඩු කටයුත්තක් නැවත මතුකර ලීමේ අරමුණ දේශපාලන පළිගැනීමක් වන අතර ආණ්ඩුවේ අවශ්‍යතාව චම්පික රණවක වැනි ජාතික නායකයින් අඩපණ කිරීම බවද මෙහිදී අවධාරණය කෙරුණි.
පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය දෙස බැලීමේදී එය පාර්ලිමේන්තු සම්ප්‍රදායද උල්ලංඝනය කර තිබෙන බව ඔවුහු කියා සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ හිටපු අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවේ පසුගියදා නිවිතලගදී ස්වාමීන් වහන්සේ නමක් පදවා ගෙන පැමිණි වාහනයක ගැටී මාර්ගයේ සිටි දරුවන් දෙදෙනෙකු අනතුරට පත් වූ අතර එහිදී එක් දරුවෙකු මිය ගිය ද එම ස්වාමීන් වහන්සේ අරඹයා නීතිය ක්‍රියාත්මක වීම පිළිගත හැකි මට්ටමක නොපැවති බවයි.
එම අවස්ථාවේදී එම ස්වාමීන් වහන්සේට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට හැකියාවක් නොතිබුණු බවද හිටපු ඇමතිවරිය පැවසුවාය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රශ්න කර සිටියේ ආණ්ඩුව දැන් සිදුකරමින් සිටින්නේ 69 ලක්ෂයක ජනතා අපේක්ෂාවන් දැයි යන්නයි.
එමෙන්ම වත්මන් ආණ්ඩුවේ කඩා වැටීම ආරම්භ වූයේ පෙරේදා (18) දින පටන් බවද ඇය කියාසිටියාය.

COMMENTS