දශක 7ක කාලයක් බ්‍රිතාන්‍යය ඇතුළු යටත්විජිත රාජ්‍යයන් පාලනය කළ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහය පිලිබඳ අවසන් දේව මෙහෙය ඊයේ නිමවුණි. ශාන්ත ජෝ...
භාර කිරීමේ මෙහෙය නිමකිරීමෙන් පසුව රජු සහ රාජකීය පවුලේ සාමාජිකයින් දේවස්ථානයෙන් පිටව ගියේය.
ඉන් පසු පැවැත්වෙන පවුලේ දේව මෙහෙයකින් අනතුරුව රැජිනගේ දේහය ඇයගේ ස්වාමිපුරුෂයා වූ පිලිප් කුමරුගේ දේහය සමඟ දෙවැනි එලිසබෙත් රැජිනගේ පියා වූ 6 වැනි ජෝර්ජ් රජුගේ දේහය තැන්පත් කර ඇති අනුස්මරණ සුසානයේ තැන්පත් කිරීමට නියමිතය.
එම සුසානය මෙවර විවෘත කෙරෙන්නේ වසර 20කින් පසු එනම් 2002 වසරේදී සිදුවූ මව් රැජිනගේ අභාවයෙන් පසු පළමුවරටය.
ඒ අනුව දෙවැනි එලිසබත් මහ රැජින එහි සදාකාලික නින්දේ සැතපීමත් සමඟ බ්‍රිතාන්‍ය කිරීටයේ තවත් පරිච්ඡේදයක නිමාව සනිටුහන් වෙයි.
බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජින පසුගිය සැප්තැම්බර් 08 වැනිදා රෝගී තත්ත්වයක් හේතුවෙන් ස්කොට්ලන්තයේ බැල්මෝරල් මාලිගයේදී අභාවප්‍රාප්ත වූ අතර ඒ වන විට ඇය 96 වැනි වියේ පසුවිය.
පළමුව බැල්මොරල් හි තැන්පත් කර තිබ ඇයගේ දේහය අනතුරුව මහජන ගෞරවය සඳහා එඩින්බරෝ හී ශාන්ත ජයිල්ස් ආසන දෙව්මැදුර වෙතත් පසුව ලන්ඩන් නුවර බකිංහැම් මාලිගය වෙතත් රැගෙන එනු ලැබිණි.
අනතුරුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ වෙස්ට්මින්ස්ටර් ශාලාව වෙත රැගෙන යනු ලැබූ රැජිනගේ දේහයට ගෞරව කිරීම සඳහා මහජනතාවට දින 4 ක කාලයක් ලබා දී තිබුණි.
සැතපුම් 10 ඉක්මවූ දිගු පෝලිම්වල රැඳී සිටිමින් ලක්ෂ 7 ඉක්මවූ ජනතාවක් එහි පැමිණ සිටි බව වාර්තා විය.
කෙසේවෙතත් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට ලබාදී තිබූ අවස්ථාව ලන්ඩන් වේලාවෙන් අද උදෑසන 6.30 ට අවසන් කෙරුණු අතර, ඒ අනුව පැමිණ සිටි විශාල පිරිසකට ආපසු හැරී යාමට ද සිදුවුණි.
මහ රැජිනගේ දේහය රාජ්‍ය අවමංගල උත්සවය පැවැත්වීම සඳහා වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානය වෙත රැගෙන යනු ලැබූ අතර රැජිනගේ දරුවන් වන තෙවැනි චාල්ස් රජු, ඈන් කුමරිය, ඇන්ඩෘ හා එඩ්වර්ඩ් ආදිපාදවරු සහ රැජිනගේ මුණුබුරන් වූ විලියම් කුමරු සහ පීටර් පිලිප් ආදිපාදවරයා ද පෙරහැරට එක්ව සිටියේය.
හිදී රාජකීය නාවික හමුදා සෙබළුන් 142 දෙනෙකු විසින් ඇදගෙන යනු ලබන විශේෂ කරත්තයක් දේහය රැගෙන යාම සඳහා යොදා ගැනුණි.
රැජිනගේ පියා වන හයවැනි ජෝර්ජ් රජුගේ අවමංගල්‍ය උත්සවය සඳහා 1952 වසරේදී පළමුවරට යොදාගත් මේ කරත්තය මෙවර භාවිත වන්නේ 1979 වසරේදී මවුන්ට්බැටන් සාමිවරයාගේ අවමංගල්‍ය අවස්ථාවට යොදාගත් අතර ඉන් පසු එම කරත්තය පාවිච්චි වන්නේ පළමුවරටය.
එසේම බ්‍රිතාන්‍යෙය් මෙවන් රාජ්‍ය අවමංගල උත්සවයක් පවත්වන්නේ වසර 57 කට පසුව වීම ද විශේෂත්වයකි.
අවසන් වරට එරට රාජ්‍ය අවමංගල උත්සවයක් පවත්වා ඇත්තේ 1965 වසරේ දී හිටපු බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්ගේ අභාවය වෙනුවෙනි.
ඒ අනුව රාජකීය ගෞරව සහිතව ගමන් කෙරුණු , රැජිනගේ දේහය රැගත් පෙරහැර අද ලන්ඩන් වේලාවෙන් පෙරවරු 10.53 ට වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානය වෙත ළඟාවුණි.
වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානය වෙත 2,000 ඉක්මවූ ආරාධිතයින් හා සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටි බව වාර්තා විය.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ, නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න්, ඉන්දීය ජනාධිපතිනී ද්‍රවුපදී මුර්මු සහ ශ්‍රි ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රාජ්‍ය නායකයින් රැසක්ද ඒ අතරට අයත් විය.
මේ හේතුවෙන් ලන්ඩන් නුවර ආරක්ෂාව තරකිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
කෙසේ නමුත් රැජිනගේ අවමංගල උත්සවය සදහා රුසියාව, ඇෆ්ගනිස්තානය, බෙලරුසියාව, වෙනිසියුලාව, සිරියාව සහ මියන්මාරය යන රටවල නායකයින්ට ඇරයුම් කර නොතිබුණි.
අවමංගල උත්සවය අතරතුර බ්‍රිතාන්‍ය අගමැතිනී ලීස් ට්‍රස් සභාව අමතා විශේෂ දේශනයක් ද සිදුකළේය.
රැජිනගේ රාජකීය අවමංගල උත්සවය මෙහි පැවැත්වුණේ වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ ප්‍රධාන දේවගැතිවරයා වන ඩේවිඩ් හෝලේ සහ කැන්ටබරි හි අගරදගුරු ජස්ටින් වෙල්බිගේ ප්‍රධානීත්වයෙනි.
පැයකට ආසන්න කාලයක් පැවති රාජකීය අවමංගල උත්සවයෙන් අනතුරුව විනාඩි 2ක ජාතික නිහඬතාවක් පැවැත්වුණි.
ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ මූලිකත්වයෙන් දේහය වෙලින්ටන් ආර්ක් වෙත විශේෂ අවමංගල පෙරහැරක් මගින් රැගෙන යනු ලැබුවේ ඉන් අනතුරුවය.
මේ ගමන පුරා සෑම මිනිත්තුවක් තුළම බිග්බෙන් ඔරලෝසුව නාද කෙරුණු අතර සෑම මිනිත්තුවකට වරක්ම හයිඩ් පාර්ක් හි සිට ආචාර වෙඩිමුර පවත්වනු ලැබීය.

COMMENTS