තලංගම රෙදිපිලි අලෙවිසැලක හිමිකාර කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයමින් සිටි අඹුසැමි යුවළ කඩවත ප්‍රසිද්ධ රෙදිපිළි අලෙවි සැලක් ...
තලංගම රෙදිපිලි අලෙවිසැලක හිමිකාර කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයමින් සිටි අඹුසැමි යුවළ කඩවත ප්‍රසිද්ධ රෙදිපිළි අලෙවි සැලක් ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ මහතා පැවසීය
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය සඳහන් කරයි
ඔවුන් 26 හා 27 හැවිරිදි වියේ පසුවන්නන් බවත් පොලිසිය කියයි
ඉකුත් 30 වෙනි දින ව්‍යාපාරිකයා අතුරුදන්ව තිබූ අතර ඔහුගේ මළ සිරුර ඊට දින දෙකකට පසු පැලවත්ත එම් ඩි එච් පුර ඉඳිකරමින් පවතින ඔහුට අයත් සුඛෝපභෝගී තෙමහල් නිවස පිහිටි භූමියේ නාන තටාකයේ පාවෙමින් තිබියදී තලංගම පොලිසිය මගින් සොයා ගෙන තිබිණි
ව්‍යාපාරිකයා ඝාතනය කිරීමෙන් අනතුරුව ව්‍යාපාරිකයාට අයත් සුඛෝපභෝගී මෝටර් රථය ජංගම දුරකථන සහ මුදල් පසුම්බිය රැගෙන ගොස් තිබිණි.
අදාල ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු විම කණ්ඩායම් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වමින් සිටියදී කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ ලද තොරතුරක් අනුව සැකකාර යුවල අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකාර අඹුසැමි යුවළ ගෙන් ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට හේතුව දැනගැනීම සඳහා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ කොට්ඨාසය වෙත බාරදීමට නියමිතය.
COMMENTS