ශ්රී ලංකා මහ බැංකුවේ අනුමැතිය යටතේ පවතින මුල්‍ය ආයතන කඩාවැටීමේ වගකීම මහ බැංකුව විසින් භාරගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසය...
ශ්රී ලංකා මහ බැංකුවේ අනුමැතිය යටතේ පවතින මුල්‍ය ආයතන කඩාවැටීමේ වගකීම මහ බැංකුව විසින් භාරගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමත්‍යවරයා මේ බව කියා සිටියේ ද ෆිනෑන්ස් කම්පැනි පී එල් සී ආයතනයේ වර්තමාන තත්වය පිළිබඳ අරලියගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින මුල්‍ය ආයතන මෙලෙස දිගින් දිගටම කඩාවැටීම සහ එවැනි මූල්‍ය ආයතනවල සිදුවන අක්‍රමිකතා හේතුවෙන් රජය අප්‍රසාදයට පත්වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ.
මේ හේතුවෙන් රාජ්‍ය මූල්‍ය ආයතන සම්බන්ධයෙන් පවතින ජනතා විශ්වාසය පළුදු වන බවත්, පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා, අලූතින් නීති සකස් කර හෝ මෙවැනි මූල්‍ය වංචා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගතයුතු බව වැඩිදුරටත් පැවසීය.
ද ෆිනෑන්ස් ආයතනයේ තැන්පතුකරුවන් සඳහා මුදල් ගෙවීම කඩිනමින් සිදුකරන ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී දැනුම්දී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඒ අනුව ලබන සඳුදා සිට තැන්පතුකරුවන්ගෙන් සියයට 97 ක් දක්වා එම මුදල් ගෙවීම සිදුකරන බව නියෝජ්‍ය මහබැංකු අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.

COMMENTS