හොර අරක්කු වැටලූ බෙලිඅත්ත පොලිසියේ පොලිස් සැරයන්වරයෙකුට ස්වකීය දේශපාලන බලය පෙන්වමින් කරමින් බැන තර්ජනය කළ සිද්ධියේ හඬපටයට අදාල බෙලිඅත්ත ප...
හොර අරක්කු වැටලූ බෙලිඅත්ත පොලිසියේ පොලිස් සැරයන්වරයෙකුට ස්වකීය දේශපාලන බලය පෙන්වමින් කරමින් බැන තර්ජනය කළ සිද්ධියේ හඬපටයට අදාල බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ හඬ පටය සමාජ මාධ්‍යයන්හි සංසරණය වීමත් සමග තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරයා විසින් මෙම විමර්ශනය පත්වමින් ඇත.
එහිදී බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ පොලිස්පතිවරයා හොර අරක්කු ඇල්ලීම නවත්වන ලෙස දන්වා ඇති බවය. තමන් මෙතෙන්ට එව්වේ නාමල් සර්ගේ සහ අගැමැතිගේ අවශ්‍යතාවය මත බව කියන ඔහු තමන් මෙතැනින් කිසිම කෙනෙකුට ඉවත් කළ නොහැකි බවත් බෙලිඅත්තෙන් යන්නේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස බවත් පවසයි.
මේ බෙලිඅත්ත බවත් බෙලිඅත්ත නම් බෙලිඅත්තේ විදිහට ඉන්න ලෙසද ඔහු හොර අරක්කු ඇල්ලූ පොලිස් සැරයන්වරයාට අවවාද කරයි. හොර අරක්කු ඇල්ලූ අවස්ථාවේ සිට තමන්ට හතර අතින් දුරකථන ඇමතුම් එන බව ඔහු පවසයි.
මෙම හඬපටය මුල් කරගෙන විමර්ශනය ආරම්භ කර තිබේ.
ඉදිරි දින කිහිපය තුළ එම විමර්ශන ගොනුව ඉදිරි පියවර සඳහා මාතර සහ හම්බන්තොට දෙදිසාවේ නියොජ්‍ය පොලිස්පිත මහේෂ් සේනාරත්න මගින් දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වෙත යොමු කිරීමට නියමිතව ඇත.
එම හඬපටය පහත දැක්වේ.
-lankasara
COMMENTS