කොළඹ කේන්ද්‍රකරගත් මත්ද්‍රව්‍ය ජාලයේ බෙදාහැරීම් නියෝජිතයන් දෙදෙනකු තම ජාවාරමට සහාය දක්වන පොලිසියේ නිලධාරීන් සිවුදෙනෙකු රාත්‍රි සමාජ ශාලාවක...
කොළඹ කේන්ද්‍රකරගත් මත්ද්‍රව්‍ය ජාලයේ බෙදාහැරීම් නියෝජිතයන් දෙදෙනකු තම ජාවාරමට සහාය දක්වන පොලිසියේ නිලධාරීන් සිවුදෙනෙකු රාත්‍රි සමාජ ශාලාවකට ගෙන්වා ඔවුන්ට රුපියල් පන්දාහේ නෝට්ටුවලින් මල්මාලා දමා එම නිලධාරීන් පිළිගෙන සාදයක් පවත්වා ඇතැයි අනාවරණය වේ.
පොලිස් නිලධාරීන් සිවුදෙනාගේ සේවය අගයන්නට පැවැත්වූ මෙම සාදයට මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් දෙදෙනා විසින් රුපියල් ලක්ෂ දහයක් වියදම් කර ඇතැයි හෙළි වී තිබේ.
සාදය සඳහා පැමිණෙද්දී නිලධාරීන් පිළිගැනීමට පන්දාහේ නෝට්ටුවලින් සෑදු මල්මාලා කරට දමා පිළිගෙන ඇත්තේ රම්සාන් නමැති පාතාල කණ්ඩායම්වලට සම්බන්ධ ජාවාරම්කරුය.
මාලිගාවත්තේ කොටා නායින්ගේ ගෝලයන් වන මෙම ජාවාරම්කරුවන් මරදාන, කෙසෙල්වත්ත පොලිස් වසම් කේන්ද්‍ර කරගෙන අයිස් හා හෙරොයින් බෙදාහරින බව හෙළි වී තිබේ.
කොළඹ රාත්‍රි සමාජ ශාලාවක පොලිස් නිලධාරීන් වෙනුවෙන් පැවැති සාදයේ අවසානයේදී පැමිණ සිටි අයට අහුලාගැනීමට මුදල් නෝට්ටු තොගයක් උඩ දමා විසිකරන්නටද පියවර ගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරමුන් කෑම බෙදාහරින ආයතනයක මුවාවෙන් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගපිටින් විකුණන බව හෙළි වී තිබේ.
– Aruna

COMMENTS