දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හැමදේටම ඇඟිලි නොගසා ඉන්න මානව හිමිකම් කොමිසම දැනගත යුතුයි - ජනපති
Homeප්‍රවෘත්ති

හැමදේටම ඇඟිලි නොගසා ඉන්න මානව හිමිකම් කොමිසම දැනගත යුතුයි - ජනපති

PropellerAds

මානව හිමිකම් යොදා ගනිමින් පොලිසියට සහ හමුදාවට ඔවුන්ගේ රාජකාරියට අවහිර කිරීම වහාම වැලැක්වීම සඳහා නීති ගෙනෙන බවත්, “හියුමන්  රයිට් ඩිෆෙන්ඩර්...

විදෙස් ගත ශ්‍රමිකයින්ට ඉතිහාසයේ නොලැබුණ ප්‍රතිලාභ රැසක්! කැබිනට් තීන්දුවත් ගනී – වාහන ගෙන්වන්නේ මෙහෙමයි!
කෝටිපතියන් දපනේ දාගෙන කෝටි ගණන් වංචා කළ ප්‍රියමාලිගේ ගනුදෙනු ගැන අහන්න ටෙලි නිළියක්, නිවේදිකාවක් ඇතුළු හයක් CIDයට!
පොහොට්ටුව දෙදරයි! මන්ත්‍රී පිරිසක් තීරණයක් ගනී!
මානව හිමිකම් යොදා ගනිමින් පොලිසියට සහ හමුදාවට ඔවුන්ගේ රාජකාරියට අවහිර කිරීම වහාම වැලැක්වීම සඳහා නීති ගෙනෙන බවත්, “හියුමන්  රයිට් ඩිෆෙන්ඩර්ස් “ ලෙස නම් කරගෙන මානව හිමිකම් වෙනුවෙන් පෙනී ඉන්නේ පිටරටින් ඩොලර් ලබාගෙන ජීවත් වන්නන් බවත් ජනාධිපතිවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී  ප්‍රකාශ කළේය.

ඔවුන්ට මින් පසු රට තුළ ඉඩක් නැති බව ද ජනාධිපතිවරයා කීවේය.

සිරස නාලිකාව සිදුකළේ මේ ප්‍රචණ්ඩත්වය අවුලුවා තමන්ගේ නිවස ගිනි තබා පිලිස්සීමෙන් පසු මානව හිමිකම් කොමිසම හරහා තමන්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා කොටු කරගන්නට බව කී ජනාධිපතිවරයා මානව හිමකම් කොමිසම හැම දේටම ඇඟිලි නොගසා ඉන්නට දැනගත යුතු බව පැවසුවේය.

ඊයේ තමන්ගේ කතාවෙන් පසු සිරස නාලිකාව සංවිධානාත්මකව පුද්ගලයින් 07 යෙදාගෙන තමන් ට පහර දීම ආරම්භ කළ බවත්, දුමින්ද නාගමුව, විදර්ශන කන්නංගර හා ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි ඉන් තිදෙනෙක් බවත් කීවේය.

ජනාධිපතිවරයා කීවේ තමන් නිර්මාල් රන්ජිත් දේවසිරිව දන්නා බවය. කතා කරන්නට පෙර  සරසවිවල නවක වදය නැති කරන්නට උදව් කරන ලෙස ඔහු ආචාර්ය නිර්මාල්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා කී කතාව මෙසේය.

“කෙළින් කියන්නම්. අරාජිකත්වත්යත් ප්‍රචන්ඩත්වයත් මානව හිමිකම්වලට ඇතුළුවෙන්නෙ නෑ. එක් මානව හිමිකම්වලට සම්පූර්ණයෙන් විරුද්ධයි. මානව හිමිකම් යොදාගෙන ප්‍රචන්ඩත්වය වපුරන්න දෙන්න බෑ.“

“මානව හිමිකම් කියලා ප්‍රචන්ඩ ක්‍රියා කළ අය ආරක්ෂා කරන්න දෙන්න බෑ. ව්‍යවස්ථාවෙ 14 වැනි වගන්තියෙ තියනවා මූලික අයිතිවාසිකම්…. රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම…  නීතියෙන් නියම කරනු ලැබූ සීමාවලට  මහජන ආරක්ෂාව  සඳහාව්‍යවස්ථාව ආරක්ෂා කිරීම,  මේ ඔක්කොම තියනවා 15.1 15.2, 15.3 වගන්තිවල. “

“මේවයෙ සීමා තියනවා. මේ සීමාවෙන් පිට යන්න බෑ…  සමහරු අද කියනවා ඔවුන් මානව හිමිකම් ආරක්ෂකයො කියලා හියුමන් රයිට්ස් ඩිෆෙන්ඩර්ස්ලා කියලා. ඔවුන් මොනවද කරන්නේ. මොන ඩිෆෙන්ඩර් එකක්ද ?, ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් එකක් ද. මොනවද කරලා තියෙන්නෙ.

අපි ව්‍යස්ථා සංශෝධන ගෙනත් තියනවා…  ස්වාධීන කොමිෂන් ගෙනත් තියනවා. සෑම රජයක්ම  එක එක විදිහට මානව හිමිකම් ආරක්ෂා කරලා  තියනවා. උසාවියට ගිහින් දෙන තීරණවලට යටත් වෙලා තියනවා.“

“මේ කියන ඩිෆෙන්ඩර්ලා මොනව ද කරන්නෙ. අපිට තියන ඩිෆෙන්ඩර් වලට ඩීසල් දාලා දුවනවා. මේ ඩිෆෙන්ඩර් වලටත් ඩීසල් දානවා. මානව හිමිකම් ඩිෆෙන්ඩර් කියලා ඒ අය කරන්නෙ පිටරටින් සල්ලි අරන්  තමන් ජීවත් වෙන එක. මේකයි ඇත්ත.“

“මට එක්කෙනෙක් නැගිටලා කියන්න එහෙම කළේ නෑ කියලා. ( විපක්ෂය පෙන්වමින් ) මම මේ අය දන්නවා.  මේ අය එක්ක වැඩ කරලා තියනවා. මමයි ඒ අය ආරක්ෂා කළේ. මටයි දැන් කෑ ගහන්නේ. “

“තව කියන්න වැඩක් නෑ. අපට මේ රටේ මේ වගේ අවුලක් ඇතිවෙන්න දෙන්න බෑ. නීතිය යටතේ ඕනෑම දෙයක් කරන්න. විපක්ෂ නායකතුමා මට කියලා තිබුනා ඡන්ද කල් දානවා කියලා. මම කල් දාන්නෙ නෑ. මට ඡන්ද කල් දාන්න බෑ. උවමනාවකුත් නෑ. මම කියන්නෙ නිකම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නෙ නෑ පාරෙ කෑ ගැහුවාට කියලා. කෑ ගහන අය නෙමෙයි බහුතරය. බහුතරය නිශ්ශබ්ද වෙලා ඉන්න අය.“

“ඒ නිශ්ශබ්ද වෙච්චි අයට ජීවත්වෙන්න හිමිකම් තියනවා. ඒ හිමිකම් අනුවයි ක්‍රියාකරන්නේ.“

“ අනික මේ අය මානව හිමිකම් අරන් පොලිසිය හිරකරන්න යනවා. පොලිසිය මානව හිමිකම් උල්ලංඝණය කරලා ඇති. ළමයි  පොලිසියට ගෙනිහින් ගහනවා. ඒවට නඩු දාලා ඒ අයට විරුද්ධව තීන්දු දෙනවානම් ඒකට කටයුතු කරන්නම්.“

“ ඒත් හදිසි අවස්ථා ඇති කරලා කලබල ඇති කරලා පොලිසිය ගියාම ඒක නවත්වන්න   දානවා මානව හිමිකම් නඩු. ඒක කරන්නෙ මානව හිමිකම් නිසා නෙමෙයි. පොලිසිය ක්‍රියාකරන එක නවත්වන්න“

“ ඒ නිසා මං නීතිපති තුමාට කියලා තියනවා මේක ගැන බලන්න කියලා. මෙහෙම කරනවා නම් අපි 15 යටතෙ නීති ගේන්න ඕන කියලා නීතිපති තුමාට කියලා තියනවා. මේ සෙල්ලම කරගෙන යන්න බෑ. හමුදාව පොලිසිය ආරක්ෂා කරන්න ඕන. මම දන්නවා ඒක වෙලා තියන විදිහ.කොහෙමද වෙලා තියෙන්නෙ කියලා“

“මගෙ ප්‍රධාන ආරක්ෂ නිලධාරියා අයින් කරන්න හැදුවා මානව හිමිකම් දාලා. මගෙ ගෙදර ගිනි තියලා පුච්චලා   මගෙ ආරක්ෂක නිලධාරියා මානව හිමිකම් දාලා අයින් කරන්න හැදුවා. මේක වුනේ සිරස මාධ්‍යයෙන්. ඊට පස්සේ මොකක් ද වුනේ. මම ගිහින් ඒ අයට විරුද්ධව ක්‍රියා කරන්න ඕන. මේ මොකක් ද?“

“ඒ කියන්නෙ සිරසට    මට මොනව උනත් කමක් නෑ. ඕන වුනේ  මගෙ ආරක්ෂක ප්‍රධානියා ඉවත් කරන්න.   මානව හිමිකමත්   දැනගන් ඕන ගිහින් ඇඟිලි ගහන්නෙ නැතිව ඉන්න මේ වැඩ කටයුතුවලට.“

“ඊයෙ මම මාධ්‍ය ආයතනය  නම් කළේ නැති නිසා වුනේ මොකක් ද?. සිරසෙන් මට ගහන්න හත් දෙනෙක් දාලා තියනවා. එක එක අයගෙන් ගන්නවා. දුමින්ද නාගමුවගෙන්, විදර්ශන කන්නංගරගෙන්, නිර්මාල් රන්ජිත් දේවසිරිගෙන්…, නිර්මාල්   මට කියන්න කලින්  ශිෂ්‍යයන්ව නවක වදයෙන් ආරක්ෂා කරලා දෙන්න. මමත් දන්නවා නිර්මාල් හොඳට…

මේ සෙල්ලම ගෙනියන්න එපා. මිනිස්සුන්ට ඇවිත් ආයෙ ආණ්ඩු පෙරලන්න කියන්න එපා. සේවය කරන හැම නිලධාරියෙක්ම එහෙම අවස්ථාවක් ආවොත් ආණ්ඩුව ආරක්ෂා කරන්න ඕන. යට ඉන්න කෝප්‍රල් ඉන්න ෆීල්ඩ් මාර්ෂල් දක්වා ඔක්කොටම ඒ වගකීම තියනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හැමදේටම ඇඟිලි නොගසා ඉන්න මානව හිමිකම් කොමිසම දැනගත යුතුයි - ජනපති
හැමදේටම ඇඟිලි නොගසා ඉන්න මානව හිමිකම් කොමිසම දැනගත යුතුයි - ජනපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSkxaBzhe9v0NUfw4fZ-uyABCuyMFkKAWLLJtoviIpijmpou4Qq_Ar1R2BRs1W0rQB0MEZau4M0_2n-yKCjdF_81xwokTIUZ6vVZqdodGC6namO95MAv_z68zHWw8bFNdWaw-F4oDsbrnXm38lpuDmowsf6i92hdl3vBkrf7MFvBZMXE_O8SDZsQ/s320/ranil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSkxaBzhe9v0NUfw4fZ-uyABCuyMFkKAWLLJtoviIpijmpou4Qq_Ar1R2BRs1W0rQB0MEZau4M0_2n-yKCjdF_81xwokTIUZ6vVZqdodGC6namO95MAv_z68zHWw8bFNdWaw-F4oDsbrnXm38lpuDmowsf6i92hdl3vBkrf7MFvBZMXE_O8SDZsQ/s72-c/ranil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/11/blog-post_57.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/11/blog-post_57.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy