දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'තාප්පවල චිත්‍ර අඳිද්දී 'Stop Ecocide' බැනර් එකට බලපෑ නීතිය බලපෑවේ නැද්ද?: ආචාර්ය ජගත් ගුණවර්ධන අසයි
Homeප්‍රවෘත්ති

'තාප්පවල චිත්‍ර අඳිද්දී 'Stop Ecocide' බැනර් එකට බලපෑ නීතිය බලපෑවේ නැද්ද?: ආචාර්ය ජගත් ගුණවර්ධන අසයි

PropellerAds

පසුගිය සිකුරාදා කොළඹ විහාර මහ දේවී උද්‍යානයේ පිහිටුවා තිබූ දැවැන්ත ප්‍රචාරක පුවරුවක් ඉවත් කිරීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් පරිසරවේදී නීතිඥ...

govt brings a by law-account if you lose you have to go home
කරන්න දෙයක් නෑ... බදු ගැහිල්ල වැඩි කරනවා... වැරැද්ද කළෙත් ගෝඨාගේ ආණ්ඩුවමයි - මුදල් ඇමැති BBC එකට කියයි
ගෝඨාව බේරගන්න සජිත්ට අනුරට බලපෑම් කරන මෙහෙයුමක්? පොහොට්ටු මන්ත්‍රීලා 10ක් ලියුමක් අරන් මහානායක හිමිවරුන් බැහැදකින්න ගිහින්!
පසුගිය සිකුරාදා කොළඹ විහාර මහ දේවී උද්‍යානයේ පිහිටුවා තිබූ දැවැන්ත ප්‍රචාරක පුවරුවක් ඉවත් කිරීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් පරිසරවේදී නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා විරෝධය පළ කර තිබේ.
ඔහු පවසන්නේ, එම ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි 'අමනෝඥ ක්‍රියාවක්' බවය.

සිය ෆේස්බුක් පිටුවෙහි විශේෂ සටහනක් තබමින් ඔහු ඒ පිළිබඳ සිය විරෝධය පළ කර තිබේ.

ගෝලීය දේශගුණික විපර්යාස දිනය සැමරීම පිණිස සිදුකිරීමට තිබූ විරෝධයකට දරුවන් පිරිසක් වන වන සත්ව සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ යෞවන අංශයේ සාමාජිකත්වය ස්වේච්ඡාවෙන් මහත් වෙහෙසක් ගෙන නිමවා කොළඹ මහ නගර සභාවෙන් නිසි අවසරය ගෙන සවි කළ චිත්‍රය ඉවත්කිරීම ඉතා දැඩි අප්‍රසාදයට ලක්වී තිබෙන කරුණකි.

මෙවන් චිත්‍රයක් හෝ දැන්වීමක් හෝ ප්‍රදර්ශනයට අදාළ නීතිමය තත්ත්වය ජාතික පාරිසරික පනත යටතේ ප්‍රකාශිත 2019.11.05 දිනැති අංක 2148/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2019 අංක 01 දරන දැන්වීම් පුවරු සහ ප්‍රචාරක පුවරු පාලනය කිරීමේ (දෘෂ්ටි දූෂණය) නියෝග මගින් ප්‍රකාශ කර තිබේ.

මේ නියෝගයන්හි ඇති 03 වන නියෝගය අනුව එවන් යම් දැන්වීම් පුවරුවක් හෝ ප්‍රචාරක පුවරුවක් හෝ සිතුවම්, අක්ෂර වැනි ඕනෑ ම නිරූපණයක් ප්‍රදශනය සඳහා අදාළ බලධාරීන්ලබා දෙන අවසරය අත්‍යවශ්‍යය. 

එහි උපලේඛනයේ දක්වා තිබෙන අදා1ල බලධාරී ආයතන මාලාවේ 14 වන අංකය යටතේ තිබෙන්නේ "මහ නගර සභා ආඥා පනත යටතේ ස්ථාපනය කරන ලද මහ නගර සභා"වේ.

ඒ අනුව අදාළ චිත්‍රය ප්‍රදර්ශනය කිරීමට තිබෙන භූමිය කොළඹ මහ නගර සභාවට අයත් වූ නිසා කොළඹ මහ නගර සභාවෙන් ඊට අදාළ අවසරය ලබා ගත යුතු වේ.

මේ අවස්‍ථාවේදී ඔවුන් එම අවසරය ලබා තිබූ අතර එම ලිපියේ පිටපතක් මම ද දුටුවෙමි.

මෙසේ නිසි අවසරය සහිත චිත්‍රය ඉවත් කළේ, කිනම් පදනමකින් ද යන්න නොවැටහෙන්නකි.

කලකට ප්‍රථම තාප්පවල සහ බිත්තිවල අඳින චිත්‍රවලට ද මේ නියෝග මෙලෙසින් ම අදාළය. මේවා අතරින් මෙසේ අවසරය ලබා කළ බිත්ති සිතුවම් කොතෙක් තිබේ ද යන්නත් කුහුල දනවන්නකි.

කෙසේ වෙතත්, දරුවන් පිරිසක් තම සමාජ යුතුකම සහ වගකීම් ඉටු  කිරීමට ගත් ප්‍රයත්නයට සහය දෙනු වෙනුවට ඔවුන් අධෛර්යවත් කිරීමටත්, ඔවුන් කරන්නට යෙදුණු සත්ක්‍රියාව කඩාකප්පල් වන හෝ ව්‍යාර්ථ වන සේ සිදුකළ ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි, අනුමත කළ නොයුතු සහ අමනෝඥ ක්‍රියාවක් ලෙස දකිමි.

අපගේ යුතුකම සහ වගකීම වන්නේ, තම අනාගතය පිළිබඳ වගකීම භාරගෙන, වඩාත් යහපත් අනාගතයක් වෙනුවෙන් යම් දායකත්වයක් ලබා දෙන දරුවන්ට ශක්තියක්, පිටිවහලක් සහ ධෛර්යයක් ලෙස ක්‍රියා කළ යුතුය යන්න බව මා සැම දා තරයේ විශ්වාස කරමි. ඒ වෙනුවෙන් ඔවුනට දිය හැකි උපකාරයක් හෝ ශක්තියක් වීමට කිසි විටකත් පසුබට නොවෙමි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'තාප්පවල චිත්‍ර අඳිද්දී 'Stop Ecocide' බැනර් එකට බලපෑ නීතිය බලපෑවේ නැද්ද?: ආචාර්ය ජගත් ගුණවර්ධන අසයි
'තාප්පවල චිත්‍ර අඳිද්දී 'Stop Ecocide' බැනර් එකට බලපෑ නීතිය බලපෑවේ නැද්ද?: ආචාර්ය ජගත් ගුණවර්ධන අසයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwZaQG7mxQ6Vg85Ki1ca1g04BaPQ16sGkYKI_oBCQnyo6Y9XjhJGEwLuqpQjo899sDOgTRRg-DMKl0MXHMgyze7ZyqX1yshPuID3W_rbQqkinahgpoTV9WhmNZDqYY5qQ7sUko05FIT6Y/s320/jagath.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwZaQG7mxQ6Vg85Ki1ca1g04BaPQ16sGkYKI_oBCQnyo6Y9XjhJGEwLuqpQjo899sDOgTRRg-DMKl0MXHMgyze7ZyqX1yshPuID3W_rbQqkinahgpoTV9WhmNZDqYY5qQ7sUko05FIT6Y/s72-c/jagath.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/stop-ecocide.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/stop-ecocide.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy