දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දීපවාලි අදයි
Homeප්‍රවෘත්ති

දීපවාලි අදයි

PropellerAds

 ලොව පුරා හින්දු බැතිමතුන්ගේ උතුම් ආගමික මංගල්‍යය වන දීපවාලි උත්සවය අද (29) දිනට යෙදී තිබේ. පහන් ආලෝකය යන තේරුම ඇති දීපවාලි උත්සවයේදී විෂ...

එට්‌කා අත්සන් කිරීම ලබන මාර්තුවේ?
බීර වලින් අළුත් වැඩක්
රනිල්ගෙන් දින 1500ක සැලැස්මක්
දීපවාලි අදයි

 ලොව පුරා හින්දු බැතිමතුන්ගේ උතුම් ආගමික මංගල්‍යය වන දීපවාලි උත්සවය අද (29) දිනට යෙදී තිබේ.

පහන් ආලෝකය යන තේරුම ඇති දීපවාලි උත්සවයේදී විෂ්ණු දෙවියන් වෙනුවෙන් පහන් දල්වමින් හින්දු බැතිමතුන් තම දිවියට ආලෝකය ප්‍රාර්ථනා කිරීම සිදුකරයි.

ඔවුන් සලකන්නේ දීපවාලි දිනය මිනිසුන්ගේ අඥාණය දුරු වී ප්‍රඥාව පහළ වූ දිනයක් ලෙසයි.

මෙවර දීපවාලි දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම විපක්ෂ නායකවරයා පණිවිඩ නිකුත් කරමින් හින්දු බැතිමතුන්ට සුභාසිංශන එක්කර තිබේ.

සියල්ලන්ගේ සිත් සතන් තුළ සහජීවනයත්, සංහිඳියාවත් දල්වනු පිණිස අප වඩාත් දැඩිව අදිටන් කැර ගැනීම මෙවර දීපවාලී උළෙලේ අප සැමගේ ප්‍රාර්ථනාව විය යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. දීපවාලී සැමරුම නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කරයි.

එහි මෙසේ ද සඳහන් කර තිබේ.

අන්ධකාරය රැගෙන එනු ලබන අයහපත ද, අවිද්‍යාව ද, අහිමිවීම් ද අතික්‍රමණය කරමින් ආලෝකය සොයා ගිය මිනිසා අයහපතට එරෙහිව යහපත ද, අවිද්‍යාවට එරෙහිව විද්‍යාව ද අහිමිවීම්වලට එරෙහිව විශ්වාසය ද ජය ගැනීමේ විශ්වීය සත්‍යය දීපාවලිය තුළ දිදුළන ආලෝකය වේ.

දශක කිහිපයක් තිස්සේ ඇදී ගිය අභ්‍යන්තර ගැටුමත්, ඒ මතින් පැන නැඟ සමාජය මත පැතිර තිබූ අන්ධකාරයත් පහව ගොස් ඇති මේ මොහොත අපට අපේ ජන සමාජය අන්ධකාරයෙන් ආලෝකය වෙත රැගෙන යාමට ලැබුණු අනගි අවස්ථාවක් ලෙසින් දකිමි.

එබැවින් සියල්ලන්ගේ සිත් සතන් තුළ සහජීවනයත්, සංහිඳියාවත් දල්වනු පිණිස අප වඩාත් දැඩිව අදිටන් කැර ගැනීම මෙවර දීපවාලී උළෙලේ අප සැමගේ ප්‍රාර්ථනාව විය යුතු යයි සිතමි.

සමගිය අද දවසේ සමස්ත ලෝකයේම පැවැත්ම සඳහා වන අනිවාර්ය කොන්දේසිය බවට පත්ව ඇති පසුබිම තුළ අන්‍යෝන්‍ය ලෙස වඩාත් දැඩිව බැ‍ඳෙමින් සැබෑ අවබෝධයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වේ.

දීපවාලී උත්සවය සමරන හින්දු බැතිමතුන්ට මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

සියලූ භේද දුරලා මනුෂ්‍යත්වයට මුල්තැන දෙමින් සාමයෙන්, සමඟියෙන් ජීවත්වන්නට ප්‍රඥාවේ පහන් දැල්වීමට දීපවාලී උත්සවය ආදර්ශයේ මාවතක්, අධිෂ්ඨානයේ අත්වැලක් කැර ගත යුතු යැයි දීපවාලී සැමරුම නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතාගේ දීපවාලී පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

ලොව පුරා හින්දු කෝවිල්වලද, මහා මන්දිර පැල්පත වෙනසක් නැතිව හින්දු බැතිමතුන්ගේ නිවෙස්වලද, ගෙවතු මංමාවත් ඔස්සේද සුවහසක් පහන් පේළි දැල්වෙමින් රැය ඒකාලෝක වෙයි. හින්දු බැතිමතුන් මහත් ප්‍රීතියෙන් සමරන, වසරකට වරක් එළඹෙන ඒ උත්කර්ශවත් සැමරුම දීපාවලී උත්සවයයි.

හින්දුන්ට වින කළ නරක අසුරයා පැරදවීම, රාම කුමරු වන වාසයෙන් මිදී සීතා සමඟ නැවත අයෝධ්‍යාවට පැමිණීම ආදී පුරාවෘත්ත සහ ආගමික පිළිවෙත් සමඟ බැඳී ඇති දීපාවලි උත්සවය තමන් තුළත්, සමාජය තුළත් පවතින අයහපත නමැති අන්ධකාරය පරදවා මිනිසා යහමඟට යොමුවීමේ වැදගත්කමද, සදාචාරසම්පන්න, යුක්තිගරුක, සාධාරණ සමාජයක් ගොඩනැංවීමේ අවශ්‍යතාවද නැවත නැවත අපට සිහිගන්වයි.

ලෝකය භෞතික වශයෙන් ඉතා විශිෂ්ට දියුණුවක් අත්පත් කැර ගනිමින් සිටියද, දයාව, කරුණාව, ඉවසීම, සමාව දීම, පරිත්‍යාගශීලීත්වය වැනි ගුණදහම් අතින් පරිහානියට පත්වෙමින්, මිනිස් සංහතියේ විනාශයට පාර කපා ගනිමින් සිටින බව අපි දකිමු. ජාතිය, ආගම, පක්ෂ, පාට ආදී සාධක මුල් කැර ගනිමින් මානව වර්ගයා භේද බින්න කරවන නපුරේ බලවේග මුළුමහත් සමාජය අන්ධකාරයට හෙළමින් පවතී.

භේදබින්න වීම පහසු දෙයකි. නමුත් සමගි සන්ධානයෙන්, එක්සත්, එක්සිත්ව යහපත උදෙසා කටයුතු කිරීම මහත් අභියෝගයක්ව පවතී. සියලූ භේද දුරලා මනුෂ්‍යත්වයට මුල්තැන දෙමින් සාමයෙන්, සමඟියෙන් ජීවත්වන්නට ප්‍රඥාවේ පහන් දල්වාගත යුත්තේ එබැවිනි.

ඒ සඳහා දීපාවලි උත්සවය ආදර්ශයේ මාවතක්, අධිෂ්ඨානයේ අත්වැලක් කැර ගත හැකි බව සිහිපත් කරමින් දීපාවලී සමරන සැමට මාගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමී. 

මේ අතර විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා නිකුත් කළ දීපවාලි සුබපැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ තම ජීවිතය තුළ ඇති අඳුරු පැතිකඩවලින් බැහැරවුණු සමෘද්ධිමත් හා සාමකාමී දීපවාලී දිනයක් සැමට උදාවේවා යන්නයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29272,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දීපවාලි අදයි
දීපවාලි අදයි
http://ift.tt/2dVBU4C
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_465.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_465.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy