දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විපක්ෂය අද කොළඹ වටලන්න එයි! ආරක්ෂක අංශයට සජිත්ගෙන් අවවාදයක් – පා ගමන බාධා කළොත් කරන දේත් කියයි
Homeප්‍රවෘත්ති

විපක්ෂය අද කොළඹ වටලන්න එයි! ආරක්ෂක අංශයට සජිත්ගෙන් අවවාදයක් – පා ගමන බාධා කළොත් කරන දේත් කියයි

PropellerAds

වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව අද (02) කොළඹදී විරෝධතා පාගමනයක් සහ රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ...

රුවන්ට නායකකම දෙනවා නම් මට ජාතික ලැයිස්තුව ඕනේ - අකිල රනිල්ට දැනුම් දීලා
විග්නේශ්වරන්ගේ ප‍්‍රකාශය නිසා පාර්ලිමේන්තුවේ මහා ප‍්‍රශ්ණයක් ඇතිවෙන්න ගියේ.. හරි අමාරුවෙන් අපේ මන්ත‍්‍රීන් බේරගත්තේ - අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
චොකා මල්ලිට පාර්ලිමේන්තු එන්න එපා කියන්න නීතිපතිට බෑ.. එය තීරණය කරන්නේ කතානායක හා පාර්ලිමේන්තුවයි - ඇමති වාසුදේව
වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව අද (02) කොළඹදී විරෝධතා පාගමනයක් සහ රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය සහ නිදහස ජාතික සභාව යන දේශපාලන පක්ෂ ද ඊට එක්වීමට නියමිතයි. 
‘මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු’ මැයෙන් සංවිධානය කර තිබෙන මෙම විරෝධතා පා ගමන මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් අද සවස 3.00ට ආරම්භ ‌කෙරෙනවා.

වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව ආණ්ඩුවට එරෙහිව සංවිධාන කරන විරෝධතා පාගමන අද මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් ආරම්භ කිරීමට නියමිතයි.

කොටුව දුම්රිය පොළ දක්වා එය ගමන් ගැනීමට සැලසුම් කර තිබෙනවා.

වෘත්තිය සමිති නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පෙරේදා පැවති සාකච්ඡාවෙන් පසු එයට සහාය දෙන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

ඉන් පසුව විරෝධතාව සඳහා සමගි ජන බලවේගයේ සහාය ලබාගැනීමට අදාළ ගිවිසුමට අත්සන් කිරීමට වෘත්තිය සමිති නියෝජිතයන් සහ බහුජන සංවිධාන ඊයේ (01) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසුා.

වෘත්තීය සමිති ඒකාබද්ධ බලවේගය ද අද පැවැත්වීමට නියමිත විරෝධතායට සිය සහභාගීත්වය ඊයේ තහවුරු කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ ආණ්ඩුවේ මර්ධනයට එරෙහි විරෝධයට  සමගි ජන බලවේගය සියයට සියයක්ම ශක්තිය ලබාදෙන බවයි.

මර්දනයට එරෙහිව අරගල කළ යුත්තේ හුදකලාව නොවන බවත් ඒ වෙනුවෙන් එකට එක් වී අරගල කළ යුතු යැයි ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී පාගමනට එරෙහිවීමට කිසිවකුටත් අයිතියක් නැති බවත් මර්දනයට එරෙහි වෘත්තිය සමිති ඒකාබද්ධ ප්‍රකාශනයට අත්සන් තැබීමේ අවස්ථාවට කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.

මෙම විරෝධතාවය සාමකාමී, පා ගමනක් බැවින් එය මර්දනය කිරීමට ආරක්ෂක අංශ සූදානම්ව සිටිනවානම් වහාම එය ඉවත් කරගත යුතු බවත් ඔහු සඳහන් කළා.

මර්දනයේ පීතෘවරුන් වන්නේ රාජපක්ෂවරුන් බවත් සාමකාමී විරෝධතාවයට කිසිවකු හෝ අත තබන්නේ නම් ඊට එරෙහිව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

සිරිධම්ම හිමි, වසන්ත මුදලිගේ ඇතුළු  පිරිස් අත්අඩංගුවට ගෙන සිරගත කොට ඇත්තේ කිසිම චෝදනාවක් නැතිව බවත  පුනරුත්ථාපනය කළ යුත්තේ රාජපක්ෂලා ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් යැයිද විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසුවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විපක්ෂය අද කොළඹ වටලන්න එයි! ආරක්ෂක අංශයට සජිත්ගෙන් අවවාදයක් – පා ගමන බාධා කළොත් කරන දේත් කියයි
විපක්ෂය අද කොළඹ වටලන්න එයි! ආරක්ෂක අංශයට සජිත්ගෙන් අවවාදයක් – පා ගමන බාධා කළොත් කරන දේත් කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjN9nPSGAkoOwvoQ2wBaP7t3yksdLRi6b8dTUb_lmqKQAPsi-v_4z9V2lzMA1unyfgg1nwx9B_9j_XFFHsXKr4G8_NOpPq94nfI9jXeNfQbrMG54VUgP1J7pDgV1vrkwFn_rkxFhHzovNnIxwnkdP2k-Whr4PWknNgPVXmH_aRR-bVYfb0x_6Wj2t7XQA/s320/sajith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjN9nPSGAkoOwvoQ2wBaP7t3yksdLRi6b8dTUb_lmqKQAPsi-v_4z9V2lzMA1unyfgg1nwx9B_9j_XFFHsXKr4G8_NOpPq94nfI9jXeNfQbrMG54VUgP1J7pDgV1vrkwFn_rkxFhHzovNnIxwnkdP2k-Whr4PWknNgPVXmH_aRR-bVYfb0x_6Wj2t7XQA/s72-c/sajith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/11/blog-post_2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/11/blog-post_2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy