මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි නම් තැනැත්තිය සහ ඉසුරු බණ්ඩාර නම පුද්ගලයාට එරෙහිව මුල් වරට අපර...
මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි නම් තැනැත්තිය සහ ඉසුරු බණ්ඩාර නම පුද්ගලයාට එරෙහිව මුල් වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනුකළ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන කමල් හසන් මහතා අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සංවාදයකට එක්ව තිබේ.

එහිදී ඔහු ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිකර ඇති අතර හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද සම්බන්ධ යයි පවසමින් තිලිණි ප්‍රියමාලි නම් තැනැත්තිය විසින් මෙරටට ඉන්ධන ආනයනය කිරීම සඳහා අදාළ ව්‍යපාරිකයගෙන් රුපියල් කෝටි 10කට වැඩි මුදලක් ලබාගත් ආකාරයද හෙළිකර ඇත.
එහිදී ඔහු පවසා ඇත්තේ එක අවස්ථාවක තිලිණි ප්‍රියමාලි මහත්මිය විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මියට බව පවසමින් තමන් ඉදිරියේදී දුරකථන ඇමතුමක් ලබාදුන් බවය.
තිලිණි ප්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත්කළ අවස්ථාවේ ව්‍යාපාරික කමල් හසන් මහතාට විත්තියේ නීතීඥවරයෙකු විසින් යම් බලපෑමක් සිදුකිරීමට දැරූ උත්සාහයක් පිළිබඳවද ඔහු හෙළිකරයි.
ගැටළු ඇතිවූ මුල් අවස්ථාවේ දී එවක කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් චුදිතයින් ආරක්ෂා කරමින් හැසිරුණු බවට චෝදනාවක් ද කමල් හසන් මහතා විසින් සිදු කරයි.

COMMENTS