දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බුද්ධික කියපු වංචාව ඇමැති විජයදාස පිළිගනී! රටට පාඩුව අවුරුද්දකට බිලියන 60යි! කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නෙත් බ්ලැක්ලිස්ට් වෙච්ච සමාගමකට!
Homeප්‍රවෘත්ති

බුද්ධික කියපු වංචාව ඇමැති විජයදාස පිළිගනී! රටට පාඩුව අවුරුද්දකට බිලියන 60යි! කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නෙත් බ්ලැක්ලිස්ට් වෙච්ච සමාගමකට!

PropellerAds

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් බෝතල්වල ඇලවීමට හඳුන්වාදුන් ආරක්ෂිත ස්ටිකර වැඩපිළිවෙළ හරහා රජයට වාර්ෂිකව රුපියල් බිලියන 60ක ආදායමක් අ...

තවත් ආසාදිතයින් 14 ක්-සමස්තය 1749 ක් දක්වා ඉහළට
රජය අප්‍රසාදයට පත්වෙනවා.. වගකීම මහ බැංකුව භාරගත යුතුයි - අගමැතිගෙන් රතු එළියක්
රන්දෙණිගල ජලාශය, හමුදා කදවුර ඉහල අහසේ අබිරහස් යානාවක්
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් බෝතල්වල ඇලවීමට හඳුන්වාදුන් ආරක්ෂිත ස්ටිකර වැඩපිළිවෙළ හරහා රජයට වාර්ෂිකව රුපියල් බිලියන 60ක ආදායමක් අහිමි වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. 
2023 වසර සඳහා වන අයවැය තුන්වැනි වර කියවීමේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ 2017 වසරේ ආරක්ෂක ස්ටිකර් විශේෂාංගය හඳුන්වාදීමට පෙර සුරාබදු දෙපාර්තමේන්තුවට වාර්ෂිකව රුපියල් බිලියන 40ක බදු ආදායමක් අහිමි වූ බවයි.

වෙළෙඳපොළට ඇතුළු වන ව්‍යාජ නිෂ්පාදන හඳුනාගැනීම් සඳහා මෙම ආරක්ෂිත ස්ටිකර වැඩපිළිවෙළ හඳුන්වා දුන්න ද එය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවේ සිටම දූෂණ වංචාවලින් පිරී ඉතිරී ගොස් තිබූ බවයි අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ.

ඒ හරහා මෙම වැඩපිළිවෙළ අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වන ජාවාරමක් හේතුවෙන් මේ වන විට රජයට රුපියල් බිලියන 60ක පාඩුවක් සිදුවී ඇති බව පෙන්වා දෙන අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරන්නේ එම ස්ටිකර මුද්‍රණය කිරීම සඳහා අදාල ටෙන්ඩරය ලබාදුන් මැඩ්රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් කුප්‍රකට සමාගම ලෝකයේ රටවල් තුනක අසාදු ලේඛන ගතකළ සමාගමක් බවයි.

අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙම ටෙන්ඩරය අසාදු ලේඛනගත සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් වගකිව යුතු බවට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

ආරක්‍ෂක ස්ටිකර් ජාවාරමට එරෙහිව පාර්ලිමේන්තුව තුළ වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පතිරණ කියා සිටියේ පෞද්ගලික අංශයේ ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් ප්‍රධාන වශයෙන් රසායනිකව වැඩි දියුණු කරන ලද රාවලින් සිදුකරන නිෂ්පාදනවලට මෙම ව්‍යාජ ස්ටිකර් යොදන බවයි.

එමෙන්ම මෙම කුප්‍රකට සමාගමට ලබාදී ඇති කොන්ත්‍රාත් කාලය නුදුරේදීම අවසන් වීමට නියමිත නමුත් සුරාබදු නිලධාරීන් එම ටෙන්ඩරය නැවතත් එම සමාගමටම ලබා දී මෙම දූෂණය ඉදිරියටත් අඛණ්ඩව කරගෙන යෑමට දැඩි උත්සාහයක යෙදෙන බවටයි මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ.

hirunews


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බුද්ධික කියපු වංචාව ඇමැති විජයදාස පිළිගනී! රටට පාඩුව අවුරුද්දකට බිලියන 60යි! කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නෙත් බ්ලැක්ලිස්ට් වෙච්ච සමාගමකට!
බුද්ධික කියපු වංචාව ඇමැති විජයදාස පිළිගනී! රටට පාඩුව අවුරුද්දකට බිලියන 60යි! කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නෙත් බ්ලැක්ලිස්ට් වෙච්ච සමාගමකට!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgcaKqJJxXnGdmVr2_QWTXnnJEi2pRgq0VBFpCmFRIwriyCpMPmaxxjj_256bUWCFoByGezm5J4FrBXWTSOJcHg3beDsHr9AQNySaGUNk69vpOEuolQzH8J1ahGIB5gr9lhsmVomhNXhffbaLzKEYcR3nkOeRGJro-prZZQU8syHFSlzYlGi4YSMA/w320-h172/surabadu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgcaKqJJxXnGdmVr2_QWTXnnJEi2pRgq0VBFpCmFRIwriyCpMPmaxxjj_256bUWCFoByGezm5J4FrBXWTSOJcHg3beDsHr9AQNySaGUNk69vpOEuolQzH8J1ahGIB5gr9lhsmVomhNXhffbaLzKEYcR3nkOeRGJro-prZZQU8syHFSlzYlGi4YSMA/s72-w320-c-h172/surabadu.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/60.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/60.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy