දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෝටි 10ක් ගෙවන්න වත්කමක් මට නෑ! හැබැයි ගෙවනවා! මෙන්න මෛත්‍රී පාස්කු වන්දියේ කෝටි 10 ගෙවන හැටි හෙළිකරනවා!
Homeප්‍රවෘත්ති

කෝටි 10ක් ගෙවන්න වත්කමක් මට නෑ! හැබැයි ගෙවනවා! මෙන්න මෛත්‍රී පාස්කු වන්දියේ කෝටි 10 ගෙවන හැටි හෙළිකරනවා!

PropellerAds

පාස්කු සිද්ධිය සම්බන්ධයෙන්  රුපියල් කෝටි 10 ක් ගෙවන්න කිව්වට මට ඒ මුදල  ගෙවන්න වත්කමක් නෑහැ. එම තීන්දුව ට හිස නමන අතර වන්දිය ගෙවීමට මුදල් ...

ඉදිරි දින කිහිපයේත් වැසි
මීතොටමුල්ල කුණු කන්ද නැවතත් නාය යයිද? - මීටර් 35ක් දිග පැල්මක් (VIDEO)
මහවිරු සැමරුම් අස්සේ ගිනි අවි බෝම්බ ඇතුළු යුධ උපකරණ තොගයක් පාරේ කුණු කානුවක දමා ගිහින් (PHOTOS)
පාස්කු සිද්ධිය සම්බන්ධයෙන්  රුපියල් කෝටි 10 ක් ගෙවන්න කිව්වට මට ඒ මුදල  ගෙවන්න වත්කමක් නෑහැ. එම තීන්දුව ට හිස නමන අතර වන්දිය ගෙවීමට මුදල් හොයන්න  පිටකොටුවෙ බෝගහ ළග ටින් එකක් හොල්ල හොල්ල ඉන්නදැයි  මිතුරන්ගෙන් විමසූ බව ද වන්දිය ගෙවන්න මුදල් නොමැති බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණයේ පැවති ශිෂත්ව ප්‍රධානය කිරීමේ උත්සවයකදී ප්‍රධාන අමුත්තා ලෙස  සහභාගී වෙමින් පැවසීය

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය .

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නිලධාරීන් යම් වැරැද්දක් කළොත් එයට ජනාධිපතිවරයා ද වගකිව යුතුයි කියා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ලියා  තිබෙනවා. පොලිස්පති , ආරක්ෂක ලේකම් පත් කරන්නේ ජනාධිපති වරයා නිසා ඒ වගකීම ඒ අයගෙන් ඉෂ්ට නොවුන එයට  මමත්  වගකිවයුත්තෙක් කියා පාස්කු ප්‍රහාරයේ  වින්දිතයින්ට   කෝටි 10ක වන්දියක් ගෙවන්න නඩු තීන්දුවේ සඳහන් වනවා.

මෙතන මාධ්‍යවේදීන් බොහෝ පිරිසක් සිටිනව. ඔවුන් බලාපොරොත්තු වෙනවා ඇති මගේ කතාවෙ දි පසුගිය නඩු තීන්දුව සම්බන්ධව මොනවද කියන්නේ කියල. මම ඒ ගැනත් මෙතනදි වචනයක් කියනව. නැත්නම් ඒ අය මාව මෙතනින් යන්ඩ හදද්දි වටකරගන්නවා ඇති.

මම මේ රටේ හිටපු ජනාධිපතිවරයෙක් ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් සහ පුරවැසියෙක් විදිහට මම නීතියට අධිකරණයට ගරු කරන කෙනෙක්. අධිකරණ තීන්දුවට මම හිස නමනව. ඒ ගැන කිසිදු ප්‍රශ්නයක් නෑ.

ඕන කෙනෙක් දන්නව පාස්කු සිද්ධිය සිදුවන අවස්ථාවේ මම හිටියේ පිටරට. මම ලංකාවට පැමිණි දවසේ සිට පාර්ලිමේන්තුවේ සහ විවිධ ස්ථානවල දී ජනාධිපති කාලයෙත් ඊට පසුවත් මම අනන්තවත් කියා සිටිය ඒ සිද්ධිය සම්බන්ධව ආරක්ෂක අංශ නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුනට ඒ කිසිදු නිලධාරියෙක් ඒ සම්බන්ධව මා දැනුවත් කර තිබුණේ නෑ කියල.

අගවිනිසුරු තුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන් හත්දෙනා දුන්න නඩු තීන්දුවේ පිටු 85ක් ලියා තිබෙනව. මෙම පිටු 85  ඇතුලත තිබෙනව නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුනට හිටපු ජනාධිපතිවරයා ඒ සම්බන්ධව කිසිදු ආකාරයකින් දැනුවත් වෙලා නෑ කියල. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව තොරතුරු ඔත්තු සේවා වලට , ආරක්ෂක අංශයට , පොලිසියේ ප්‍රධානියා ට , ආරක්ෂක ලේකම්ට ,කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට , පොලිසි වල ස්ථානාධිපතිවරුන් ට මේ සියලු දෙනා දැනුවත් වී තිබෙනව.නමුත් ඒ සම්බන්ධව මා දැනුවත් වී නොතිබුණු බව මේ පසුගිය වසර හතර පුරාවටම මම කියා තිබෙනව. උසාවියේ පිටු 85 ක නඩු තීන්දුවේ පැහැදිලිව තිබෙනව ජනාධිපතිවරයාට මේ පිළිබඳව තොරතුරු ලබාදී නොතිබුණු බව.

දැන් ඔබ සිතනවා ඇති මානව හිමිකම් කඩවීමක් සම්බන්ධව මට කොහොමද කෝටි දහයක් ගෙවන්න තීන්දු කළේ කියල.

කෝටි 10ක වන්දියක් ගෙවන්න තරම් ආර්ථිකයක් මට කොහෙත්ම නෑ. මම ඒ සම්බන්ධව කරුණු කියන්නේ නෑ. මම සහ මගේ හිතවතුන් මේ සම්බන්ධව තීරණය කර තිබෙන්නේ අපි අපට හිතවත් අයගෙන් අප සල්ලි එකතු කරමු කියල. නමුත් මම එතැනදි ඇහුව කොළඹ කොටුවේ බෝගහ යට මම ටින් එකක් හොලව හොලව ඉන්නද කියල. නමුත් මගේ හිතවත් මිත්‍රයින් රාශියක්  මට කියපු දේ තමා ඔබතුමාට කිසිදු ආදායම් මාර්ග නෑ ඒ නිසා ඔබතුමාගේ ආර්ථිකය කොහොමද කියා අප දන්නව කියල.

මගේ වත්කම් ප්‍රකාශනය මම සෑම වසරකම පාර්ලිමේන්තුවට ලබාදී තිබෙනව. බොහෝ ජනාධිපතිවරු ජනාධිපති වූ පසුව තමන්ගේ නිල කාලය තුළ වත්කම් ප්‍රකාශය ලබාදී නෑ. ඒ ඔවුන් ජනාධිපතිවරුන් නිසා. මම ජනාධිපති වෙලා සිටි වසර පහ තුළ දීත් මම සෑම වසරකම මගේ වත්කම් ප්‍රකාශය ලබා දී තිබෙනව. මගේ වත්කම් ප්‍රකාශනය ඕනෑම අයකුට බලන්න හැකියාව තිබෙනව.තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා නම් ඕන කෙනෙක් මගේ වත්කම් ප්‍රකාශනය අරගෙන බලන්න.

ඒ නිසා මගේ මිත්‍රයින් තීරණය කර තිබෙන ආකාරයට මා බලාපොරොත්තු වන්නේ මගේ හිතවතුන්ගෙන් මේ සඳහා අවශ්‍ය සහයෝගය ගන්න.

ඔබ දන්නවා අෂ්ඨ ලෝක ධර්මය.” ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසා සුඛංච දුක්ඛං “කියන ගාථාව ඔබ කවුරුත් දන්නවා ඒ නිසා ඕනෑම කෙනකුට රජෙක් වන්නට පුළුවන්. ඒ වගේම යාචකයෙක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම කෙනෙකුට ලාභය අලාභය අයස යස ස ඒ වගේම නින්දාව ප්‍රසංසාව තමාගේ ජීවිත කාලය තුළ තමන්ට ලැබෙනව. ඒ අනුව අපත් මනුෂ්‍යත්වය තුළ ජීවත් වෙමින් අපේ රටේ දරුවන්ට යහපත් විනයගරුක සමාජයක් හදන්නට අපට කළ හැකි උපරිම සේවාව මා ඉෂ්ට කරන බව ප්‍රකාශ කරනව.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෝටි 10ක් ගෙවන්න වත්කමක් මට නෑ! හැබැයි ගෙවනවා! මෙන්න මෛත්‍රී පාස්කු වන්දියේ කෝටි 10 ගෙවන හැටි හෙළිකරනවා!
කෝටි 10ක් ගෙවන්න වත්කමක් මට නෑ! හැබැයි ගෙවනවා! මෙන්න මෛත්‍රී පාස්කු වන්දියේ කෝටි 10 ගෙවන හැටි හෙළිකරනවා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjUxGsic40b6rJ_vQxZIKbha_Hd3f7XYjo3liquKfsNQejYfnW0Vb5fiAdTHK-y5gBckhfCL2t_-VxdCdCaTPYsco0z4CQR_z-ccXDxwJbIKQ9dnW0SyGi5rcBC9YWwbwfFsFLUu-WTHfL_Y3_NgVBYx9mP8YYVsh7je6U1Zx9c6Xgukg7VQZSBHw9c9w/s320/Maithripala-Sirisenat.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjUxGsic40b6rJ_vQxZIKbha_Hd3f7XYjo3liquKfsNQejYfnW0Vb5fiAdTHK-y5gBckhfCL2t_-VxdCdCaTPYsco0z4CQR_z-ccXDxwJbIKQ9dnW0SyGi5rcBC9YWwbwfFsFLUu-WTHfL_Y3_NgVBYx9mP8YYVsh7je6U1Zx9c6Xgukg7VQZSBHw9c9w/s72-c/Maithripala-Sirisenat.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/01/10-10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/01/10-10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy