ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔන්ඩෙරා (itsunori ondera) මහතා දින 03 සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි පළමු වතාව මෙය වේ. ඒ මහතා සමග දූත...
ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔන්ඩෙරා (itsunori ondera) මහතා දින 03 සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි පළමු වතාව මෙය වේ.
ඒ මහතා සමග දූත පිරිස 19 ක් ද පැමිණි අතර , ඔවුන් ඊයේ (20) රාත්‍රී 10.15 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම පිරිස හෙට (22) තෙක් ශ්‍රී ලංකාවේ රැදී සිටිමින් ජනාධිපතිතුමා , අග්‍රාමාත්‍යතුමා ඇතුළු ඉහළ පෙලේ රාජ්‍ය නායකයින් රැසක් ම මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතය .
මෙම පිරිස පිළිගැනීමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම , ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
(කටුනායක ටී.කේ.ජී.කපිල )
එම වීඩියෝව පහතින්,
COMMENTS