ලබන ඉරිදා දිනයේදී නිදහස මහජන සභාවේ ප්‍රතිපත්තිමය රාමුව කොළඹදී එළිදක්වන බව ඩලස් අලහප්පෙරුම මහතා කීය. ඒ සම්බන්දයෙන් පැවැති මාධ්‍ය හමුවේදී ...
ඒ සම්බන්දයෙන් පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.
“මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමා ඔබට ආරාධනාවක් කරා ඔබට සහ රටට මෙය ඉරිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන නිදහස ජනතා සභාවේ ප්‍රමුඛ සංකල්ප පත්‍රිකා යුගලය දොරට වැඩීම උත්සවය සම්බන්ධව .
මේ සාකච්ඡාව අවසානයේ සමාරම්භක ආරාධනාව මාධ්‍යවේදී ඔබට කරන්න තමයි අපි තීරණය කරලා තියෙන්නේ .අපි මොකද්ද මේ අනුව කරන්න යන්නේ මේ රටේ සංවාදයක් තියෙනවා මෙහි මෑතකාලීනව ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය සම්බන්ධව සමහරු කියනවා දේශපාලන අර්බුදය නිසා ආර්ථික අර්බුදයක් මතු වෙලා තියෙනවා
ආර්ථික අර්බුදය නිසා දේශපාලන අර්බුදයක් මතු වෙලා තියෙනවා කියනවා මේ දෙකෙහිම ඇත්ත නැතුවා නෙවෙයි අපි මේ රටේ දේශපාලනික ප්‍රවිෂ්ඨ වෙච්ච ළාබාලම කණ්ඩායම හැටියට . ඒකමතිකව තීරණය කළා .කවුද ඉස්සරලා ආවේ අපි කවුද පස්සේ ආවෙ කියන සංවාදයෙන් බැහැර වෙලා මේ අර්බුද යුගලයම එකී නෙකා මත අනියමින් යැපී සිටිනා බව තේරුම් අරගෙන දේශපාලන අර්ථ දේ පිළිබඳවත් ආර්ථික අර්බුදය පිළිබඳ වත් අපේ දැක්ම ප්‍රතිපත්තිමය රාමුවක් විදිහට සංකල්පමය රාමුවක් විදිහට එහෙම නැත්තං අපි කියනවා framework ඩොකියුමන්ට් දෙකක් විදියට අපි මේ රට හමුවේ තබන්නට තීන්දු කළා .ඒකට තමයි අපි ඔබට ආරාධනා කළේ .මේක discussion පේපර් එකක් විතරයි පරිසමාප්ත ලියවිල්ලක් නෙවෙයි එනිසා මේකත් අට අරගෙන මේක ද ප්‍රතිපත්තියේ කියලා ප්‍රශ්න කිරීම නෙවෙයි කළ යුත්තේ ,ඇත්තටම මොකක්ද මේක මේක අපේ රටට කරන ආරාධනාවක් මේ රටේ බුද්ධිමතුන්ට මේ රටේ විද්වතුන්ට මේ රටේ පොදු මහජනතාවට අපි විවෘත ආරාධනාවක් කරනවා මේ අපි ඉදිරිපත් කරන ප්‍රතිපත්ති රාමු තවදුරටත් පෝෂණය කරන්න කියල වැඩි දියුණු කරන්න කියලා විවේචනය කරන්න කියලා ,අපි තීරණය කළේ රටත් එක්ක මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න විවිධ තර්ක විතර්ක මැද්දේ අවසානයේ පරිපූර්ණ පත්‍රිකා රට හමුවේ තබන්න. මේක ලෝකයේ දියුණු යහපත් කාලීන una වුන සැබැවින්ම ප්‍රශ්න වලට විසඳුම් සොයන ප්‍රශ්න වලට උත්තර ඒ නැතුව විසඳුම් නෙමෙයි
නමුත් ගැටලුවලට විසඳුම හොයන ප්‍රශ්න වලට උත්තර තියෙනවා උත්තර නැති ප්‍රශ්න නෑ හැබැයි ගැටලු වලට විසඳුම් නැත්තේ ඒ නිසා අපි දේශපාලන කණ්ඩායමක් විදිහට තීරණය කළේ මේ ගැටලු වලට විසඳුම් මොනවද අපේ කියලා කියන එක , මහජනතාවත් එක්ක සාකච්ඡා කරලා රට හමුවේ තබන්නට ඉතිහාසය පුරාම වුණේ ඒ මේකෙ අනිත් පැත්ත පොඩ්ඩක් අපි 1948 ඉඳලා බැලුවොත් මේ රටේ ප්‍රධාන මැතිවරණ 17 කදී සිද්ධවුණේ මොකද්ද මේ 17 යෙදීම සිද්ධවෙලා තියෙන්නේ යම් කාලීන ප්‍රශ්නයක් හෝ ජාතිය නැත්තං ආගම නැත්නම් භාෂාව නැත්නම් ප්‍රාදේශීය වශයෙන් කුලය විකුණල මැතිවරණ ජයග්‍රහණ ලබාගත්තා .අපේ ඉතිහාසය පිරිල තියෙන්නෙ මේ විදිහට ප්‍රතිපත්තියෙන් ගැන සාකච්ඡා කරලා නෙවෙයි හැබැයි ඒ මැතිවරණයක ආසන්නයේ මෙන්න අපේ ප්‍රතිපත්ති මාලාව කියන ඉතාම සුන්දර මාතෘකා සහිතව අපි එළිදක්වනවා ප්‍රතිපත්ති ප්‍රකාශය මේක අවුරුදු තිහක් හතළිහක් තිස්සේ එක දිගට සිද්ධ වෙච්ච දෙයක් අපිත් සම්බන්ධ වෙලා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශ වලට සිද්ධ වුණේ මොකද්ද අවසාන වශයෙන් සිද්ධ සිද්ධ වුණේ මොකක්ද කියලා මේ රටේ ජනතාව දන්නවා ඒ සියලුම දේශපාලන පක්ෂ එතෙක් මෙතෙක් ඉදිරිපත් කරපු ප්‍රතිපත්තීන් එහෙම නැත්තං අනාගත වැඩපිළිවෙළවල් කියල ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති එකතු කරල එක පොතක් ගැහුවොත් ඒ පොතට ගැලපෙන නම තමා නූතන ගජබින්න අලංකාරය කියන එක ඉතිහාසය සිට මේ දක්වා සෑම මැතිවරණයකදීම කළේ ඒක එහෙම නැත්නම් කොහොමහරි අඩු ආදායම්ලාභී ජනතාව තෝරගෙන සහනාධාර ටිකක් දීලා ඡන්දෙ දිනාගන්න එක තමයි කලේ අපි දකින්නේ ඊට එහා ඒ සාම්ප්‍රදායික රාම් ඉන් එහාට ගිහිල්ලයි අපි මේ යෝජනාව කරන්නේ එයින් සහ තමයි මහාචාර්ය පීරිස් කියූ පරිදි මෙරට විපක්ෂය නියෝජනය කරන සියලු දෙනාටමත් මේ සම්බන්ධයෙන් අපි ආරාධනා කරලා තියෙනවා මේකෙ පාර්ශවකරුවන් වෙන්න කියලා ඒ නිසා අපි තෝර ගත්ත දුෂ්කර පාර ගඟේ පහළට කුණුකන්දල් එක්ක ගලාගෙන යන එක ලේසියි හැබැයි නිදහස ජනතා සභාව විදිහට අපි තෝරගත්තේ කුණුකන්දල් එක්ක පැටලෙන්නේ නැතුව අපහසු උඩට පිහිනීමේ දුෂ්කර අභියෝගයක් ඒ එතන තමයි අපි මේ සෑම ප්‍රශ්නයකටම උත්තර ව යන ගැටලුවලට විසඳුම් හොයන්නේ ,එනිසා මේ මොහොතේත් අපි ආරාධනා කරන්නේ මේ අපේ දේශපාලන ප්‍රතිපත්ති රාමුව සහ ආර්ථික ප්‍රතිපත්ති රාමුව මේක නම් කෙරේ නිදහසට පෙරවදනක් කියලා එහි පසුවදන් ලියන්න අපි බොහොම ගෞරවයෙන් රටට නැවත තරම් නගනවා අවසාන වශයෙන් මීට අමතරව තව එක පුංචි කාරණාවක් පැහැදිලි කරන්න කැමති මහාචාර්ය ජි එළ පීරිස් මැතිතුමා ත් ඡන්දෙ ගැන මැතිවරණය සම්බන්ධයෙන් පැවැත්වීම හා නොපැවැත්වීම පිළිබඳව විශාල සාකච්ඡා බත් තියෙනවා අපි විශ්වාස කරන අපේ මතය ජි .එල් පිරිස් ඇමැතිතුමා කිව්වා .
මිත්‍රවරුනේ මේ හදන්නේ කුමකටද කියන කාරණාවත් අපි අවධාරණය කරන්න ඕනෑ එක උදාහරණයක් කියන්නම් ඕන කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් නම් පළාත් පාලන ආයතනවල සභිකයන්ගේ එහෙම නැත්තම් මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 8000 4000 කරන්න ඕන කියන යෝජනාව ඉදිරිපත් කරන්නේ කවද්ද කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත් කරන්නේ ඔක්තෝබර් දාහත් වැනිදා (17) හැබැයි විමතියට පුදුමයට කණගාටුවට කාරණාව තමයි මහා භාණ්ඩාගාරයෙන් ජනාධිපති ලේකම් වරයාට මේ ඉල්ලීම කරන්නෙත් මේක මුදල් වියදම් වල නාස්තිකාර වැඩක් නිසා මේක අටදාහ හාරදාහ දක්වාඅඩු කරන්න ඕනේ කියලා කියලා කියන්නෙත් ඔක්තෝම්බර් 17 වෙනිදා.
ඒවගේම එදාමයි පළාත් පාලන අමාත්‍යාංශය ජනාධිපති ලේකම්ට මේ ලියුම ලියන්නේ ඒ කවද්ද ඔක්තෝබර් 17 එදින මයි සීමා නිර්ණය කමිටුව ජනාධිපති ලේකම්වරයාට මේ ලිපිය ලියන්නේ එදින මයි කැබිනට් එක තීන්දු කරන්නෙත් මෙහෙම කියලා එකම දවසේ . එකම දවසේ අමාත්‍යාංශ තුනක් ස්වාධීන කොමිසමක් මේ ඉල්ලීම කිරීම ඇතුලෙ මොකද්ද පේන්නේ සතුටු වෙන්න පුළුවන් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ද රාජ්‍ය සේවයේ විශිෂ්ටත්වය ද එහෙම නැත්තං ඒකෙ පිටිපස්සෙ තියෙන බොහොම නිර්මාණශීලී කුමන්ත්‍රණය ද ආණ්ඩුවට සැබැවින්ම අවශ්‍ය නම් 8000 4000 කරන්න ඒක හොද වැඩක් එහෙමනම් මේ මැතිවරණ තියන්න තිබ්බනෙ සමානුපාතික ක්‍රමයට මේක වෙනස් කළේ සමානුපාතික ක්‍රමයෙන් 4000 අටදහස් කලේ කවුද රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා හිටපු ආණ්ඩුව ඒකට කරපු වියදම් බිලියන සංඛ්‍යාත මුදල් කවුද ඒකට වග කියන්නේ රුපියල් පන්සියයක් විදුහල්පතිනියගේ මුදල් පසුම්බිය හොරකම් කරා කියලා අහිංසක පස්වෙනි වසර දරුවන්ට පොලිසිය කරන්ට් එකට අල්ලනවා ඒ රුපියල් 500ට එතකොට මේ බිලියන ගණන් නාස්ති කළේ කොහොමද කාගේ වුවමනාවටද එහෙනම් ආණ්ඩුවට සරල විසඳුමක් තියෙනවා ඔව් අටදාහක් 4000 කරන්න පුළුවන් හැබැයි තියන්න සමානුපාතික ක්‍රමය යටතේ මැතිවරණයක් තියන්න මේ කතාවට විතරක් අදාළව ඒ අතරේ අනිත් කටයුතු කරගෙන යයි එනිසා තවදුරටත් මහජන මතයෙන් වසන් වෙන්ඩ උත්සාහ ගන්න එපා
වසන් වෙන්නේ අන්තිම විග්‍රහයේදී ආණ්ඩුව නියෝජනය කරන තමුන්නාන්සේලා .

COMMENTS