දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නීති විරෝධී ලෙස පුද්ගලයන් රැගෙන එන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් අමාත්‍යවරයාගෙන් මනුෂ නානායක්කාර අමාත්‍යවරයාට සහතිකයක්!
Homeප්‍රවෘත්ති

නීති විරෝධී ලෙස පුද්ගලයන් රැගෙන එන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් අමාත්‍යවරයාගෙන් මනුෂ නානායක්කාර අමාත්‍යවරයාට සහතිකයක්!

PropellerAds

නීති විරෝධී ක්‍රම ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පුද්ගලයන් ගෙන්වන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය...

රේගු සේවා සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේ
දීපවාලි අදයි
බදු හොරුන් අල්ලන්න රාත්‍රියේ වැටලීම්
නීති විරෝධී ක්‍රම ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පුද්ගලයන් ගෙන්වන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් අමාත්‍ය ආචාර්ය Abdulrahman Abdulmannan Al Awar මහතා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික විය. 
රැකියා සඳහා සංචාරක වීසා මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණෙන ශ්‍රී ලංකික ශ්‍රමිකයන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කරුණු පැහැදිළි කළේය. සංචාරක වීසා හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට නොයෙක් දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුව ඇති බවත්, සංචාරක වීසා මගින් එලෙස රැකියා සඳහා පැමිණීම වැළැක්වීමට ජනතාව දැනුවත් කිරීම පිණිස ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳවත් මනුෂ නානායක්කාර අමාත්‍යවරයා එහි දී කරුණු ඉදිරිපත් කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ වර්ධනය වන රැකියා වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් දෙන ලෙසටත්, පුහුණු සහ වෘත්තීය ශ්‍රමිකයන්ට වැඩි අවස්ථා ලබාදීම සඳහා ලංකාවේ පුහුණු සුදුසුකම්වලට පිළිගැනීමක් ලබාදෙන ලෙසටත් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කළ ඉල්ලීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් අමාත්‍ය ආචාර්ය Abdulrahman Abdulmannan Al Awar මහතාගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිවිය.

පුහුණු හා වෘත්තීමය සුදුසුකම් ඇති ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාගැනීමට ලංකාවේ පුහුණු සුදුසුකම්වලට අවශ්‍ය පිළිගැනීමක් සුදුසුකම් සමාන කිරීමේ වැඩපිළිවෙලක් (Qualification Equalization) හරහා ලබාදීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට තාක්ෂණික කමිටු මට්ටමින් සාකච්ඡා පවත්වා, අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට දෙපාර්ශවයේ එකගතාවය හිමිවිය. මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වර්ධනයක් ඇතිවී තිබෙන බවත්, 2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ පැමිණිම 27% කින් ඉහළ ගොස් තිබෙන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයන්ගේ රැකියාවක් අහිමි වුවහොත් ඔවුන්ගේ වැටුපෙන් 60% මුදලක් මාස තුනක කාලයකට ලබාදීම පිණිස හදුන්වාදී ඇති රක්ෂණය සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය Abdulrahman Abdulmannan Al Awar මහතා එහි දී පැහැදිළි කළේය. ඒ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියාවක් අහිමි වුවහොත් ඔවුන්ට එයින් ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව හිමි වන බව ද සඳහන් කළේය. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැකියාවල නිරත ශ්‍රමිකයන්ට ඇතිවන ගැටලු ඉදිරිපත් කිරීමට භාෂා විස්සකින් ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රමිකයෙක් බඳවා ගැනීමේ දී අය කරනු ලබන ගාස්තු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කළ අතර විවිධ බඳවා ගැනීම් ආයතන විවිධ ගාස්තු අය කිරීම් පිළිබඳ සාකච්ඡා කළ අතර, ඒ අනුව බඳවා ගැනීමේ ගාස්තු නියාමනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමටත්, තාක්ෂණික කමිටු මට්ටමේ සාකච්ඡාවලදී ඒ සම්බන්ධයෙන් වන තීරණ ගැනීමටත් මෙහිදී එකඟ විය.

පසුගිය කාලයේදී ලංකාවේ ආර්ථිකය බරපතල අර්බුදයකට ලක්ව තිබූ බවත්, මේ වන විට එම අර්බුද ක්‍රමිකව විසඳා ගනිමින් සිටින බවත් මනුෂ නානායක්කාර අමාත්‍යවරයා සඳහන් කළ අතර ඒ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ලැබෙන සහයෝගය ද අගය කළේ ය.

මෙම ද්වීපාර්ශ්වීය සාකච්ඡාව සඳහා එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ මානව සම්පත් අමාත්‍ය ආචාර්ය Abdulrahman Abdulmannan Al Awar, කම්කරු සබඳතා පිළිබඳ සහකාර ලේකම්, Ayesha Belharfia, සහකාර ලේකම්වරුන් වන Abdulla Alnuaimi, Mohsin Muhsih, ජාත්‍යන්තර ද්වීපාර්ශ්වීය සබඳතා පිළිබඳ සහකාර අධ්‍යක්ෂ Noora Alsuwaidi, ජාත්‍යන්තර සබඳතා විශේෂඥ Mohamed Alhammadi, විධායක නිලධාරී Moza Alshamsi, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න, ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් නලින්ද විජේරත්න ප්‍රමුඛ නිලධාරීහු සහභාගී වූහ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29270,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීති විරෝධී ලෙස පුද්ගලයන් රැගෙන එන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් අමාත්‍යවරයාගෙන් මනුෂ නානායක්කාර අමාත්‍යවරයාට සහතිකයක්!
නීති විරෝධී ලෙස පුද්ගලයන් රැගෙන එන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් අමාත්‍යවරයාගෙන් මනුෂ නානායක්කාර අමාත්‍යවරයාට සහතිකයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6cZCkbdCRuqbXAqD_kSxy44dHu_mIivYoKKRl4zfEF3d3_GtSJ1c-5nxDTyi7vDvWw6LMk9EXQijvZkKDUMJ6gUXaDgf-iimGFZUmyvsTFBP5SiLfKweuYCN13A2mhuQUBwTx7A_XK12DJk1IZuevb0sb8rkdxJZJU8ZmLfAVlWQwcHBLnUVWtw/s320/06dc07aaaab428f13bc933f8070742f2e7d86477.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6cZCkbdCRuqbXAqD_kSxy44dHu_mIivYoKKRl4zfEF3d3_GtSJ1c-5nxDTyi7vDvWw6LMk9EXQijvZkKDUMJ6gUXaDgf-iimGFZUmyvsTFBP5SiLfKweuYCN13A2mhuQUBwTx7A_XK12DJk1IZuevb0sb8rkdxJZJU8ZmLfAVlWQwcHBLnUVWtw/s72-c/06dc07aaaab428f13bc933f8070742f2e7d86477.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_90.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_90.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy