දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ෂාෆ්ටර් මරණය සියදිවි නසා ගැනීමක්... තහවුරු කරගනී...? පවුලේ අයටත් දන්වයි..?
Homeප්‍රවෘත්ති

ෂාෆ්ටර් මරණය සියදිවි නසා ගැනීමක්... තහවුරු කරගනී...? පවුලේ අයටත් දන්වයි..?

PropellerAds

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇත. දිනේෂ...

පොහොට්ටු මන්ත‍්‍රී දැරියක් දුෂණය කර පලාගොස් සැගවිලා.. පොලිසියෙන් සොයයි
අසාද් සාලි නිදොස් කොට නිදහස් කරයි.. චෝදනා ඔප්පු කරන්න සාක්‍ෂි නෑ!
එජාපයට සුබ මංගලම් : පොහොට්ටුව සමග දීගයක් ගැන කසු කුසුවක් - කපුවාත් එලියට!
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇත. දිනේෂ් ෂාෆ්ටර් සියදිවි නසා ගැනීමට දින පහකට පෙර එනම් දෙසැම්බර් 10 වැනිදාත් බොරැල්ල පොදු සුසාන භූමියේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ පෙර අත්හදා බැලීමක් කර ඇති බවද මෙතෙක් කරන ලද විමර්ශනවලින් සනාථ වී තිබේ.

මේ බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ මාධ්‍යයට විවෘත නොවූ මහෙස්ත්‍රාත් පරීක්ෂණ සාක්ෂි විභාගයේ දී පවුලේ අයටද දැනුම් දී තිබේ. දිනේෂ් ෂාෆ්ටර් ඉකුත් දෙසැම්බර් 15 වැනිදා මෝටර් රථය තුළ ගෙල සහ දෙඅත් සිරවන ලෙස ගැටගසා තිබියදී බොරැල්ල කනත්තේ සේවකයකු හට හමු වී ජාතික රෝහලට ඇතුළත් කර පැය පහකට පසුව මරණයට පත්විය. ඔහුගේ වාහනය නවතා තිබුණේ බොරැල්ල පොදු සුසාන භූමියේ ‘අනාථ පැත්ත’ ලෙස හඳුන්වන ප්‍රදේශයේය.

ඔහුගේ ගෙල සිරවී තිබූ ඇන්ටනා කේබලයේ හා අත් සිරකර තිබූ ටයි කේබල් ඔහුට අයත් නිවසේත් තිබී රස පරීක්ෂක නිලධාරීන්ට හමු වූ අතර එය ඔහු මිලදී ගෙන තිබුණේ නිවසේ සේවකයකු මාර්ගයෙනි. ෂාෆ්ටර් දෑත්වලට කේබල් ටයි දමාගෙන රියැදුරු අසුන උපයෝගී කරගෙන ඇන්ටනා වයරයෙන් ගෙල සිරකරගෙන ඇති බවත්, එකවර අවසන් හුස්ම නොගියේ ඔහු විසින්ම ගෙල සිරකරගත් නිසා බවත් හෙළි වී ඇත.

සියදිවි නසා ගැනීමට පෙර ඔහුගේ හැසිරීම් රැසක් සාක්ෂි සහිතව විමර්ශකයන් දැනටමත් සොයාගෙන ඇතැයි විමර්ශන ප්‍රධානියකු අනාවරණය කළේය. ව්‍යාපාර කටයුතු නිසා ණය බර වැඩිවීමෙන් මානසික ආතතියෙන් (Depression) මොහු වෛද්‍ය ප්‍රතිකාර පවා ලබාගත් බව ප්‍රතිකාර කළ වෛද්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්ෂි ලබා දී තිබේ.

මෙම සාක්ෂිවලට අමතරව භෞතික හා විද්‍යාත්මක සාක්ෂිද විමර්ශන සඳහා පදනම් කරගත් අතර මෙම අබිරහස් මරණය සම්බන්ධව ෂාෆ්ටර්ගේ බිරිය, නැන්දණිය ඇතුළු 84 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගත් අතර සී.සී.ටී.වී. කැමරා දර්ශන හතළිහකින් ෂාෆ්ටර්ගේ සියලු ගමන් මාර්ග පරීක්ෂා කර තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහගේ උපදෙස් මත මනුෂ්‍ය ඝාතන හා සංවිධාන්තමක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත යටතේ විමර්ශන ක්‍රියාත්මකය.

තිස්ස රවින්ද්‍ර පෙරේරා
Aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ෂාෆ්ටර් මරණය සියදිවි නසා ගැනීමක්... තහවුරු කරගනී...? පවුලේ අයටත් දන්වයි..?
ෂාෆ්ටර් මරණය සියදිවි නසා ගැනීමක්... තහවුරු කරගනී...? පවුලේ අයටත් දන්වයි..?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2x1JMkPsAGe3UmslXmAkLzhnWNNM8TEqpxFeO5AYLxvamSDcKnf2Uv_CJTh9jyA-FLPr_3GmxRsoHPx-K4BnW78A849PXCD6Brwczy8ZNcxwXDUwuDcWiyaHzHKZzxT7t4Sf5kdWNHPU0F0eqGJ1vCFsb24WHjj8E8bVOul1BkMKvUhjC9IA20w/s320/shafter.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2x1JMkPsAGe3UmslXmAkLzhnWNNM8TEqpxFeO5AYLxvamSDcKnf2Uv_CJTh9jyA-FLPr_3GmxRsoHPx-K4BnW78A849PXCD6Brwczy8ZNcxwXDUwuDcWiyaHzHKZzxT7t4Sf5kdWNHPU0F0eqGJ1vCFsb24WHjj8E8bVOul1BkMKvUhjC9IA20w/s72-c/shafter.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_58.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/01/blog-post_58.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy